Thursday, August 8, 2013

මීඩියා වැලිවේරිය

මම සාමාන්‍යයෙන් දෙලොවක් අතර සැරිසරනවා. එක ලෝකයක් තමයි අන්තර්ජාලය. විශේෂයෙන් ෆේස්බුක්. ඒ ලෝකෙ වැඩිපුර ඉන්නෙ රෑට. දවල්ට වැඩිපුර ඉන්නෙ අන්තර්ජාලය මොකද්ද කියලවත් නොදන්න මිනිස්සු එක්ක. මේ අතරමැද තියෙන පත්තර/ටීවී මොකුත් මම බලන්නෙ නැහැ. ඒක නිසා මේ අන්තයන් දෙක අතර තියෙන මහා පරතරය ගැන මට පොඩි අදහසක් තියෙනවා.

මම අද දවසම ගත කෙරුවෙ මිනිස්සු එක්ක. දවසෙම වැඩිපුර කතාවුනේ දේශපාලනය. විශ්වාස කරන්න. එක බල්ලෙක් වැලිවේරිය ගැන කතා කලේ නෑ. ඔක්කොම කතාව දයාසිරි දිනයිද?.... ජොනියගෙ කොල්ල දිනයිද?... රනිල් තමයි රට කෑවෙ... සනත් නිශාන්තට වරෙන්තු කරලලු..... අරව මේවා.
දෙතුන් වතාවක් ඔය හර බර විශ්ලේෂණ කරන උන්ට මම වැලිවේරිය මතක් කලා.
“ඔව්ලු නේද? තුනයි නේද මැරිල තියෙන්නෙ? අනේ මන්දා ඔහොම ගිහිල්ලා... ආ.... දයාසිරිලටත් දැන් ඉතින් ඕවට උත්තර බඳින්න වෙයි. කුම්බලා මාළු කෑවානං....”
කෝකත් මැක්කගෙ කතාව වගේ තමා. අන්තිමට ගිහින් ඉවර වෙන්නෙ දයාසිරියි රනිලුයි ලඟ.

ඇන්කර් කිරිවල වස තියෙනවා නේද කියල එක අම්මණ්ඩි කෙනෙක්ගෙන් අහපුවාම මේකි කියනවා “මොන බොරුද? ලමයින්ගෙ මොලේ වර්ධනය වෙන ඒවා තියෙන්නෙ ඇන්කර් පීඩියා ප්‍රෝ වල විතරනේ..... අනික ලොකු ලොකු ඩොක්ටර්ලා ඕවා හොඳට චෙක් කරලනේ තියෙන්නේ.... අර එක පාරකුත් ආවේ මෙලමයිංද මොනාද තියෙනවා කියලා? කෝ දැං ඒවා?”

තමුංගෙ ඇත්ත ප්‍රස්නයක් වෙනුවෙන් පාරට බැහැපු සාමාන්‍ය මිනිස්සුන්ට බල්ලන්ට වගේ වෙඩි තියන රටක බහුතරයක් මිනිස්සු තමයි මේ.
(මේ ටිකත් කියන්න ඕනෙ. වැලිවේරියෙ ඉන්නෙත් මෙයාලම තමයි. හලාවත වෙඩි තියලා ඇන්ටව අමුවට මරල දාද්දි ඒගොල්ලොත් ඔය මොන මොනව හරි කියෝ කියෝ ඉන්න ඇති. අනික තමයි ලංකාවේ මිනිස්සු ස්වේච්ඡාවෙන් පාරට බහින්නෙ සමාන්‍යයෙන් කෑම/බීම/ඉඩම්/සහනාධාර/අනතුරු/ලමයින්ට ඉස්කෝල වගේ මූලිකම අවශ්‍යතා ටිකට විතරයි. [සෙක්ස් වලට පාරට බහින්නෑ. පිහියෙන් ඇනල මරනවා] මේකෙ සහනාධාරයි, ලමයින්ට ඉස්කෝලයි ඇරුණාම අනික් ටික තිරිසනුන්ට තියෙන අවශ්‍යතා ටිකම තමයි. - ආ... හරක් වෙනුවෙනුත් බහිනවා නෙහ්....?)

