Thursday, February 14, 2013

දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!)

උපුටාගැනීම - https://www.facebook.com/sihaseriyaforce


පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!!

ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ.

ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, චාම් සැබෑ සිංහල බෞද්ධ යුවතියක්ද? තවත් පසුතැවෙන්න එපා. එන්න මා වෙතට......! ඔබේ පින්වත් සිහින කුමරිය ඓතිහාසික වයඹ පළාත තුලින් වගකීමක් සහිතව මා සොයාදෙමි.

ඉහත කතාව අපට කියන තරුණ දරුවා මෙන් ඔබ අසරණ නොවන බවට සහතික වෙමි.

අපි මුලින්ම මනාලිය බලන්න යන අවස්ථාවේදී ඉහත තරුණයා මුහුණ දුන් අත්දැකීමට ඔබට මුහුණදීමට කිසිසේත්ම සිදු නොවේ. මුලින්ම ඔබ ඇතුළු පිරිස ඉතා සාදරයෙන් පිළිගෙන නිවස තුල ඇති 100% ශ්‍රීලාංකික ‘දම්රෝ’ ප්ලාස්ටික් පුටුවල (මෙම පුටු මෙතෙක් හලාල් සහතිකය ලබා නැත) සුවපහසුව අසුන් ගන්වනවා ඇත. (මෙම පුටු වර්ණ කිහිපයකින් තිබීම ගැන කලබල ‍නොවන්න. නිවසේ ඇති පුටු දෙකට අමතරව අවශ්‍ය  පුටු දෙක තුන බැගින් අසල්වැසි නිවෙස්වලින් ගෙන ඒමේදී මෙය සිදුවේ. බලන්න සිංහල සහජීවනය?) ඉන් අනතුරුව ඉහත තරුණයාට මෙන් ඔබ පිරිසට කේක් සමග බීම අල්ලන්නේ නැත. (පරදේසක්කාර හැතිකරය විසින් අපට පුරුදු කල හලාල් කෝඩියල් තියා, ඒවා සකස් කිරීමට අවශ්‍ය සුද්දාගේ ශීතකරණයවත් මේ මිනිසුන් නිවෙස්වලට මෙතෙක් වද්දාගෙන නැත.) ඒ වෙනුවට ඔබට ඉතා රසවත් දේශීය අළුවා කැබැල්ලක් හෝ මෑතකදී හලාල් සහතිකය තූ කියා ඉරා විසිකල වීරෝධාර මැලිබන් ලෙමන් පෆ් විස්කෝතුවක රස බැලීමට ලැබෙනු ඇත. රණවරා නම් ලැබේදැයි ෂුවර් නැති මුත් මදක් සීනි වැඩි වටවල කහට තේ කෝප්පයක් නම් ලැබෙනු ඇත.

දිවා ආහාරය ගැන නම් කලින් කිව නොහැකිය. මන්ද සිදාදියේ සිට ඔබ එනබව කල්තියා දැනුම් දී ඇති හෙයින් ඔබ කැමති යයි ඔවුන් සිතන කෑම බීම විශේෂයෙන් සකස් කරන්නට ඉඩ ඇති බැවිනි. නමුත් ඔවුනගේ සාමාන්‍ය කෑමවේල  ඉතා චාම් සහ 100%  දේශීය බව සහතික කරමි.  හලාල් කුකුල්මස් හෝ හරක්මස් කිසිදා ඔවුන්ගේ නිවසට වැද්ද ගන්නේ නැත. ඒ වෙනුවට සාලයා කරවල හෝ සමෘද්ධි මුද්දරේට දෙන හාල්මැස්සන් වැනි හලාල් රහිත මාංශ පමණක් අනුභව කරති. ඒවාද මසකට දින හත අටක් පමණි. පොලොස් ඇඹුල, අඟුණකොල මැල්ලුම, කොස් දෙල්, බතල, මයියොක්කා වැනි ඔබ අගය කරන ආහාර ඔවුන් දිනපතා ගනිති. ඇතැම් විට දින කිහිපයක් වේල පිරිමසා ගන්නේද ඔවැනි අගනා ආහාරවලිනි. 100% ක් දේශීය ව්‍යාංජනයක් වන සම්බෝල සමග බත් වලින් පමණක් වේල් බරගානක්ම පිරිමසා ගනිති.  මා ඔබේ මනාලිය සොයා දෙන්නට යන්නේ එවැනි අගනා පින්බර පවුලකිනි.

