Saturday, March 23, 2013

ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්)



පළමු චරිතය   - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියකි.

දෙවන චරිතය - චානුක (එහෙම කියමු). මම දන්නා කියන එකෙකි. රස්සාව සේල්ස් රෙප්. විවාහකයි. දරුවො දෙන්නෙක් සිටී.

තෙවන චරිතය- මහේෂි. චානුකගේ බිරිඳ. කියන්නට තරම් කැතක් නැත. තරමක් තරබාරුය. පොඩ්ඩක් කට සැරය.

සිව්වන චරිතය- සමුද්‍රා. අවිවාහකය. දැනට වසර හතක් පමණ තිස්සේ මැදපෙරදිග රටක ගෘහසේවිකාවක ලෙස සේවය කරයි. මේ අතරතුර එක්වරක් ලංකාවට පැමිණි අතර නැවත මසකින් විදේශගත විය. එසේ දෙවනවර විදේශගතවී දැනට වසර හතරකට ආසන්නය.

පළමු සිදුවීම
චානුකයා ටෙක්ලා සමග ගෙස්ට් හවුසියක සිටියදී මහේෂි අතටම අල්ලාගත්තාය. ඒ අවුරුද්දක හමාරක පමණ සිට චානුකයාගේ සැක සහිත හැසිරීම් ගැන මහේෂි හොඳ අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඔත්තුව තිතටම ලැබුණි. ටෙක්ලා දෙස රවා බැලීමක් පමණක් කල මහේෂි එතැනදීම චානුකයාගේ කණට ගැහුවේය. ගෙදරදී දෙන්නා මොනවා කරගත්තාදැයි නොදනිමි.  එහෙත් සතියකට පමණ පසු දෙන්නත් එක්ක බයික් එකේ කුඩා දරුවාට බෙහෙත් ගෙනෙන්නට යනු මට හමුවිය.

දෙවන සිදුවීම
පොලිසියෙන් චානුකයා සොයා ආවේය. ඒ මහේෂිට බරපතළ ලෙස පහර දුන් බවට ඇය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ඇය චානුකගෙන් දික්කසාද වන බව පවසයි. සිදුවීමට දැනට මාස දෙකකි. මහේෂි තාමත් සිටින්නේ මහගෙදරය.

සිද්දියට මුල සමුද්‍රා විසින් එවන ලද SMS එකකි. ඒ ගැන චානුකයා කියන්නේ මෙසේය.

“මුන්ට  පිස්සු බං.... මේ නිකං එස්.එම්.එස් එකකට.... ඒකෙ අන්තිමට තිබ්බා ‘ලෝකෙ කොහෙ හිටියත් ඔයාව අමතක වෙන්නෑ’ කියලා..... ඔන්න ඔය පොඩ්ඩට... සමුද්‍රා පොඩි කලෙ ඉඳන්ම මං දන්නවා.... ඒකි යාලුවෙක්... එච්චරයි. ඔය රට ගිය අලුත හදිස්සියේ මෙහෙට සල්ලි වගයක් හෙම එවන්ඩ ඕනෙ වෙලා මට කෝල් කලාම මං උදව්කලා..... ඊට පස්සෙත් ඉල්ලපු පොඩි පොඩි උදව් මං කරලා තියෙනවා....  සමුද්‍රා මාසෙකට සැරයක් වත් මට එස්.එම්.එස් එකක් වත් ගහලා විස්තර අහනවා.... කියන්නෙ බං දරුපැටව් සනීපෙන්ද? මහේෂි හොඳින්ද? ජොබ කොහොමද... ඔව්වා.... බලපංකො.....?

මං මහේෂි ගැන දන්න හින්දා ඔය එස්.එම්.එස් කියෝපු ගමන් මකනවා.... මේක ඇවිත් තියෙන්නෙ ගෙදර ඉද්දි... ඕපන් කරලා තියෙන්නෙ එයාමයි.... මේකි එකපාරට පටන් ගත්තෙ නැද්ද?