ඇත්තටම මොකද්ද මෙතන වෙන්නෙ? අන්තර්ජාලයේ වැලිවේරිය ගැන කතා කරන්නේ වෙන රටක මිනිස්සු ටිකක්ද? (මම කියන්නෙ රංග මස්සිනාගෙ ගැන්සියත් ඇතුළුව. උනුත් ඇලඩීන් තුමා සහ ‘බී..ප්.... බී..ප්’ තුමා සුද්ද කරන්න හරි මේ මාතෘකාව කතා කරනවනේ)

මට හිතෙන්නෙ මේක බරපතළ සන්නිවේදන අර්බුදයක්. සිදුවීම් සහ මිනිස්සු අතර ඉන්නවා ඒජන්තයෝ ටිකක්. ලංකාදීප ඇතුළු පත්තර මුදලාලිලා ටිකකුයි, ස්වර්ණවාහිනී ඇතුළු ටීවී මුදලාලියෝ ටිකකුයි, ෂා එෆ් එම් ඇතුළු රේඩියෝ මුදලාලිලා ටිකකුයි. ඒ මදිවට අම්මා අප්පා උනත් මේකප් දාලා විකුණන්න සැදී පැහැදී ඉන්න ඇඩ්වර්ටීස්මන්ට් කාරයෝ ටිකකුත්.
(ඔන්න ඕක කියද්දි ඉතිං තර්ක විතර්ක ගොඩයි. ඒවත් අවශ්‍යනම් කතා කලෑකි. මම හිතන්නෙ මෙහෙම. දැන්වීම්කරණය කියන්නෙ එකක්. හැබැයි පට්ට බොරු කියලා මිනිස්සු ගොන්නුන්ට අන්දලා කොම්පැණිවලට උන්ගෙ පොකැට්ටුව සුද්දකරගන්න දෙන එක වෙන වැඩක්. මෙන්න මේ සම්මානනීය ඇඩ් එක වගේ.......)
 ******


මුං පොඩි ගැන්සියක්. බොහොම පොඩියි. මෙච්චරක් විතර ඇති. ලංකාවෙ මිනිස්සු කතාකරන්න ඕනෙ දේවල් මුං හරහා තමයි තීරණය වෙන්නෙ. මේක පොඩි ගැන්සියක් හින්දා බී..ප් බී...ප් තුමාලටත් ගේමක් නෑ. වැඩේ ගානට යනවා. වැලිවේරියේ මිනිස්සු දුසිම් බාගයක් බල්ලො වගේ මරල දාද්දිත්, ඊට කිලෝමීටර් පනහකට හැටකට එහා එකා දයාසිරි ගැන කතා කර කර ඉන්නවා. සමහරවිට වැලිවේරියෙ සිද්දිය ඌ නොදන්නවා නෙමේ. නමුත් දැනෙන්නෙ නෑ. ඊට වඩා දැනෙන දේවල් ලයිව් ඇට් එයිට් එකේ කියන නිසා වෙන්න ඇති.

මට නම් හිතෙන්නෙ මේ රට ගොඩගන්න කල යුතු එකම අරගලය ඔය මාධ්‍ය මුදලාලිලා ගැන්සියට කෙළවීම. ඕක තියාගෙන ජ.වි.පෙ කොච්චර පාරෙ කෑගැහුවත් සත පහක වැඩක් නෑ. නිකං පෙට්‍රල් පුච්චනවා මදිවට අවුරුදු පතා එකෙක් දෙන්නෙක් මරා ගන්නවා විතරයි. (අපිත් හිතේ අමාරුව යන්න මේවා ලියලා අපිම බලලා දත්මිටි කාලා නිකං ඉන්නවත් විතරයි එක අතකට)

කරන්න ඕනෙ මොනවද කියලා මම දන්නෙ නෑ. හැබැයි එකක් ස්ථිරව දන්නවා. මේ අන්තර්ජාලය ඇතුලේ කෑ ගහලනං සත පහක වැඩක් නෑ.

මෑතකදී මගේ මිත්‍රයෙක් හොඳ අයිඩියා එකක් දැම්මා. ඔය උඩ දාපු ඇන්කර් ඇඩ් එක හදපු හැටි වීඩියෝ එකකින් ගම්වල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන්නම් මරු නේද කියලා. ඇත්තටම මරු තමා. මේ කිරිසප්පයො ටික ඔක්කොම ඩොට්ටස්ලා කොරන්ඩ හිතාගෙන ගිනි ගණන් දීලා ඔව්වා උස්සගෙන යන අහිංසක මිනිස්සුන්ගෙ ආර්ථිකේටවත් මොකක්හරි සහනයක් වෙයි. මසක් මාංසයකට කියලා හාල්මැස්සො විතරක් කන දුප්පත් මිනිස්සු ඔස්ටියෝපොරෝසිස් වලට බයේ හෙන ගානක් වැඩිපුර ගෙවලා ඇනිලින් උස්සගෙන යන එකවත් නවතියි. මම දන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා ගෙදර ගම් කුකුල්ලු 10ක් 12 ක් හදන. මුං කරන්නෙ සුමානෙක බිත්තර විකුණලා ඇන්කර් පැකට් එකක් උස්සන් එන එක.

