Friday, November 9, 2012

රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,



පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න.
_________________________

බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි.

හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ කියලා. ගමේ හැත්ත බුරුත්ත ඔක්කොමත් දන්නවා. තව ටිහකින් අපෙ මිනිහත් බීගෙන ඇවිත් ඉතුරු හරියත් කොරල දායි.

මෙහෙමයි හාමුදුරුවනේ. ඔය පිරිවෙනට දානෙ වේලක් හරි ගෙනත් පුදපු ගෑනියෙක් හැටියට මේ කියන්නෙ. දැනටම තුනක් වදල තියෙනවනේ. වදනවයි කියන එක පන්සලට වෙලා ඉන්න තමුන්නාන්සේලා හිතන තරං ලෙසි නෑ. ගැබ්බර වෙලා ඉන්නකං අතට පයට සැප ගන්ඩ අපි මහාමායාදේවිල නෙමේ. අපේ පැටව් කුස හෑල්ලුවෙලා බොහ් ගාල නෙලුම්මල් උඩට වැටෙන්නෑ. වදන එක සැපයි හදන එක ගැන හිතද්දි.  තවත් වදාගෙන උන්ට පොල්මුල් තම්බල දෙන්ඩද? තමුන්නාන්සෙලගෙ පන්සල්වල ගොඩගහගෙන තියෙන පිටිකිරි පිරිකර අපිට මොක්කුවත් ගෙනත් පුදන්නෑ. මාසෙකට වතාවක් දෙකක් ඩිස්පැන්සරි ගානෙ උන්ව උස්සං යන්ඩ අපිට තමුන්නැහෙලට වගේ කාර් නෑ.

තමුන්නැහෙලට තියෙන්නෙ ගෑනු වදන්නැති ප්‍රස්නේ. අපිට තියෙන්නෙ වදපු උන්ට මොකද කරන්නෙ කියන ප්‍රස්නේ. උන්ට කන්ඩ දෙන්ඩ ඕනෙ. උගන්නන්ඩ ඕනෙ. ඒකට සල්ලි හොයන්ඩ ඕනෙ. උනුත් අපි වගේම කාලකන්නි වෙනකං ගෙදරට වෙලා වද වදා බලං ඉන්ඩද කියන්නෙ? උන්ගෙ කේඬෑරි සරීර කූඩු දිහා බලාගෙන හූල්ලන්ඩද කියන්නෙ?

තමුන්නාන්සෙලා සෝමාරිකමට පන්සල ඇතුලෙ ඉදං ඉන්න විදිහට අපිට ගෙවල්වල ඉන්ඩ බෑ. අපිට මොක්කුවත් උයල කන්ඩ ගෙනත් දෙන්නෙ නෑ. අපේ ලෙඩට දුකට බලන්ඩ හාර පන්සීයක දායක සේනාවල් අපිට නෑ. කොටින්ම විසිහතර පැයේ නහින අපිට ජීවිතයක් නෑ. මොකක්හරි සතුටක් කියල දෙයක් තියෙනවනං දරුවෙකුගෙ දෙයක්, නැත්තං හවහට බැලෙන ටෙලිනාට්‍යයක්. ඒ ඇරුනාම පුද්ගලික දේකට කරන්නෙ මාසෙකට කීප විඩක් මිනිහත් එක්ක හැමනෙන එක තමා. ඒකත් ආයෙ හිටීද කියලා සැකෙං. බයෙං. අපේ මිනිස්සුන්ටත් කටේ තොලේ ගාගෙන මෝලංගිරිය නැග්ගාම  මොන උපත්පාලනද? බැරිම තැන ඔය ක්ලිනික් එකට ගියේ. මට දැන් ඕවා ඇතත් නැතත් එච්චර ගානක් නෑ. ඒත් අපේ මිනිස්සුන්ට ඕනෙ. ඒකත් අසාදාරණ නෑ. දවසකට පැය දහයක් දොලහක් නැහෙන මිනිස්සු. වෙන ජීවිතයක්, සතුටක් නෑ. ඕක ගෙදර නැත්තං පිට යයි. අන්තිමේ අපිමයි විඳවන්නෙ.
තමුන්නාන්සෙලා ඒකටත් කෙලියා.

ඔක්කොම හයිකාරකං ගෑනු පිටිං තමා. ගෙදරදි කැමති උනත් අකමැති උනත් බේබදු මිනිහෙක් ඇඟට නගිනවා. දරු පවුල කඩා ඉහිරුවාගන්ඩ බැරිකමට ඒකට මොනවහරි කරගන්ඩ ගිහාම කහ සිවුරු ඇඳගත්තු මිනිස්සු ඇඟට ගොඩවෙනවා.