මං පැහැදිලි කරලා දුන්නා.... පිලිගත්තෙ නෑ... ඒගමන සමුද්‍රාට කෝල් එකක් අරන් දුන්නා... මුං දෙන්නා පැය කාලක් විතර හොඳට කතා කලා.... යකෝ කෝල් එක කට්කරලා විනාඩි පහකින් ආයෙ පටන් ගත්තෙ නැතෑ.... මං පුලුවන් තරම් ඉවසුවා... ඒ ටිකේ කියල වැඩක් නෑ.... ගෙදර උයන්නෑ... විසිහතර පැයම මට බලු විදිහට බණිනවා... දරුවෙක් අඬන්න ගත්තොත් මගෙන් පලිගන්න අඬන්න දීල බලං ඉන්නවා... දරුවන්ට පොඩ්ඩ බැරිවෙද්දි ගහනවා.... මහගෙදර උන්ට කතාකරලා මං ගැන කියනවා...

ඔය අතරෙ මේකි සමුද්‍රාලගෙ ගෙදරටත් කතා කරලා බලු විදිහට බැනලා.... ඕක ආරංචි වෙලා ඇවිත් මේකිගෙන් අහපුවාම ආවෙ නැද්ද යකින්නක් වගේ.... මොනව උනාද මන්දා බං... මං මොකකින් ගැහුවද මතකත් නෑ... ටිකකින් බලද්දි මේකි බිම.....!

මේකිට තියෙන්නෙ මානසික ලෙඩක් බං.... මේකි කියන්නෙ මායි සමුද්‍රායි අතරේ හෙන සම්බන්ධයක් තියෙනවලු.... ඇයි යකෝ... අවුරුදු හතක් තිස්සේ රට ඉන්න එකියක් එක්ක මට කොරන්ඩ පුලුවන් සම්බන්දෙ මොකද්ද කියහංකො..? අඩුගානෙ අතකින් අල්ලන්ඩ පුලුවන්ද? ....... මට නං මේකිව එපාම වෙලා මචං... දරුපැටව් දෙන්නම මං ගන්නවා.... මටත් දික්කසාදෙ ඕනෙ........”
------------------------------------------------------------------

(දැන් ආපහු පලවෙනි සිදුවීමත් ටිකක් මතක් කරගන්න)

ඔය සිද්දි දෙක මේ හදිස්සියේ මතක්වුනේ මේ දවස්වල නැගලා යන ඉන්දියන් විරෝධය දැකලා.

ඇයි යකෝ.... ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගෙනාවෙ ඇමෙරිකාව. ඉන්දියාව කලේ කොහොමත් දිනන යෝජනාවකට පක්ෂව චන්දය දීම. දැන් අපේ උන් මරාගෙන කන්ඩ හදන්නේ අච්චර බරපතළ(?)  චෝදනා ගෙනාපු ඇමෙරිකාව නෙමෙයි. පැත්තක ඉඳන් චන්දෙ දීපු ඉන්දියාව.

මේවා බලං ඉන්න අයට පේන්න පුළුවන් මේ තත්වය ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ බරපතළ දේශපාලන මෙව්වා එකක් විදිහට.

මොන දේශපාලනද හලෝ...? චානුකයා කියන විදිහට මේවා මානසික ප්‍රශ්න...!!

16 comments:

  1. මා දන්නා දේශපාලනයක් නැත කියා ඇනෝලාට කියන්නට ඉඩ නොදී දේශපාලනය ගැන නොව මෙතන තියෙන සෝෂල් කේස් එක ගැන මගේ අදහස නම් මෙසේය.

    ටෙක්ලා එක්ක චානුක ගේ ඇත්තේ පොඩි කැෂුවල් ගනුදෙනුවක් බව මහග්ෂි දනී. ගෙදර සීනි නැති දවසක වැඩට යන ගමන් කඩෙන් තේ එකක් බීම වැනි කේස් එකකි.