ප්‍රශාන්ත වලිසුන්දර සහෝදරයා අද බුකියෙ කිව්වා අන්තර්ජාලය හැමෝටම තිබ්බනං කොච්චර වටිනවද කියලා.

මේ මීඩියා ත්‍රස්තවාදයට පේන්න තියෙන එකම විසඳුම අන්තර්ජාලය තමයි. ඒ  ඊළඟ කඩඉම. ‍කවදා හරි එතෙන්ට එයි. හැබැයි ඒ වෙනකොට මේ රටේ අඩුගානේ මිනිස්සුවත් ඉතුරුවෙලා ඉඳීද කියන එකයි ප්‍රශ්නේ.

30 comments:


  1. අද W3Lanka එකේ තිබුන කොමෙන්ට් එකක්-

    "..ලංකාවේ මාධ්යවේදීන් කියා කොටසක් නොමැත ඉන්නේ එක එක හොර ක්රම වලින් රස්සා ලබාගත් මෝඩ රිපොටර්ලා කොටසක් පමණි..."

    ඒ අනුවම ලංකාවේ මාධ්‍ය ආයතන නැතිබවද පෙනේ. ඇත්තේ ඉහත කී ආකාරයේ පුද්ගලයන් යොදවා බොරුව තොරොම්බල් කරන මුදලාලිලාගේ සහ දේශපාලුවන්ගේ හොර කඩ පෙලකි. Charmi ද කියන ආකාරයට, අවාසනාවකට අපට බඩු ගන්නට තියෙන කඩ ඔක්කොම ඒ සංගමයට අයිති ඒවාය.

    ReplyDelete
  2. මිනිස්සු ප්‍රශ්ණ අමතක කරලා කටට රසට හැපෙන කුණු කරවල ගැන කතා කරන්න කැමතියි...ප්‍රශ්ණ වලට විසදුම් නෑ......දැක්මක් නැති සමාජයක්....

    ReplyDelete
  3. අන්තර්ජාලය නොතිබුන. හැම චැනල් එකේම එකම නිව්ස් එක ගියපු කාළේකත් මිනිස්සුන්ට ආන්ඩු එපා උනා. නමුත් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න සැටලයිට් එක එංගලන්තේ ඉඳන් පාත් උනා. දැන් මිනිස්සු කළකිරිලා ඉන්නේ. යුද්දේ දින්නට. අනෙක් හැම පැත්තෙන්ම ආන්ඩුව ෆේල්. කරුමේ කියන්නේ ඒ විරෝධය එකතු කර ගන්න එකෙක් නැතිවීමයි.

    ReplyDelete
    Replies
    1. ''කරුමේ කියන්නේ ඒ විරෝධය එකතු කර ගන්න එකෙක් නැතිවීමයි.''
      ඇත්තම කතාව....

      Delete
    2. සහතිකයි.

      "දැන් මිනිස්සු කළකිරිලා ඉන්නේ. යුද්දේ දින්නට. අනෙක් හැම පැත්තෙන්ම ආන්ඩුව ෆේල්. කරුමේ කියන්නේ ඒ විරෝධය එකතු කර ගන්න එකෙක් නැතිවීමයි."

      විසඳුමක් ඇත්තෙම නැද්ද?

      Delete
  4. මට නං සන්නිවේදනයේ අවුලක් පේන්නේ නෑ..

    ReplyDelete
  5. පේනවනෙ සමබරව නිව්ස් කියල කැලුම් අමරසිංහට වෙලා තියන දේ?

    ReplyDelete
  6. ලෝකෙ හැම රටක්ම ඔහොම තමයි. ඒකෙ වරදක් කියන්නත් බැහැ. ඒක මනුෂ්‍ය ස්වභාවය. මිනිස්සු කැමැති නැහැ දිගින් දිගට තමන්ගේ ඔළුව වෙහෙසවන්න. වැලිවේරියේ ගැටළුව ගැන කල්පනා කරනවා කියන්නෙ ඔළුව වෙහෙසවීමක්. මොකද තමන් මොකද්ද කරන්න ඕනෑ, තමන් කොතැනද ඉන්න ඕනෑ කියලා තීරණ ගන්න වෙනෙවනෙ. දයාසිරිගේ කේස් එක ඔළුවෙ තියා ගන්න එක ඊට වඩා ලෙහෙසියි. ඒකෙ සීරියස් ලොජික්, ඩිසිෂන් මේකිං නැහැ. ඇමෙරිකාවෙ වුණත් මිනිස්සු පට්ට දේශපාලනේ වෙනුවට කවුරු හරි නිළියක් ඇන්ද ඇඳුමක් ගැන කතා කරනවා. මීඩියාත් ඒවට අමුද්‍රව්‍ය සපයනවා. ඕකට කාටවත් බැනලා වැඩක් නැහැ. මිනිස්සු ඉන්නකල් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. සපුරා එකඟයි.