මෙම තරුණියන් ගැන කියන්නේ නම් ඔවුන් කිසිසේත්ම ඊනියා බටහිර සංස්කෘතියෙන් සංකර වූවන් නොවේ. සාමාන්‍ය ගෙදර දොරදී ටීෂර්ට්/ත්‍රීක්වාටර් වැනි අසංවර ඇඳුම් වෙනුවට ඔවුන් අඳින්නේ චීත්ත ගවුම් වැනි ශරීරයේ අඟපසඟ හොඳට වැසෙන ඇඳුම්ය. ගමනක් බිමනක් යන විටදීත් තරමක් දිග සායක් සහ ඇඟ වැසෙන බ්ලවුසයක් අඳී. ජින්ස් වැනි සංකර ඇඳුම් හෝ සාරියක් වැනි පර ඉන්දියානුවන්ගේ ඇඳුමක් මෙම ඇතැම් තරුණියන් ජීවිතේටම ඇඳ නැත. එමෙන්ම තොල් රතු කිරීම, නිය පාට කිරීම, සමේ රෝම ඉවත්කිරීම, ඇහි බැම සැකසීම වැනි බටහිර විච්චූරණ කිසිදිනෙක කර නැත. ඒ තියා ආර්තව දිනවලදී අරුංගේ විස පොවපු සනීපාරක්ෂක තුවාවත් බොහෝවිට පාවිච්චි නොකරයි.

මෙම පින්වත් තරුණියෝ නිවෙස්වල නිකරුණේ කාලය ගත නොකරති.  බොහෝ තරුණියෝ තම ශ්‍රමයෙන් ගාමන්ට් එකක හෝ වැඩකොට අප පෙම්බර මව්බිමට විදේශ විණිමය අද්දවා දෙති. රැකියාවක් නොකරන යුවතියෝද දවස පුරා නියැලෙන්නේ ගව සම්පත දිගේලි කිරීම, අරාබි ගෑස් වෙනුවට දේශීය දර එක්රැස් කිරීම, හේන් උදළුගෑම, මැටි වලන් සේදීම,  එළුවන් රැකබලාගැනීම වැනි දහසකුත් එකක් දේශීය කටයුතු වලය.

මා විසින් ඔබට හඳුන්වා දෙන්නට යන තරුණියන්ගේ අගනා චරිතය ගැනද මා ඔබට සහතික වෙමි. නොදන්නා පිටස්තරයෙක් නිවසට පැමිණි විට හායි හූයි ඇයි මොකෝ කියාගෙන කට බලියාගෙන ඉස්සරහට නොඑන ඔවුන් බහුතරයක් අමුත්තෙක් දුටු වහාම නිවස පිටුපසට දුව ගොස් වැඩිහිටියෙක් ඉදිරියට එවති. බලන්න අපේ නියම බෞද්ධ හැදියාව?

එමෙන්ම ඔවුන් කතාබහ කරන්නේ 100%ක් පිරිසිදු සිංහලෙනි.  කතාබහ අතරතුර හඩු ඉංගිරිසි වදන් කවදාවත් භාවිතා නොකරයි. හිත දූෂ්‍ය කරන ඉංගිරිසි චිත්‍රපටි කවදාවත් බලා නැති අතර ඉංග්‍රීසි ගීත වාදනය වන තැනකවත් ඉන්නේ නැත. ෆේස්බුක් තබා කිසිදු දිනෙක කොම්පියුටරයකට අතක්වත් තබා නැති බවද සහතික වෙමි.

මෙහෙම ලියාගෙන යනවානම් මාගලක් පිරෙන්නට තරම් වුවත් මෙම පින්බර යුවතියන්ගේ රුව ගුණ ගැන ලියන්නට මට පුළුවන. ඒත් මේ ඊට අවස්ථාව නොවේ. ඔබම පැමිණ දැක බලාගෙන කරකාර බැඳගෙන තේරුම්ගන්න.