    සමුද්‍රා සීන් එක එසේ නොවේ. අතින් අල්ළන්නේත් ණැතුව, සත්සමුදූින් එහා අවුරුදු හතක් යන කේස් එක අළු යට ගිණිපුපුරු සිහිකරවයි. ඇවිලුණොත් බඩුම බව මහේෂී දනී. සමුද්‍රාට සල්ලි ඇති නිසා වැඩේ තවත් සිරා ය.

    දේශපාලන කේස් එක ගැන කතාකිරීම ඇනෝලාට බාර කරමි. ඔහු ඒ දනිති!

    ReplyDelete
    Replies
    1. දේශපාලන කේස් එකටත් ඔය පැහැදිළි කිරීමම ප්‍රමාණවත්ය.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සමුද්‍රාට ලෙඩක් ඇදිය නොහැකිය. සමුද්‍රා ඉන්නේ සත් සමුදයෙන් එහා බැවිනි. අනෙක කතා සඳහන් කලාක් මෙන් සමුද්‍රා ආර්ථික අතින් ශක්තිමතය. එම හේතුවෙන්ම ඇය බලවත්ය. එමෙනම් ටෙක්ලාටද කොක්කක් අඳිනා බවක් නොපෙනේ. ඒ ටෙක්ලා කාගේත් සුන්දරිය වන බැවිනි. මෙහි වරද ඇත්තේ චානුක අතය, හොරා කෑම නිසි ලෙස කළමණාකර ගත්තේ නම් මහේෂී සමග කිසි අවුලක් නැතිව කසාදය දිගටම ගෙනයා හැක. එසේ නොවන්නේ නම් දික්කසාදයකින් වුවද කෙලවර විය හැක. එවන් වාතාවරණයකදි, ටෙක්ලා මෙන්ම සමුද්‍රාද ගනුයේ මහේෂීගේ පැත්තයි. ඒ කාන්තා විමුක්තිය වෙනුවෙන්ය. මේ සියල්ල චානුකගේ වැරදිය.

    ReplyDelete
  4. සමුද්‍රා කරන්නේ ද්වේශ සහගත පාලනයක්.

    අරූ මහේෂි හිටිය රටේ සිතියම දිහා බලන් මොනව හරි කලාද දන්නෙත් නැහැ බං !

    ReplyDelete
  5. ලොක්කා හෙඩින් කොපි කිරීම වැරදිය. කොපියකටත් කොපි රයිට් තිබේ. ඇමරිකාවේ අම්මට එන්න කියාපිය කියා මගුලක් මමත් ලියන්නට හිතා උන්නෙමි. ඒකෙ ට්‍රේලර් එක බුකි ගත කරන ලදී. ඔන්න ඔහේ ඕනෙත් නැහැ. වෙන වැඩ නැතැයි අපිට. දොරමඩලාව ගැනවත් ලියමු.

    කෙසේ වෙතත් මාතෘකාවට ආවොත්;

    මෙතන සීන් එක යහපත් ප්‍රවණතාවයකි.මටත් මේක කතාවකින් කිව හැක.

    පසුබිම් කතාව ගත්තොත් දැන් ඔය චාමි ලාගේ සාවියේ ඉන්න කසිප්පු සෝමේ අයියාට [අපේ පැතිවල නැහැනේ ඉතින්] ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ නිසි බලධාරියා වූ කාලෝ ෆොන්සේකා මහතා බලගතු අණක් දී තිබේ. කසියා ගැසීමෙන් ලිවර් එක පීකුදු වන නිසා කසියා බෝතල් වල එවැනි ලිවර් එකක පින්තුරයක් ගහන ලෙසයි. මේකේ ලොකුම ඇණය නම කසිප්පු සෝමෙට ලිවර් ඒකෙ පින්තුරයක් නැතිවීමයි. ඒ මදිවට ප්‍රින්ට් කර බෝතලේ ගහන්නත් එපයි. සමහර වෙලාවට බෝතල් සපයා ගන්නේත් ටැම්පරි නේ. ලේබල් රෙඩිමේඩ් තියෙන්න ඕනය. මෙම කටයුත්ත කරනවද බලන්නට පැවරෙන්නේ පළාතේ සුරාබදු බුවාටය.