      එඩ්වර්ඩ් ස්නෝව්ඩන් කියනවා ඇමරිකාවේ රජයෙන් ඒ අයගේ පුද්ගලික මේල්, ටෙලිෆෝන් පණිවිඩ, ෆේස් බුක් සහ එකී මෙකී සියල්ල මොනිටර් කරනවා කියලා. ඒත් ඇමරිකාවේ 99% ජනතාව ඒක ගැන එතරම් උනන්දුවක් නෑ කිසිම ක්‍රියාකාරී විරෝධයකුත් නෑ. ඒ වෙනුවට රෝයල් බේබි ගැනයි, කිම් කාර්ඩෑශියන්ගේ ඉන්ක්‍රෙඩිබල් වේට් ලොස් එක ගැනයි ඒ අය කතා වෙනවා.

      අපේ රටේ සියලුම දේ චලනය වෙන්නේ දේශපාලකයන් වටේ නිසා සහ ලන්කාවේ සෙලිබ්‍රිටිස්ලා කියලා කට්ටියක් නැති නිසා අපේ අය දායාසිරි ගැන කතා වෙනවා. දෙකම එකයි..!

      Delete
    2. එකඟයි.
      නමුත් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටක මිනිස්සු මේ විදියටම දේශපාලනික දහදුරාකම් ඉවසනවා කියලා මම හිතන්නේ නෑ. එහෙම දේවල් සම්බන්ධයෙන් ඒ රටවල මාධ්‍යයත් මෙහේ තරම් නපුංසක විදියට බලවත් පාර්ශවයට පක්ෂපාතී කම් දක්වන්නේ නෑ. ඔවුන් ඒ සම්බන්ධව තුලනාත්මක මාධ්‍ය ආවරණයක් ලබා දෙනවා. එකම දේ ඒ රටවල මිනිස්සුන්ට විනෝදාස්වාදය ලබාදෙන කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන එක. ඒක ආර්ථිකව වාසිසහගත නිසා ඒ මාධ්‍යත් අදාළ අයගේ සියළු ඕපාදූප තළු මරමින් විකාශනය කිරීම. මාලන් කියන්නැහෙ මෙ සියල්ල දේශපාලකයන් වටා භ්‍රමණය වන රූකඩ නිසා ලංකාවේ ජහ මනතාවත් දේශපාලකයො වටේම භ්‍රමණය වෙනවා.

      Delete
  7. ලෝකේ කොහෙත් යහපාලනය සහ සමාජ සාධනීය දේවල් වලට මූලික වෙන්නේ සුළු පිරිසක්. ලෝකයේ මානව හිතවාදීන් සහ බුද්ධිමතුන් බිහිවන්නේ සාපේක්ෂව අඩුවෙන්. නමුත් ඒ සුළු පිරිසගේ මෙහෙයවීම අනුව හරි දේ දැකීමටත් ජනතාවට යම් අවබෝධයක් තිබිය යුතුයි තමයි. අපිට වෙලා තියෙනේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය වගේ දේවල් කිව්වට, මනසින් තාම අපි වැඩවසම්. පාලකයා කියන විදිහට අපි ඉන්න ඕනේ කියන මතය තමයි අඩු වැඩි වශයෙන් මිනිස්සු හිතන්නේ.

    අපිට තියන ලොකුම අවුලක් තමයි හරි හමන් විපක්ෂයක් නැති කම. ජනතාවගෙන් නැගෙන යම් විරෝධයක්, ප්‍රතිඵලදායක ලෙස භාවිතයට ගන්න, විපක්ෂයක් අවශ්‍යයි. ඒ වගේම බලවත් විකල්ප කණ්ඩායම්, මාධ්‍ය කරුවන් අවශ්‍යයි. නමුත් ඒ හැම දේම දියාරු වීම තුල, ජනතා විරෝධයත් මේ වගේ ප්‍රතිඵලයක් නැතුවම වියැකිලා යනවා.