මං දවසක් අහගෙන තමුන්නාන්සේ මොකද්ද බණක වදාරනවා ඉස්සර සිංහල පවුල්වල ලමයි දහය දොලහ හැදුවා කියල. තමුන්නාන්සෙගෙ පවුලෙත් එහෙම වෙන්ඩැති. අපේ පවුලෙත් එහෙමයි. අපේ අම්මලා වදන එකම තමා කොලේ. අඩුම ගානෙ වදන උන්ට මොකද වෙන්නෙ කියලවත් උන්දැලට බලන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. එහෙම දැනුමක් තිබ්බෙත් නෑ. උන්දැලා අපා දුකක් විඳින්න ඇති. ඊළග පාර තමුන්නැහෙගෙ බණට මේ ටිකත් කියන්ඩ හාමුදුරුවනේ.....

ඒකාලෙ ලමයි මහ ගොඩක් වදනවා (නෙමෙයි වැදෙනවා)...... එකෙක් දෙන්නෙක් අකාලෙ මැරෙනවා.ඊට පස්සෙ ඉතුරු උං වැඩිදෙනෙක් අයාලෙ හැදෙනවා. කෑවෙ ගඩාගෙඩි. ඉස්කෝලෙ වැඩිම උනොත් තුනේ පන්තිය. පවුලකින් යන්තමට එකෙක් ගොඩයන්ඩැති. අනික් උං කුලී වැඩ, ගොයිතැං. හැබැයි සිංහල බවුද්ද. සරීර ස්වභාවෙ හින්ද ජාතකේ සිංහල. බවුද්ද කියන්නෙ උං කහ රෙද්දක් දැක්ක ගමං හතර ගාතෙ දාල වැඳ වැටෙන හින්දයි, පන්සලට වරද්දන්නැතුව දානෙ පූජ කරන හින්දයි. හාමුදුරුවරු දෙසන කතන්දරටික ඇරුනාම උං දන්න බුද්දාගමක් තිබ්බෙ නෑ. උං  බුදුහාමුදුරුවො අදහන ක්‍රමේටම තමයි බණ්ඩාරනායකව, ‍ජේ.ආර්ව ඇදහුවෙත්. කෙලවිලා තියෙන තරම පේනවනේ?

හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ. 

සිංහල ජාතියට මොනව වේගෙන එනවද මං දන්නෑ හාමුදුරුවනේ. කෝකටත් තමුන්නැහෙගේ බණේ හැටියට  ජාතිය රැකගන්ඩ හින්දා අද ඉඳං මාත් පලල් කොරං ඉන්නං. හැබැයි වදල ගේන්නෙ පන්සලට. මටයි මගෙ දරුවන්ටයි කන්ඩ බොන්ඩ දීපල්ලා. ලෙඩට දුකට බලපල්ලා. නැත්තං මං දානවා නඩු. 

96 comments:

  1. සමාවෙන්න කියනවට. මේ සේරම පැත්තක තියෙද්දී කරන්න තියෙන්නේ, මේ උද්ගොෂණයට සහභාගී උන සේරම දෙනාට (හාමුදුරුවන් හා ගිහියන්) සැත්කමක් කරලා දරු ගැබ් හයි කරලා දෙන එක. එතකොට පොඩි උන්නාසෙලට කරදර කරන්නේ නැතිව, මේ වගේ උද්ගෝෂණ වලට සහභාගී වෙන්නේ නැතිව ඔය ජාතිය නගා සිටුවීමේ සත්කාර්යය ඒ ඒ ඇත්තන්ටම, තම තමන්ටම කර ගන්න පුළුවන්. ඒ සඳහා (සැත්කම් සඳහා) අවශ්‍ය බර පැන හෙළ කරුමය සංවිධානය හා හොරණ හිටිය හරක් හොරා ගෙන් ඉල්ලා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. උපත් පාලනය අයිතිවාසිකමකි. නමුත් මහතුනේ මේ ගැනත් හිතන්න. මුස්ලිම් අන්තවාදය දැන් ලංකාවේ හිස ඔසවලා ඉවරයි. ඔය හාමුදුරුවරුන්ට බණින සිංහල නූතනවාදීන්ට මම කියන්නේ මුස්ලිම් එවුන් බලය අල්ලාගෙන ඉන්න ටවුමකට (වැලිගම, දර්ගා ටවුන්, .........) ගිහින් දවස් 2ක් හතර වටේ ඇවිදලා එන්න.