මා සාමාන්‍ය මගුල් කපුවෙකු නොවේ. එබැවින් මගේ මතු ආරක්ෂාව පිණිස මෙම යුවතියන්ගේ පවතින ඉතා සුළු අඩුපාඩු දෙකතුනක්ද සඳහන් කරමි.
මුහුණ සුළු වශයෙන් අව්වට පිළිස්සී තිබීමට පුළුවන.
දෑත් ගොරහැඩිවීමට සහ පුංචි කරගැටයක් දෙකක්ද තිබිය හැකිය.
අත්ලේ පහලට වෙන්න සහ නියපොතුවල වලං දැලි රැඳී තිබිය හැකි බව සලකන්න.
දෙපා වල ඇඟිලි මදක් ඉහිරී තිබිය හැකි අතර දෑත් දෙපා වල සුළු වශයෙන් නහර මතුව තිබේ.
සම අවපැහැ වී තිබිය හැකිය.
මුහුණේ සහ දෑත්/පාද වල රෝම තිබිය හැකි බව සලකන්න.
සමීප වන විට මද දහඩිය ගඳක් හැමීමට හැකියාව පවතී.
හිසකෙස් අග පිපිරී ඇතිවා මෙන්ම උකුණෙක් දෙන්නෙක්ද සිටීමට හැකිය.

නමුත් මේවා ඔබ වැනි දේශප්‍රේමියෙක් කිසිසේත්ම ගණන් නොගන්නා බව දනිමි. ඔබ නැවත යාමට අපේක්ෂා කරන පැරකුම් දුටුගැමුණු යුගයේ සබන්,  සනීපාරක්ෂක තුවා, ඩියෝඩරන්ට්  වැනි පරදේසක්කාරයින්ගේ විච්චූරණ නොතිබූ බැවින් මෙවන් කාන්තාවක් සරණ පාවා ගැනීමෙන් ඔබට එදා හෙළ යුගය වෙත පහසුවෙන් නැවත ගමන් කල හැකිවනු ඇත.
එසේනම් එන්න වීර පුතුනි, මේ සේවාව ඔබ වෙනුවෙන්මයි.
(ආහ්... දරුවො? බයවෙන්ඩ එපා. පාන නිව්වාට පසු මීක් කියන්නෙ නැත. අවශ්‍ය තරම් හදාගන්න. මයෙ මොකෝ)
-------------------------------------------------
ප/ලි - මේ මගුල ලියලා උදේ හවා මුලිච්චිවෙන, ආශ්‍රය කරන, දුක සැප බෙදාගන්න මගේ උන්ට අපහාස කලා නොවේ. ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.

55 comments:

  1. ඇත්තටම මානසික අවුලක් තමයි

    ReplyDelete
  2. චාමි පහුගිය ටිකේ ෆේස්බුක් එකේම දවස ගත කරලා වගේ... හි හි...

    සිංහල බෞද්ධ ගැමිකම ගැන නම් මම දන්නේ නෑ.. ඒත් ඉතිං වැඩි හරියක් අපේ ගෑණු ළමයි ජින්ස් ඇඳලා එළිපහළියට බැස්සට රෙදි ටික හෝදන්නේ සන්ලයිට් ගාලා අත් දෙක කැඩෙනකම් අතුල්ලලා... ඒක නිසා උන්ගේ අත් ගොරෝසුයි තමයි.... ඔය මිනි ස්කර්ට් අඳින්න ආසාව තිබ්බත් නැති කමට චීත්ත ගවුම් අඳින උනුත් ඉන්නවා තමයි... පවුඩර් ටිකක් ගාලා එළියට බැස්සට, ඊට කලින් හීල්බත් ටිකක් බඩට දාගන්න එවුන් නැතුව නෙවෙයි... ඒකෙන් කියන්‌ෙන් නෑ උන් මෝඩයි කියලා.. සල්ලි තියෙන එකා මිනි ස්කර්ට් ගනියි.. නැති එකා චීත්ත ගවුමක් අඳියි...

    ReplyDelete
  3. හිකිස්.. ජාත්‍යාලී, දේශප්‍රේමී සේවාවක්..