    ReplyDelete
  8. උබ මෙතන මතු කරණ මුලීක කාරණය, ඒ කියන්නේ බිම් මට්ටම සහ සත්‍ය අතර තියෙන ගැප් එක 'මෙච්චරක් විතර' වෙච්ච ඉතා සුළු පිරිසක් විසින් පාලනය කරනවා කියන එකනම් පට්ට ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඕකෙ අනෙක් පැත්තත් බලන්න ඕනැ. ඔය කියන "සුළු පිරිසට" ඕනැ නම් මට චාර්මිට හා මාලන්ටත් රිංගන්න පුළුවන්. සන්නිවේදන තියරියක් තියෙනවා unfocused සිය දෙනකුට වඩා focused දහදෙනෙක් බලවත් කියලා. කොහොමත් ඔය unfocused පිරිස (දයාසිරි ගැන කතාකරන අය) වෙනසකදී තීරණාත්මක බලපෑමක් කරන්නෙ නැහැ. අරාබි වසන්තයට ලක් වූ හැම රටකින්ම වගේ පෙණුනේ ඒ වෙනසට මුල් වුණේ රටේ මුළු ජනගහණයෙන් 10% කටත් අඩු පිරිසක් බව. (10% ටියුනීසියාවෙ, අනෙක් රටවල ඊට අඩුයි.) අවශ්‍ය නම් ඔය සියළු දේවල් අතර ඉතාම සුළු පිරිසකට විප්ලවයක් කරන්න පුළුවන්. චේගුවේරා කළේ ඒක. ජවිපෙට උණත් අවශ්‍ය නම් හරි අවස්ථාවේ කරන්න පුළුවන්. හැබැයි ඉතාම දැඩි කැපවීමකින් හා නිවැරදි ක්‍රියා මාර්ග අනුව.

      Delete
  9. "වසර 2020 අන්තර්ජාලය සැමට!"

    තව වැඩි දුර නෑ. නගරබද අති බහුතරයකට මොබයිල් ෆෝන් තියෙනවා. 3G හෑන්ඩ් සෙට් ලැබුණාම Twitter, FB අල්ල උඩ!

    ReplyDelete
  10. උඹ කියන අන්ත දෙකේ මිනිස්සු මමත් ආශ්‍රය කරනව. උං සමහර විට උඹ කියන එවුන්ට වඩා අඩු-වැඩි දැනුම් මට්ටමක ඉන්න පුළුවන්. ඒත් මහා ලොකු වෙනසක් මට නං පෙනිල නෑ. මට පේන පොදු ලක්ෂනේ තමයි මොන තරම් ප්‍රතිවිරෝධතා තිබුනත් ඡන්ද කාලෙදි,

    $-ෆේස්බුක් යන රට හදන්න කතා කරන එවුන්
    $-ෆේස්බුක් නැතත් හොඳ යයි සම්මත අධ්‍යාපනය ලැබූවන්
    $-ස්වර්ණවාහිනී දිවයින බලන මිනිස්සු

    බහුතරයක් තමුන්ගෙ පෞද්ගලික න්‍යායපත්‍රයක් වෙනුවෙන් කාට හරි කඩේ යනව.

    ReplyDelete
  11. චාමි මම කියන්නෙත් ඒකයි. අපේ රටේ තියෙන්නේ මාධ්‍ය ත්‍රස්තවාදයක්.

    වැරදි මාර්ගයේ යන පාලකයින්ට නිවැරදි මාර්ගය පෙන්නන්න ඕන මාධ්‍යකාරයෝ සල්ලි වලට විකිනිලා. උන් බඩගෝස්තරේ වෙනුවෙන් එහෙම විකිනුනු එකෙන් උන්ගෙම දරුවන්ට හෙට දවසේ ජීවත් වෙන්න රටක් නැති වෙනවා කියලා හිතන්නේ නෑ.

    උන් එක්ක මල පනපු නිසා තමයි මෙහෙම ලිව්වේ . .

    "බොරු ලියන මාධ්‍ය කලාව වේසකමේ යොදවන මාධ්‍යකාරයෝ කියල කියන දීන බල්ලන්ට කියන්නේ . . !

    තමන්ගේ බඩ පුරෝ ගන්නම නෙමෙයි දරුවන්ගේත් බඩවල් පුරවන්න ඕන කමට තොපි ගූ කනවා කියලා හිතාගෙන මේ බොරු ලියනවා ඇති . . .