      මිනිසත් බවට ඉස්ලාම් ආගමට වඩා වටින්නේ බුදු දහමයි. ලේ පිපාසිතයන් බිහිකරන එවන් ආගමකින් ලොවට ඇත් ඵලය කිම?

      Delete
    2. මුස්ලිම් අන්තවාදය හිස එසේව්වේ මේ වගේ ගණින්නාසෙලාගේ ගොන් වැඩ නිසා තමයි.

      Delete
    3. The best thing we can do to save our nation is to breed as many as “nation builders”. It does not matter whether we can provide education, care, healthcare, employments for them. Jayavewaa!!!

      Delete
    4. අඩේ එතකොට ලංකාවෙ අනෙක් ටවුන් ඔක්කගෙම තියෙන්නෙ සිංහල බෞද්ධ අන්තවාදය නේද? ඒකටත් විරුද්ධ වෙයල්ලකො.

      Delete
  2. අපෙ චූටි මල්ලි කියවෙන ඩෙයක් තමෛ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියන එක... මේක දැක්කම මට තේරුනා එයාට එහෙම කියවෙන්නේ ඇයි කියලා.. :D

    ReplyDelete
  3. Very timely and thought provoking article.

    ReplyDelete
  4. අර සර් ජෝන් කිවා වගේ මුන්ගේ පුකේ තාර ගාලා මදි. බුරුසුවේ මිටත් අධෝ මාර්ගයේ යවන්න ඕනැ. මුන්ට මොන රුදාවද මිනිස්සු මොනවා කළත්. තව ටිම දවසකින් මුන් එයි නිදන කාමරේ CCTV කැමරා හයි කරන්න. දෙන බත් ටික කාලා, වැරදුණා වළඳලා බුදිය ගන්නෙ නැතුව පිස්සු කෙළින්න එනවා.

    ReplyDelete
    Replies
    1. සිල්වතුන්නට හරියට කතා කරන්න ඉගන ගන්න.ඔය කතාව කියපු කොතලාවල ට උන හරිය කියන්න ඕන නෙනේ

      Delete
  5. Replies
    1. පූසිගෙ වෙත්තු.

      Delete
  6. අනික මෙහෙම වඳ කරන්න ගියාම පේමරත්න උන්නාසෙ වත් දරුවෙක් මල්ලෙක් හදන්නෙ කොහොමෙයි? උන්නැහෙත් බලාන ඉන්නෙ දරුවෙක් මල්ලෙක් හදලා මහණ කොරලා පන්සලේ භාරකාරත්වය පවරන්ඩ වෙන්නෙ ඇති.

    ReplyDelete
  7. මුන්ට පිස්සු මරු ලියවිල්ල. මේ අර සූරියප්පෙරුමයගෙ බන.

    ReplyDelete
  8. උඹ කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්ත මචං.
    මුස්ලිම් එක්ක හැප්පෙන්න හදන්නේ පැටව් ගහලනම් ඉතින් අපේ ජාතියට සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මේක සිංහල සෝමාලියාවක්ම තමා

      Delete
  9. නියමයි මචන්, මටත් ඔය සිද්දිය දකිනකොටම හිතුනේ මොන රෙද්දක්ද කියලා.

    සිංහල වදවෙනවා, තම්බි වඩිවෙනවා කියන එක ඇත්ත, හැබයි මේක නෙමෙයි ක්‍රමේ ඒක නතරකරන්නා.
    පුළුවන්නම් ඔය හාමුදුරු ගොල්ල එකතු වෙලා සිංහලයන්ගේ ඉඩම් ටික වෙන පිට ආගම් කාරයන්ට විකුනන එක නතර කරන්න පියවරක් ගන්න. එතකොට මුන් සල්ලි දීල ලංකාව අල්ලන එක නතර වෙයි.

    ReplyDelete
    Replies
    1. ///පුළුවන්නම් ඔය හාමුදුරු ගොල්ල එකතු වෙලා සිංහලයන්ගේ ඉඩම් ටික වෙන පිට ආගම් කාරයන්ට විකුනන එක නතර කරන්න පියවරක් ගන්න.////

      කරන්නම ඕනේ දෙයක්.. ඊයේ පෙරෙදා පොඩි වැඩකට ගිය වෙලාවක මම හොයලා බැලුවම කොළඹ ටවුන්හෝල් හරියේ තියෙන ලොකු බිල්ඩින් ගහලා තියෙන ඉඩං ඔක්කොම වගේ මුස්ලිම් අයගේ පරම්පරාගත උරුමයන්.. දැං ළඟපාත තියෙන අනිත් ඉඩම් එයාලගේ පුත්තු සල්ලි දීලා ගන්නවා....