    බලපං කොනක ආන්ඩුපක්ෂ පොරක් ඉන්නවද කියල..

    ජය !

    ReplyDelete
  4. අදහස් ගෙට්ටුව ලග

    ReplyDelete
  5. හොඳම විහිළුවක්.. ඒකට සරිලන පට්ට සිරා උත්තරයක්...

    මෙහෙම උන්ව ඉස්සරවෙලා දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන... :D :D :D

    ReplyDelete
  6. @ Charmi
    //ප/ලි - මේ මගුල ලියලා උදේ හවා මුලිච්චිවෙන, ආශ්‍රය කරන, දුක සැප බෙදාගන්න මගේ උන්ට අපහාස කලා නොවේ. ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි//

    සැටිපිකේට් ඇත්ත මචං....

    ReplyDelete
  7. වී බිස්සේ තියෙන වී ඇටේ ඒකේ ඇතුලේ තියෙනකන් පැල වෙන්නේ නෑ..ඒත් එක එලියට අරං දැම්මොත් පැල වෙනවා...

    අපේ ඔය කියන අව්‍යාජ සිංහල ගැමි තරුනියටත්...ඒ වගේ කෙල්ලො හොයන කොල්ලන්ටත් අදාල එක්පෝශර් එක ලැබුනු ගමන් ඔය කියන අදහස් වෙනස් වෙනවා..

    ReplyDelete
  8. මං උඹේ නියෝජිතය වෙන්නං අපේ පලාතෙ.

    ReplyDelete
  9. පිස්සු හැදෙනවා චාමියෝ . . .

    ReplyDelete
  10. මේක කියෝලා මට ඇඩුනා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ඕවා මොනවද.. මෙන්න කෙල්ලො. හතර පැත්තෙන්ම හිනා යනවා.

    https://www.facebook.com/photo.php?fbid=423558867720714&set=a.304203129656289.72251.289518171124785&type=1&theater

    ReplyDelete
    Replies
    1. මේ අර දෙනෙත් හරින්න ලියන කොලු පැංචට සෙට් උන බඩුව ගැන වෙන්න ඇති කියන්නෙ.

      Delete
  12. ඔය මනමාල අපේක්ෂකයා යටට අමුඩයක් අඳිනවා ඇති.

    ReplyDelete
  13. මට නම් අම්බානට මල පැන්නේ මෙන්න මේ ලයින් එක දැකලා...

    //ආපහු එන ගමන් අම්මා කිව්වා පුතා කැමති නම් අපිත් කැමතියි කියලා//

    හරි නං අම්ම නේද ඉස්සර වෙලා කියන්න ඕනේ... "පුතේ තෝ එහෙම මේකට කැමති උනොත් මං මළා කියලා හිතා ගනිං" කියලා.

    අර හාමුදුරුවන්ට පිං දෙන්න ඕනේ ගබ්සා කරන එක වැලැක්කුවට... ගබ්සා නොවී හැදෙන ඊළඟ සිංහල බෞද්ධ පරම්පරාවනේ මෙහෙම අම්මලාටත් ආදර්ශමත් විදිහට හැසිරෙන්නේ...

    ReplyDelete
    Replies
    1. "පුතා ලයික් නම් අපිත් ලයික්" නැද්ද!

      Delete
  14. චාර්මි ඔබ නැවත නැවතත් ඔප්පු කොට පෙන්වන්නේ ටැබූ අතික්‍රමණය කළ හැකි සිංහල බ්ලොග්කරුවකු වේ නම් ඒ ඔබ පමණක්ම බවයි. මේ ඔබ එය ඔප්පු කළ පළමු වතාව නොවේ!

    ReplyDelete
    Replies
    1. අනිවා! චාමි වගේ බ්ලොග්කාරයෙක් නෑ.

      Delete
    2. සැටිපිකේට් ඇත්ත

      Delete
    3. මෙන්න මේකට නම් අනිවා....අත් දෙකම මේං ඉස්සුවා...