    ඒත් පාලකයෝ වැරදි කලාම වැරදියි කියලා පාලකයෝ යහමඟට ගන්නවා වෙනුවට උන්ගේ ගූ රෙදි හෝදලා මාධ්‍ය කලාව වේසකමේ යොදවන තොපි නිසා රටේ ඉදිරි පරම්පරාවට සතුටින් සාමෙන් ඉන්න රටක් නැතිවෙන බව හිතපියව්.

    තොපි මේ සුන්දර රට විනාස කරපු පාපෙට තොපිත් එක්ක එකට ඒ ගූ කාපු දරුවොම තොපිට අනාගතයේ කවද හරි දවසක සාපකරයි.

    ඒ වෙනකම් මෙහෙම බොරු කියන තොපිට අපි සාප කරන බව දැන ගනිව්.

    බොරු ලියන තොපේ අත් උරහිස් ලඟින් කැඩිච්චාවේ . . . !

    බොරු ලියන්න හිතන තොපේ හිත් හතරට පැලිච්චාවේ. . . !

    බොරු ලියලා ගන්න සල්ලි වලින් කන තොපේ බඩවල් වලට ලේ පාචනේ හැදිච්චාවේ . . !

    සල්ලි වෙනුවෙන් ගූ කන කාලකන්නි පෙරේතයිනේ . .

    තොපිට මේ රටේ යහපත වෙනුවෙන් කරන්න දෙයක් නැතිනම් වහ ටිකක් කාලා මැරියව් රට විනාස කරන්නේ නැතුව"

    වෙලාවක ගිහින් පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෝලා උබේ අදහසත් ලියලා පලයන්.

    ReplyDelete
  12. චාමි ඔය ලොජික් එකේ පොඩි වැරැද්දක් තියෙනවා. ලංකාවේ ජනගහණයෙන් කී දෙනෙක් ෆේස්බුක් එකවුන්ට් තියෙන මිනිස්සුද? එතනිනුත් සැළකිය යුතු ප්‍රමාණයක් දවසේ වැඩි හරියක් ෆේස්බුක් ලොග් වෙනවා. ඒත් චාමි හිතනවද ඒ හැමෝම වැලිවේරිය ගැන කතා කරනවා කියලා? අඩු තරමේ වැලිවේරියේ වුණු දේ ගැන සවිඥාණිකයි කියලා? ගොඩක් වෙලාවට ඉන්නේ අයි හේට් පොලිටික්ස් කියන මිනිස්සු.
    මම මෙහෙම කියන්නම්. ෆේස්බුක් පොත් කියවන අයගේ ගෲප් එකට එන කවුරු හරි කියන්න පුළුවන් ෂා ලංකාවෙ මිනිස්සු කොච්චර පොත් කියවනවද කියලා. ඒත් එතනට සාන්ද්‍රණය වෙලා ඉන්නේ පොත් කියවන්න ආස කරන පොඩි උප කුලකයකට අයිති එවුන් විතරයි.
    ෆේස්බුක් වගේ මාධ්‍යයක් තියෙනකොට බරපතළ විදියට වාරණයක් ගෙනියන්න බෑ කියන එකට මම එකඟයි. ඒත් ලංකාවේ නෑ ෆේස්බුක් හරහා විප්ලවයක් කරන්න තරම් මිනිස්සු. ඉන්නවා, අතිශය සුළුතරයක්.
    චාමි දන්නවනේ ජෝර්ජ් ඕවල් ගේ 1984 කථාව. ඒකෙ මිනිස්සු හිතන පතන විදිය පවා හෙජමොනියෙන් පාලනය කෙරෙනවා. ඒත් ජෝර්ජ් ඕවල් මෙහෙට ඇවිත් බැලුවොත් පෙනෙයි මෙහේ මිනිස්සු හිතන පතන විදිය පාලනය කරන්න සිස්ටම් එකක් පිහිටුවන්නවත් ආණ්ඩුවට මහන්සි වෙන්න දෙයක් නෑ. ඇ‍යි? දේශපාලනමය වශයෙන් සමාජයීය වශයෙන් කියැවීමක් හෝ සවිඥාණිකත්වයක් මිනිස්සුන්ට නෑ. හැබැයි ඔතන අවුල්ම අවුල් තැන තමයි මේ මිනිස්සු අඟහරු ලෝකෙන් ආපු එවුන් හෝ චාමි සහ මම අඟහරු ලෝකෙන් ආපු එවුන් නෙවෙයි. මම හිතනවා මේ දේවල් මේ විදියට වෙන්න අපෙත් දායකත්වයක් සුළුවට හෝ කොතනකදි හෝ තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. //උබ මෙතන මතු කරණ මුලීක කාරණය, ඒ කියන්නේ බිම් මට්ටම සහ සත්‍ය අතර තියෙන ගැප් එක 'මෙච්චරක් විතර' වෙච්ච ඉතා සුළු පිරිසක් විසින් පාලනය කරනවා කියන එකනම් පට්ට ඇත්ත. //

      මේකට පට්ට එකඟයි.