    ඉතින් මේකට මල පනින කසිප්පු සෝමේ කාලෝ ට ඉනිශියල් එකක් දමාගෙන බනියි. හැමදාම ඕක කරයි. මෙහි පලක් ඇද්ද? කාලොට මේක ඇහෙන්නෙවත් නැහැ. කාලෝ එන්නෙත් නැහැනේ ඔහේ. සෝමේ හා කාලෝ හමුවක් සංවිධානය කරන්න හසන්තටත් බැහැ. ඉතින් ඔහේ බුරා පනින එකේ පලක් තිබේද?

    හැබැයි දවසක් ලේබල් බලන්න ආපු සුරාබද්දාට සෝමේ බැන්නේය. කාලොට බනිනවාට වඩා මේක අර්ථවත් දෙයකි. අවශ්‍ය නම් දෙන්නට ගහ ගන්නත් පුළුවන. සුරා බද්දාටත් යමක් කීමට සිදුවේ. සමහර විට ඒ තුලින් සෝමේ ඊළඟ වෙසක් එකට දන්සලක් වගේ දෙයක් දී දැහැමි වෙන්නත් පුළුවන.

    එහෙත් බැනුමක් ලබන්නට සුරා බද්දා කල මගුලක් නැති. ආණ්ඩුවේ නිලමක්කාර කාලෝ විසින් එවූ අණක් නීති ප්‍රකාරව ක්‍රියාත්මක කළා පමණි.

    නොහඳුනනා එකාලාට ඇහෙන්නේ නැති වෙන්න බනිනවාට වඩා ළඟ ඉන්න එකාට ඇහෙන්න බැනීම වටි. බනින්න හේතුවක් අත්‍යාවශ්‍ය නැත.

    ReplyDelete
  6. ද්වි පාර්ශික මෙව්ව මොකුත් නෑ , මොකද ඉන්දියන් විරෝධයේ ඉන්නේ ප්‍රධාන චරිත නෙවෙයි , අහක යන උන්.

    ReplyDelete
  7. කෙස් එක තියෙන්නේ මේ දවස්වල සමුද්‍රා චනුකයාගේ ආර්ථිකේ ශක්ත්මත් කොරන්න් කියකිය හෝ ගාලා ණයට දෙන එකනේ. රට්ටුනම් කියන්නේ චනුකයාගේ "රිමෝට්" එක සමුද්‍රා ගේ අතේ කියල. කවුද දෙය්යනේ කැමැති තමුන්ගේ මිනිහගේ "රිමෝට්" එක වෙන ගැනියෙකුට දෙන්න.

    හැබැයි මෙතන වැඩේ කියන්නේ චනුකයාගේ කැරැට්ටුව හොද නැ කියල ගම ගිනි තියන්නේ ටෙක්ලාම තමා.මහේෂිත් දුම්මල වරම අරන් තියෙන්නේ ටෙක්ලාගේ කේලම් අහල. මමත් කියන්නේ වරද චනුකයාගේම තමා ගැනු ගොඩක් එක්ක ගේම් ගානකොට අඩුම ගානේ කොපුවක් දන්න තරම්වත් පරිස්සම් වෙන්න ඕනේ.

    අනිතිමට ඉතින් හැමදාම වගේ තැලෙන්නේ පොඩිඋන් ටික තාම.පවු උන් (අපි පවු!)

    ප.ලි.

    පහුගිය දවසක'අම්බානක දේශ හිතයිෂයෙක් කියල තිබුන ඉන්දියානු සබ්බන්දතා වලට තිත තියල රවුන්කරලා ඇනයක් ගහන්න ඕන කියල අනේ මන්ද?