      Delete
    4. Absolutely correct

      Delete
    5. චාර්මි තරමටම නොවුණත් රාජ් (ඔව්, උඩ ඉන්න එකා තමයි), අමිල (අන්සතු දිනපොත), හැලපයා හා එක්තරා මට්ටමකට අටම්පහුර හොඳ බ්ලොග් ලියන බව සඳහන් විය යුතුයි. ජනප්‍රිය බ්ලොග්කාරයින් ලියන බ්ලොග් නම් දැන් පොදු වැසිකිළි වෙලා ඉවරයි.

      Delete
  15. මේක බොහොම පිං සිද්ධවෙන වැඩක්...චාමි,
    ඒත් අර හාමුදුරුවන්ගෙ ප්‍රයත්නය සාර්ථක වුනොත්(හිංගල බහුජ්ජයින් බෝ කිරිල්ල)උඹේ ගරු සේවයටත් කෙළවෙනවා.....

    ReplyDelete
  16. අව්‍යාජ ගැමියාFebruary 14, 2013 at 1:48 PM

    චාමී

    මල් හතයි !!!!!!!!!!!!!!
    අනෙක ටැබුවා වගේ රෑ දනියෙල් දවල් මිගෙල් නෙ‍වේනෙ උඹ නේද ? 

    ReplyDelete
    Replies
    1. මූ දනියෙල්ගෙ පුතා.

      Delete
    2. ""මූ දනියෙල්ගෙ පුතා.""
      :)

      Delete
  17. හිංගල තලේබාන්

    ReplyDelete
  18. සිංහල කම ගැන කියන එවුන් අකමැතිවෙයිද බලමුකෝ කොටට/හිරට/ජීන්ස්/මිනි ස්ක්ර්ට්ස් ඇඳගත්ත සෙක්සි කෑල්ලක් එක්ක පොෂ් ස්පෝට්ස් ඕපන් රූෆ් කාර් එකක සනියක් දාගන යන්න.. ගිහින් හිටු කියල වියදම් කරන්න එහෙම.

    ReplyDelete
  19. සිරා...මරුම තමා...
    තාම හිනා අප්පා...

    ReplyDelete
  20. Mera Joota Hai Japani
    Yeh Patloon Englishtani
    sar Pe Laal Topi Roosi
    Phir Bhi Dil Hai Hindustani

    “ ෆුල් හින්දුස්ථානී “

    ReplyDelete
  21. ගැමි ගතිය තියන කෙල්ලෙක් අවශ්‍යනම්, 'අනිවා' 'ෂෙයා' වැනි තුප්පහි යෙදුම් කතා නොකරන කොල්ලෙක් විය යුතුය.

    ReplyDelete
  22. මළකෙලියයි... ඒ ෆොටෝ එක මේ වගේම ජෝක් එකක් කියලා මම හිතාගෙන හිටියේ... :D

    ReplyDelete
  23. මරු බන්.... ඒත් වෙලාව්කට මට හිතෙනවා ඔය ෆොටෝ එකත් ආතල් දෙන්නම හදපු එකක්ද කියලා

    ReplyDelete
  24. මල හතිලව්වයි යකෝ තෙලේ තෙල් ...:D (y)

    ReplyDelete
  25. එලමකිරි. මදි උනොත් කියපන්. මමත් ටික දෙනෙක් හොයල දෙන්නම්. මාත් කුරුනෑගල පැත්තෙම තමයි

    ReplyDelete
  26. ඔය ආදිවාසියා මාර පට්ට ක්‍රියේටිව් බුවෙක්..
    දෙන එක දෙනවා ආයේ නැති වෙන්නම....

    ReplyDelete
  27. දැං ඔය උඹලගේ ඉසව්වේ එවුන් රත්මලානේ ස්ටයින් මැදිරිය පැත්තේ එහෙම ගියොත් එහෙම්මම ඉදියිද?....උඹ ටිකක් අන්තවාදී වුනා වැඩිද මන්දා...ටිකක්වත් හිංගල කෑම, හිංගල සිරිත් විරිත් දන්න කියන එකෙක් වුනොත් හොද නැත්ද?

    මොනව වුනත් උඹ හැමදාම වගේ 'කියවන්න හිතෙන' පෝස්ට් දානවට තැන්කියු මචං.