      // තමුංගෙ ඇත්ත ප්‍රස්නයක් වෙනුවෙන් පාරට බැහැපු සාමාන්‍ය මිනිස්සුන්ට බල්ලන්ට වගේ වෙඩි තියන රටක බහුතරයක් මිනිස්සු තමයි මේ.
      (මේ ටිකත් කියන්න ඕනෙ. වැලිවේරියෙ ඉන්නෙත් මෙයාලම තමයි. හලාවත වෙඩි තියලා ඇන්ටව අමුවට මරල දාද්දි ඒගොල්ලොත් ඔය මොන මොනව හරි කියෝ කියෝ ඉන්න ඇති. අනික තමයි ලංකාවේ මිනිස්සු ස්වේච්ඡාවෙන් පාරට බහින්නෙ සමාන්‍යයෙන් කෑම/බීම/ඉඩම්/සහනාධාර/අනතුරු/ලමයින්ට ඉස්කෝල වගේ මූලිකම අවශ්‍යතා ටිකට විතරයි. [සෙක්ස් වලට පාරට බහින්නෑ. පිහියෙන් ඇනල මරනවා] මේකෙ සහනාධාරයි, ලමයින්ට ඉස්කෝලයි ඇරුණාම අනික් ටික තිරිසනුන්ට තියෙන අවශ්‍යතා ටිකම තමයි. - ආ... හරක් වෙනුවෙනුත් බහිනවා නෙහ්....?)//

      ඇයි මේකට? මේකටත් එකඟයි!!

      Delete
    2. //මම හිතනවා මේ දේවල් මේ විදියට වෙන්න අපෙත් දායකත්වයක් සුළුවට හෝ කොතනකදි හෝ තියෙනවා කියලා.//
      මීඩියාකාරයෙක් විදිහට පැතුම්ට මේ කතන්දරෙ තේරුම් ගිය එක ගැන සිරාවටම සතුටුයි.. ඔය සාමාන්ය ජනතාව දේශපාලනිකව සබුද්ධික නොවෙන කාරණාවට පැතුමලාගෙ ලොකු දායකත්වයක් ලැබෙනවා... සරලවම කිව්වොත් ඒකට හේතුවෙන්නෙ අපි දේශපාලනික මාතුර්කාවකට ආපු ගමන් මිනිස්සුන්ට මලාට නොතේරෙන සමහර වෙලාවකට ඒ කියන එවුන්ටවත් නොතෙරෙනව වගෙ දැනෙන වචන සෙට් එකක් හලාගෙන යනවා... ඊළඟට ලෝකෙ එහා පැත්තෙ කොනක හිටපු එකෙක් කියපු තියරියක් ගෙඩි පිටින් මේ රටේ මිනිස්සුන්ට ඇප්ලයි කරන්ට බලනවා.. ඉතින් ඊට පස්සෙ කියවන අහන මොනම මලදානයක්වත් නොතෙරෙන්ට ගත්තම සාමාන්නිය ජනතාව කියන එකා ඔය සංවාදෙන් එළියට යනව... ඊට පස්සෙ උගෙන් අයි හේට් පොලිටික්ස්, මුන් ඔක්කොම එකයි, වෙන විකල්පයක් නෑ වගෙ බයිලා වැයෙන්ට ගන්නව.. ඒ හින්දා ඇත්තටම ඔය මහජනටාව දේශපාලනිකව සවිඤනික කරන්ට ඕන කමක් තියේ නම් ඒ කාලෙ ඉඳන් අපේ එවුන් කරපු පිටසක්වල් ක්‍රම අත ඇරලා මිනිස්සුන්ට තෙරෙන භාෂාවෙන් සංවාදය පටන් අරන් බලන්න...

      Delete
  13. ලන්කාවේ මිනිස්සුන්ට වඩා හරකුන්ට වටිනාකමක් ලැබෙන්නේ ඇයි..?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වගේද හරක්. උන් කොච්චර වටිනවද.

      Delete
    2. හරක් බුද්ධාගමේ නිසා..

      Delete
    3. මිනිසුන්ට කකුල් දෙකයි. හරක්ට ඒ වගේද...? හතරක්ම තියෙනවනේ.. මිනිසුන්ට තියෙන්නේ කන් විතරයි. හරක්ට ඒ වගේද...? අන් පවා තියෙන තියෙනවනේ.. මිනිස්සු මැරුවට වටිනාකමක් තියෙනවද...? නෑ නේ.. ඒ වගේද මරපු හරකෙකුගේ වටිනාකම...