      Delete
    2. බැරි වෙලා හරි උඹ මුස්ලිම් වෙලා ඉපදුනා නම්?

      Delete
  10. මෙ ලියමම වේලක්ක කන්න නැහැ 3 වසරට ඉගෙන ගන්න පුලුවන් වුනා කියන ගෑණු මනුස්සයා තනියම ලියපු එකක්ද?

    කොහොම උනත් නම ගම නැති ඒවා විස්වාස කොරනවා හොරයි... නම ගම තිබිලත් ඇත්ත නැත්ත හොයාගන්ඩ බැරි කාලේ...

    ReplyDelete
  11. ඇත්තටම මේකෙ කොපියක් ගහල පිරිවෙන ඉස්සරහ දාල ගියානම් හරි. උන් හොරෙන් කොටු පනින ඒවත් ටයිමින් තියල හිට්ටෙව්වනම් ඉවරයිනෙ.

    ReplyDelete
  12. අනුන් වඳ වෙනවද නැද්ද හොයලා බලන්න කලියෙන් උඹල ලන්කට් ඇඳපල්ලා. ලජ්ජා නැතුව පාරේ යනවා හොල්ල වල්ල වල්ලා.

    ReplyDelete
  13. මේක ලියපු එකා ඉතිහාසය ඉගන ගනින් ඒවයින් ආදර්ශයක් ගනින්.

    ReplyDelete
  14. චාමි මේ තියෙන්නේ නියම අවවාද ටිකක්.. මුලින්ම උඹ ඉතිහාසෙ ඉගෙන ගනින්.. ඉගෙන ගෙන ඒක හොයල හොයලා අන්තිමට පැටව් ගහන සිස්ටම් එක හොයලා ඔය හාමුදුරුවන්ට කියපන්. එතකොට උන්වහන්සේ ඒක ජාතියට කියාදෙයි.

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මුන්ට පිස්සු. මුන් හරියට ශුක්‍රාණුවේ ඉඳන් බුද්ධාගම් කාරයේ සිංහල ජාතිකයෝ විදිහට හැසිරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකකට කියලා තියෙන කමෙන්ට් එකක්.. කරන්න තියෙන ඔක්කොම වරත්තු වැඩ කරලා හිතින් විතරක් බෞද්ධයෝ වෙලා ඉන්නේ... මෑණියන්ගේ වස්ත්‍රෙ...

      Delete
    2. ජාතියක් ජම්මයක් නැති එකෙක් කමෙන්ට් එකක් දාලා.

      Delete
  15. පොඩ්ඩක් හිතන්න පින්වතුනි අපි මෙහෙම කරන්නෙ ඇයි කියලා.

    1. ළමයෙක් හම්බ වෙන කොට අනිවාර්යයෙන්ම ගෙදරක පිරිතක් කියනවාමයි. කාගෙද පින්වතුනි කල්ල මරේ? කාටද පින්වතුනි අට පිරිකර ලැබෙන්නෙ? අපට නේද පින්වතුනි? ඉතින් පින්වතුනි අපි කැමැති වෙන්න ඕනැ පුංචි පවුල් වලටද ලොකු පවුල් වලටද?

    2. ඊළඟට ඒ ළමයින්ගෙන් කොටහක් වත් අකුරු කියවා ගන්න එන්නෙ කා ළඟටද පින්වතුනි? අපි ළඟට නේද? කාගෙද පින්වතුනි කල්ල මරේ? කාටද පින්වතුනි කීයක් වත් හොයා ගන්න ලැබෙන්නෙ? අපට නේද පින්වතුනි? ඉතින් පින්වතුනි අපි කැමැති වෙන්න ඕනැ පුංචි පවුල් වලටද ලොකු පවුල් වලටද?

    3. අනෙක සිංහල බෞද්ධ ජනගහණය වැඩි වෙනවා කියන්නෙ වැඩිපුර සිංහල මිනිස්සු මැරෙනවා කියන එක නේද පින්වතුනි? කාටද පින්වතුනි දානෙට, පාංශුකූලෙට ආරාධනා ලැබෙන්නෙ? කාගෙද පින්වතුනි කල්ල මරේ? කාටද පින්වතුනි කීයක් වත් හොයා ගන්න ලැබෙන්නෙ? අපට නේද පින්වතුනි? ඉතින් පින්වතුනි අපි කැමැති වෙන්න ඕනැ පුංචි පවුල් වලටද ලොකු පවුල් වලටද?