    ReplyDelete
  8. නෑ ඉතින් ඉන්දියාවත් අපි එක්කම ඔය ටොපිය කාපු උන් නේ. උනුත් එක්ක සටන් කරන්න හමුදාවත් මෙහෙට බස්සලා (ඒ කාලේ කරපු දේවල් ඒ කට්ටියම දන්නව ඇතිනේ ) දැන් නිකම් මෙයාල නාකයි කියන එක හින්ද තමා ඉන්දියාව දැන් පොදු සතුර වෙන්නේ. අනික ඇමරිකාව කොහොමත් අපිට කෙලවන්න ට්‍රයි කරපු එකනේ කරේ. ආ... තවත් එකක්, හාමුදුරු දෙනමකට ගහල කීර්තිනාමය තව වැඩි කරගත්තනේ.

    ReplyDelete
  9. අල්ලපු අත්තත්, පයගපු අත්තත්, දෙකම නැතුව හෙට අනිද්දට රිඹේන් යන්න වුනාම සනීප වෙයි කාගේ කාගේත් අමාරුව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  10. මෙහෙමත් උනේ නෑ..? :D

    "මුන්ට පිස්සු බන් චාර්මි... ඒක නෙමේ දැන් උඹ ඇයි මේ හදිසියේ ආවේ ඒක අහන්නත් අමතක උනා... "

    "නෑ උඹ ගියසතියේ ටවුන් එකේදී අර ඩිලිවරි වෑන් එකේ කේස් එකක් වෙලා මම සල්ලි වගයක් දුන්නේ... උඹ කිව්වේ පහුවදා දෙන්නං කියලා... පොඩි එකාගේ ඉස්කෝලේට ලබන සතියේ දෙන්න තියාගෙන හිටපු සල්ලි මචං..."

    "සික් ඒක නේන්නං... කොහෙද මේ ප්‍රශ්න අස්සේ ඒකත් අමතක උනා... සේල්ස් ගියේ නෑනේ බන් මේ මගුල ඇවිලුන දා ඉඳන්ම... උඹ අනිද්දා විතර වරෙන් මම මොනවා හරි කරන්න බලන්නං..."

    ReplyDelete
  11. ටෙක්ලා සමග පැටලීමට මහේෂිට නොහැකිය ... වුවොත් නොන්ඩි වෙන්නේ ඇය මය .
    සමුද්‍රා සමග වුවද සම්බන්දය සුහදය. ඇය සැමියාට වුවද රිදවන්නේ , හයක් හතරක් නොදන්නා දරුවෙකුගේ තට්ටම කොනිත්තා අඬ වීමෙනි .

    හැබැයි ඉතින් වතුර නටනකන් කකුළුවෝ නම් ජොලියේ නාතී ...එහෙම වැඩත් වෙනවාය . අනාවැකියක් නොව හිතේ බයට ලියවුනි

    ReplyDelete
  12. indiyawa nam wedak nee...shit...

    ReplyDelete
  13. මෙහෙම වුණොත්?

    චානුක මහේෂිට නිතරම හින්ට් ගහනවා. සුළු කොට තකනවා. මහේෂි පල්ලි යනවට හිනා වෙනවා. කොටිම්ම මහේෂිගේ දකින්නෙම වැරදි විතරයි. මේක දකින ටෙක්ලා (එයා ප්‍රොෆෙෂනල් නේ) චානුකට හොඳ හිතින් පොඩි අඩ්වයිස් පාරක් දෙනවා. චානුකයට එව්වයින් වැඩක් නැහැ, ඌට දැනෙන එකම දේ මේ ප්‍රශ්නේ හරහා ටෙක්ලා ඌ එක්ක කතා කිරීම. ඌ බලන්නේ ප්‍රශ්නේ පිටින් තියල ටෙක්ලාගෙන් පොඩි ආතල් එකක් ගන්න.

    මේ අස්සේ සමුද්‍රා සීන් එකට එන්ටර් වෙනවා. අන්තිමට මහේෂි සමුද්‍රට බණිනවා, චානුක ටෙක්ලට බණිනවා (ටෙක්ලාගේ අම්මට එන්න කියාපිය). හැබැයි තාමත් චානුක මහේෂිටත් මදිපුංචි කම් කරනවා..

    ReplyDelete