      ඉතින් තමන්ගේ එකා මරනවට. ඒ අය කැමති නෑ...

      Delete
    4. @ මා - සම්පුර්ණයෙන් එකඟයි.

      Delete
  14. අණට යටවුනු මාධ්‍ය භාවිතයක් තියෙන රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද මන්දා.හැම මාධ්‍යයක්ම පාලනය වෙන්නේ එකම සුක්කානමකින් නම් ඒවා ඔක්කොම යන්නේ එක දිශාවකට නේ.

    ReplyDelete
  15. බ්ලොගට ලොග් වෙන්න බෑ බං,
    කම්මැලියි. ඒ නිසා මම ඇනෝ හරිද.

    සමහර වෙලාවට මට හිතෙනවා බං මට පිස්සුද කියලත්.
    මොකද මේ තරම් තකතීරු මිනිස්සු වෙනුවෙන් අපේ කාලයෙන් තත්පරයක්වත් අපතේ යවන එක අපි අපිටම කරගන්න අපරාධයක්. මොකද අපි කොච්චර කෑගැහුවත් උන්ට ගානක් නෑ. වගේ වගකුත් නෑ. බහුතරය ඉන්නේ අල්ලපුගෙදර එකාට කෙලවිලා ගියත් මට මොකෝ මට මුකුත් වුනේ නෑනේ කියන මානසිකත්වයෙන්. ඒ නිසා වැලිවේරියේ සිදුවීම වුනත් වලිවෙරියෙන් එපිට උන්ට අදාළ වෙන්නේ නෑ.
    ඉතින් අපි මේ පැට්‍රෝල් පුච්චන්නේ බොරුවට.මේ ඉලව් සමානාත්මතාවය ප්‍රජතන්ත්‍රවාදය වගේ උලව් අත ඇරලා දයාසිරිට බීඩියක් සිගරැට්ටුවක් ඇදගෙන ඉන්න එක දාහෙන් සම්පතයි කියලා උඹට හිතුනොත් ඒ ගැන වුනත් මට පුදුමයක් නෑ.

    මොකද මටත් මේ වෙද්දී මේ හුත්තවල් ඔක්කොම එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  16. මෙතන ඔය කියනතරම් මාධ්‍ය වල අවුලක් මම දකින්නෙ නෑ.මොන මිනිහ ලිවුවත් ලියන්නෙ තමන්ට හරියන විදියට.මිනිස්සුන්ට පුවත් යනව.හෑබෑයි ගොඩාක් මිනිස්සුන්ට තියෙන්නෙ අර උඩින්ම තියන මානසිකත්වෙ.අහුගිය මහ මෑතිවරනෙදි ගල්ලෙ 1 මුතුහෙට්ටිගම මාතර 1 සනත් තව උදාහරම ඔන තරම්.මෙකතමයි බහුතරයගෙ මට්ටම.

    ReplyDelete
  17. ඕව ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. සදාරණේ වෙනුවෙන් එකෙක් අඩියක් ඉස්සරහට තියද්දි තව සීයක් අඩි දෙකක් පිටිපස්සට යනව. ඉස්සරහට යන එකා වලපල්ලට යනව. දැන් මිනිස්සුත් නිකන් හෙනයක් ගහපු පොල් ගහක් වගේ. ගහට වැඩකුත් නෑ වත්තට වැඩකුත් නෑ වෙන එකෙකුට වැඩකුත් නෑ.

    ReplyDelete
  18. කිසිම වැඩකට නැති දේශපාලන හුත්තක් ගැන වැලිවේරියක් ගැන කතා කරනවට වඩා දයාසිරියා ගැන කතා කරන එක කොච්චර ධනාත්මකද? උඹලගේ ඔය හුත්තේ සමානාත්මතාව, අසාධාරණය, මාධ්‍ය සදාචාරය කරන්නේ අපිව තව තව සීරියස් හිතන්න පොළඹවලා නැති ප්‍රශ්ණ ඔළුවට දාන එක විතරයි. එහෙම හිතුවහම දයාගේ අලුත් ඇල්බම් එකයි, අලුත් පක්ෂෙයි උඹලට වඩා සිය ගුණයක් හොදයි.

    මටනම් ඔය මෙලෝ හුත්තක් වැඩක් නෑ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ෆන් එකේ ඉන්නවා.

    ReplyDelete