    අපි ඉතින් ආගම විකුණාගෙන කාල කීයක් හරි හොයා ගන්න අයනෙ පින්වතුනි. ඇයි ඒක තේරුම් ගන්නෙ නැත්තෙ? අපි ජීවත් වෙන්න එපාද?

    ReplyDelete
    Replies
    1. charmi ගේ පෝස්ට් එක නම් කතා දෙකක් නැහැ ඇත්ත. හාමුදුරුවන්ගේ වැඩේට මමත් විරුද්ධයි. මුස්ලිම් එක්ක හැප්පෙන්න හදන්නේ පැටව් ගහලනම් ඉතින් අපේ ජාතියට සොරිම තමයි.
      හැබැයි මචං ඇනෝ ඇවිත් මෙහෙම කොමෙන්ට් දාන එකනම් වැරදියි. ඒක හරියට උඩ බලං කෙල ගහ ගන්නවා වගේ වැඩක්. (මේක අදාළ වෙන්නේ උඹත් බෞද්ධ නම්)

      Delete
  16. රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන්ටත් සාමනේර කාලෙ ගුරු හාමුදුරුවො මොනවා කළාද අපි දන්නවයැ. ඒවයෙ තරහටද මන්දා දෙන්නං ජම්බු කියලා වැඩට බැහැලා තියෙන්නෙ.

    ReplyDelete
  17. කොන්ඩොම් එකක මිල දන්න ලමයි අත් උස්සන්න!

    ලංකාවෙත් චීනයේ වගේ එක පවුලට එක ලමයගෙ නීතිය ගේන්න ඕන. ජාති භේද නැතුව ඒක ක්‍රියාත්මක කලානම් මුස්ලිම් ප්‍රශ්න එන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. ඒක කලොත් ආගම ඇදහීමට තියෙන අයිතිය නැති කලාය කියලා පාරට බහි තම්බි ටික.. උන්ගේ ආගම තියෙන්නේ ....... කියන්න ඕනේ නෑ නේ....

      Delete
    2. @ රැඩිකල් අදහස්

      100% ක් එකගයි. කළයුතු එකම දේ ඒකයි.

      Delete
    3. 2 weni ekata passe ewuna Nidahas adyapanaya neha, Nidahas Sakyath neha 18 wena kan. Depawpiyanta eka daranna kiyanna

      Delete
    4. ** තමා කසාද බඳිනකොට එක නීතියක් දික්කසාද වෙනකොට තව නීතියක් උඩ රටට එකක් පාත රටට එකක්. දෙමළුන්ට තව එකක් හැබැයි අපි ඔක්කොම ශ්‍රී ලාංකික. එහෙනම් මොන ***ටද එක එක නීති. තම්බි විතරක් නෙවේ හිරු කතෝලිකයොත් එකතු වෙයි එදාට.

      Delete
  18. උදුගොඩ පන්සලේ හිටපු හාමුදුරුවෝ පන්සල රොටුබෙට විකුණලා ගැනියෙක් එක්ක ගියා
    ගමේ කවුරුත් දන්නේ නැතිව පන්සල ගත්තේ රෝටුබේ
    ඊට පස්සේ ගමේ කවුරුත් දන්නේ නැතුව රෝටුබේ ඇවිත් පදිංචි වුනා
    මේවා පන්සල හදපු, ඉඩම් දන් දීපු කට්ටියවත් දැන හිටියේ නෑ
    ඊට පස්සේ ඇත පළාත්වල කිරිසාප්පයෝ රොත්තක් මහන කොරගෙන පිරිවෙනක් ලියාපදිංචි කොරගත්ත
    ඊට පස්සේ මොකා උනත් හොදට ඉන්නවනම් කමක් නෑ කියල අපිත් උදව් කළා -- ඉන්පස්සේ රොටුබේ හෙළ උරුමෙන් චන්දෙ ඉල්ලුව
    එතැනදී අපි නම් දානෙත් නැවැත්තුව
    හෙළ උරුමෙන් (රජයේ විමධ්‍යගත අරමුදලින්) ලැබෙන කිඹුලා උදලුතල කඩේට දීල හුනා ලකුණ උදලුතල මිනිස්සුන්ට බෙදුව
    ගොවි සමිතියට ලැබුන අත් ට්‍රැක්ටරය පන්සලේ තියාගෙන කුලියට දෙනවා
    ඔන්න ඔහොමයි වැඩ
    ඕක මොනවගේ මානසිකත්වයකින් පෙලෙනවද කිවුවොත්, නත්තල් දවසට මුළු ටවුමෙම බෞද්ධ කොඩි දම්මනවා
    ඒ වගේ අසික්කිතයෙක් මේකා
    ඒ වුනාට ජපුරේ ගුරෙක්