    ReplyDelete
  28. //උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

    බොක්කෙන්ම එකඟයි මචෝ! සැලුට් එකක් ගැහුවා ඕං! එළද බරා ගල් දෙබරා!

    ReplyDelete
  29. දේශප්‍රේමී මනාලයොත් මේ සේවාව මගින් හොයලා දෙනවද? :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  30. සුන්දර ලියැවිල්ලක් නේ... නියමයි. මේ ඉසව්වට එන්නං ඉදිරියේ දී හැමදාමත්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  31. ඉල ඇදුනා හිනා වෙලා..... පට්ට ලිවිල්ල.. හම්බයන්ට (අන්වර් මනතුංග ඔවුන් හඳුන්වා ගන්නේ එලෙසයි.) වගේම අපේ උන්ටත් පිස්සු....

    ReplyDelete
  32. කියන්න දෙයක් නැහැ , උඩ කොමෙන්ටු වල ඔක්කම කියල තියෙනවා :D

    ReplyDelete
  33. නියමයි. ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්නා බොහෝදෙනා අර කී "මඳ දහඩිය ගඳ" දැනුනු විගස පලා යන්නේ ආලෝකයේ වේගය පරදවමිනි.

    //ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

    මුළු ලිපියම හරි මේ ටිකත් හරි. සුබ සහ ජය!

    ReplyDelete
  34. //ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.//

    ඔය තියෙන්නෙ මුළු කතාවම යස අගේට!!!

    ReplyDelete
  35. :D :D දේශ ප්‍රේමී සේවාවක්..

    ReplyDelete
  36. ඇත්තම ලියලා අයේ කිසි අත්හැරිමක් නැතිවම.

    ReplyDelete
  37. වේලි වේලි හිටපු රන්ගොජාලට සහ හද්ද පරණ නාකින්ට මෙන්න ගෑණු හොයාගන්න නියම ක්‍රමේ..

    ReplyDelete
  38. මට නම් පිස්සු වගේ ඕයි.. හෙහ් හෙහ් මාරු බන්, මේටික තේරුම් ගන්න බැරි අමනයන් එක්කනේ අපි ජිවත් වෙන්නෙ.

    ReplyDelete
  39. යාලුවෙක් ශෙයා කරපු එකකින් අදයි දැක්කෙ... ගොඩක් පරක්කුයි මේ කමෙන්ට් එකට. ඒත් හද්දෙයියනේ මේක මට වෙච්චි සිද්දියක්මයි. මේ වගේ හිතන තකතීරුවෙකුගෙන් ප්‍රපෝසල් එකක් ඇවිත් අන්තිමට මං ඌව බැනලයි පන්න ගත්තෙ. වයසක එකෙකුත් නෙවෙයි. ගම ගාල්ලෙ. ඌට ඕනිවෙලා තිබ්බෙ නුවරින් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විතරමයි. ගෙදරට අඳින්න ඕනිත් ඔසරිය. යට ඇඳුම් අඳිනවට කැමති නෑ. මේ මොන පරයෙක්ද කියලා මං අපේ ගෙදර අයටත් බැනලා කපුවට කෝල් කරලා කීවා ආයි මේ හතර මායිමේ පස් පෑගුවොත් ඔහේගෙ මරණෙ තමා කියලා. �������������� ඒ යකා දැනුත් ෆේස්බුක් එකේ ටීචර්ලගෙ පේජ්වල උගෙ මංගල දැන්වීම හලාගෙන යනවා. දකිනකොට ඉතින් මට අහුවෙන අහිංසකී පව් කියලා හිතෙනවා හැබයි තාම කවුරුත් අහුවෙලා නෑ

    ReplyDelete
  40. මචන් මේකෙන් හිංගල බහුජ්ජ මනමාලියන්ට එහෙම මනමාලයෝ හොයලා දෙන්ට අදහසක් නැතුවාය?
    අඩෝ අපේ පළාතේ එවුන් ම හොයලාදෙන්ට එපා බෝල විවිධාන්ගීකරණය කොරපිය පළාත් නවය ම අල්ලාගෙන :D

    ReplyDelete
  41. අපිත් ඉන්නවා නානා....

    ReplyDelete