    ReplyDelete
  19. මේව ලියන්න ඕන චාමි.
    ලි‍ඳේ ඉන්න ගෙබ්බො වගේ ලෝකය ගැන විතරක් නෙවේ මිනිස්සු ජීවත්වෙන්න දඟලන හැටි ගැනවත් දන්නෙ නැතුව අද මේ රට ගෝත්‍රික දඩබිමක් කරන්න මේ හාමුදුරැවරැ දේශපාලකයින්ටත් වඩා වැඩ කොටසක් කොරනව.

    ReplyDelete
  20. ඔන්න ලිව්වා...ඔය වගේ කැත කතා ලියන්න එපා බං. උඹ ඔහොම හිතා හිටියට අපේ හාමුදුරුවරු දරුවෝ හදන දුක දන්නවා. කොටින්ම ජාතිය බේර ගන්න දරුවෝ හදපු හාමුදුරුවෝ පවා ඉන්නවා. අනිත් එක පැටව් දහය පහලොව ඉන්නව කියල කියන්නේ බලපං අපේ ජාතිය කොච්චර නගා සිටුවන්න පුළුවන්ද? අනිත් එක බලපං අපේ රටේ ඒක පුද්ගල අදායම රු.31000 ටත් වඩා වැඩියි, මහ මිනිහයි මහ ගෑනිටයි රු. 5000 වෙන් කලාම ඉතුරු රු.26 000 න් තව ළමයි 10ක් වුනත් නඩත්තු කොරල ඉතුරු 1000න් රටකජු කතහැකි. උඹ මේව උඹේ ඉරිසියාවට ලිව්ව ඒවා.

    අනිත් එක ඔහොම පැටව් හැහුවහම බලන්න පුළුවන් තරම් අපේ රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය කොච්චර දියුණුද? ඔහොම වද සැතකම් කලාම රේසිං කාර් පදින්න, රා මදින්න එහෙම එවුන් හදන්නේ බොලාද? තව අපේ රටේ කැලෑ කොච්චර තියනවද..ඒව කපල අපිට උන්ට ඉඩම් දෙන්න බැරි කමක් නෑනෙ. ඔය කැලෑ වුනත් ලොකු වැඩි හින්දනේ ඇවිදල ඇවිදල එපා වුනාම ඔය අලි එහෙම උඹලගේ ගමටත් පනින්නේ. ඉතිං කැලෑ පොඩි වෙන කොට අලි එළියට නෑවිදින් ඉදී. එතකොට උඹලටත් නිදහසක් ලැබෙනවනේ. ඒකවත් තේරුම් ගනිං.

    මං නං කියන්නේ ඔය උද්ගෝෂණෙට අපි උපරිම සහයෝගෙ දක්වන්න ඕන. ඊට ඔය මිස් ෆයර් වෙච්ච ගෑණුන්ට නිදහසේ ගබ්සා කරගන්න, ගබ්සාව නීති ගත කොරන්න ඕන. ඒකටනම් අපේ හාමුදුරුවරු අකමැති නොවන බව මට විශ්වාසයි. ඇයි බන් හදන එක නවත්වනව වගේ ඈ..භාගෙට හරි හැදුන එකෙක් මලාට මොකෝ. ඌත් සිංහලයෙක් විදිහටනේ භාගෙට හරි හැදුනෙ.

    දැන්වත් මේ අජූත් පෝස්ට් එක අයින් කර ගනිං.

    ReplyDelete
  21. අවසර අපෙ හාංදුන්නේ...හිංගල ජාතිය රැකගන්ට ඔන්න ඔච්චරයි කොරන්ට ඕන...හැමෝම හිංගලය වඳ කොරන එක ගැන කිය කියා ඉන්නව මිසක කිසි කෙනෙක් අපෙ හාංදුරුවො වගෙ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එකයි මට තියෙන කණගාටුව...

    දැං අපෙ හාංදුරුවො ඔය ජාතිය වඳ කොරන්ට උඩ දාගෙන එන ගෑණුං ටික එලෝල දාපු එක හරියටම හරි..ඒත් ඔය වැඩේ හෙටත් කෙරෙන්ට පුලුවන් අනිද්දත් කෙරෙන්ට පුලුවං..ඒ නිසා නරකද ඔය කිලිනික් එක තියන දවසට හාංදුරු දෙනමක් ඉස්පිටිතාලෙ ගේට්ටුව ගාව නවත්තල හිටෙව්වනං...සමාවෙන්ට වැඩ හිටෙව්වනං...කහඹිලිය අත්තක් ගානෙ අතට දීල එන එන ජාති ද්‍රෝහී බබලත්තුංගෙ පස්සා පැත්තට දෙක ගානෙ ගහල එළෝල දාන්ට ..හෙහ්, හෙහ්, කොහොමද උන්දල පස්ස කහ කහ දුවනකොට...

    අනික් කාරනේ ඔය වඳ කිරිල්ල නැවැත්තුවටම මදි හාංදුන්නේ....තව හිංගලය වඳ කොරන නොයෙක් කෙරේම තියනව නෙව...කොන්ඩොං කියයි ලූප් කියයි රටේ නැති එව්ව...නරකද ඔය පිරිවෙනේ උන්නාන්සෙල ටික පිටත් කලානං රෑට රෑට ගමේ ගෙවල් ගානෙ මිනිස්සු ගෑණු අහවල් එක කොරනකොට ඔය අනම් මනං ගැජට් කෑලි දාගෙන ඉන්නවද කියල පරීක්සා කොරල එව්ව නවත්තන්ට...ජාතිය බේරගන්ට බෑ එහෙම නැතුව...චරථ භික්ඛවේ චාරිකං...බහු ජන හිතාය..බහුජන සුඛාය ....කියල බුදු හාමුදුරුවො කිව්වෙත් තුං කල් දක්නා නුවණින් මේ සීන් එක දැකල වෙන්ට බැරිද?

    ReplyDelete
  22. ඇයි මේ පින්වතිය මහන්සි වෙන්නේ. වදලා හදන්න බැරි පිරිමි එව්වෝ ටික පන්සලට ගොඩ කරන්න. අපි බලා ගන්නම්, ගෑනු දරුවන් නම් හොර උප්පැන්නයක් හදලා පහළොවෙන් ඩුබායි යැවිය හැකි. එතකල් ඉන්න අමාරුනම් මිහින්තලේ පන්සලට ඇරලවන්න.

    ReplyDelete
  23. වමනෙට එනවා වගේ. උඹගේ පෝස්ට් එකට නෙමෙයි චාමි මේ ආගමයි ජාතියයි චින්තනෙයි ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නම දැක්කම එක පේනවා. ඔය ඔහෙටම වෙලා ඉන්න. අපි අපේ ආගමයි ජාතියයි චින්තනෙයි එක්ක මේ රටේම ඉන්නම්.

      Delete
    2. puh....

      මොනවද අනේ ඔයාට පේන්නේ? අපිත් එස්ට්‍රෙමිස්ට් කරන්න බැරි වෙච්ච එක ගැන දුකක් ඇති නේද?
      ලිඳේ ඉන්න ගෙම්බන්ගේ තත්වෙන් පිටට ඇවිත් බැලුවම තේරෙයි ඇයි අපිට මේ දේවල් ගැන මෙහෙම හිතෙන්නේ කියලා.

      Delete
    3. යකෝ මේ රට දල ගිය එවුන්ටනේ පුකේ අමාරුව තියෙන්නේ

      Delete
    4. rata dala giye ponna hamuduruwo nisane..hik.

      Delete
  24. අවුරුදු හැට ගාණක් යනකම් රටක් හදාගන්න හරි හමන් තීරණයක් ගන්න බැරි වෙච්ච ජාතියක් තව කෝටි ගාණකින් ලොකු වුණාම කොහොම තියෙයිද?
    මේ සංඝයියල එතකොට ‍පොඩි උන්නාන්සෙලාගෙ පස්ස පැත්තවල් පලන්නෙත් සිංහල බෞද්ධ දරු පැටව් හම්බවෙයි කියලද දන්නෙ නෑ.

    ReplyDelete
  25. තම්බියෝ එකමුතුකමෙන් දියුණු වෙනව ඇති. ඒකට ඉරිසියා කරල වැඩක් නෑ දැන්වත් මුන්ට තියෙන්නෙ තමන්ගෙ ජාතියත් එකමුතු කරන්න පුඵවන් දෙයක් කරන එකයි. තම්බි නෙවෙයි මෙච්චර කල් අපිට කෙළියේ අපේම එවුන්මනෙ. දැනුත් අපිට කෙළින්නෙ අපේ එවුන්මයි.

    ReplyDelete
  26. [මට හිතෙන විදිහට] මේක උඹ අතින් ලියවුන හොඳම සටහන් වලින් එකක්.

    මේ ලිපිය කියවනවට වඩා ඇහුනේ හඳගමගේ "චන්දකින්නරි" ෆිල්ම් එකේ ස්වර්ණා මල්ලවාරච්චි වලන් හෝදන ගමන් කියන ඩයලොග් එකක් වගේ.

    මටනම් මේ සටහන දැනුනේ ලංකාවේ පිරිමි සරීර නිසා පීඩනයට පත්වෙලා ඉන්න සමස්ත කන්තා පරපුර ගැනම සානුකම්පිතව ලියවුන සටහනක් විදිහට.

    පට්ට මචන්.

    ReplyDelete
  27. Cardinal gabsawata wirudhdha weddi uba liwwe monawadha?

    ReplyDelete
    Replies
    1. කතෝලිකයෙක් වෙච්ච චාමියා කොහොමද කාඩිනල් උතුමාව විවේචනය කරන්නේ? නිකං පිස්සු ප්‍රශ්න අහන්න එපා ඇනෝ. මේ පෝස්ට් එකට අදාලව කමෙන්ට් කරපං. ප්‍රශ‍්නේ කොහේවත් ඒත් අපි මේක හරහා දිගට හරහාට බනින්න ඕන පන්සල් වලටයි හාමුදුරුගොල්ලටයි අවසානෙදී හිමිහිට බුදු දහමටයි. එහෙම නැතිව මේ අස්සේ කාඩිනල්ගේ රෙදි උස්සන්න උඹ කවුද?

      Delete
    2. මා කතෝලිකයෙක් නොවෙමි :)
      කතෝලිකයන් හා බෞද්ධයන් සම සමව වෙසෙන ප්‍රදේශයක ජීවත් වන්නෙක් හැටියට මෙන්ම බයිබලය යම් තරමකට කියවා ඇති අයෙක් හැටියට ලාංකීය කතෝලිකයන්ගේ ඇදහිල්ල සහ ක්‍රියාකලාපය ගැන මට වෙනම විවේචනයක් ඇත. ඒ පිළිබඳව බෞද්ධ බහුතරයක් අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මා හට නැත.

      Delete
    3. අනේ සංසාරේ... පෞද්ගලිකත්වයට හානි නොකර බුද්ධිමත් කතාවකට අපි කවදා නම් යයිද?
      මේක ලියපු එකාගේ ආගම හොයන එක ඇරෙන්න මේකෙන් කියන තේරුම් ගන්න බැරි ගොන් හරක්ට මේවා ලියලා මොකටද මචන්?

      Delete
    4. උබ මේක ලියපු එකාගේ පුද්ගලිකත්වය ගැන කතා කරන්නේ තෝ දැක්කේ නැද්ද ලියමනේ මුලින්ම අපේ හමුදුර්වන්ගේ පන්සලේ නමත් එක්කම දල තියනවා. තමන් විරුද්ද මතයක් දරන පුද්ගලයන්ට කුණු හබ්බ බ්ලොග් පොස්ට් ලියන එකද ගොන් හරකෝ බුද්ධිමත් කතාව ?

      Delete
    5. //ඒ පිළිබඳව බෞද්ධ බහුතරයක් අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මා හට නැත.

      මොකද කාදිනල් තරහ උනොත් අපසැට් ද?

      Delete
    6. මා කතෝලිකයෙක් නොවෙමි :)
      කතෝලිකයන් හා බෞද්ධයන් සම සමව වෙසෙන ප්‍රදේශයක ජීවත් වන්නෙක් හැටියට මෙන්ම බයිබලය යම් තරමකට කියවා ඇති අයෙක් හැටියට ලාංකීය කතෝලිකයන්ගේ ඇදහිල්ල සහ ක්‍රියාකලාපය ගැන මට වෙනම විවේචනයක් ඇත. ඒ පිළිබඳව බෞද්ධ බහුතරයක් අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මා හට නැත.

      එතකොට මේ ගැන සංවාදයක් ගොඩ නගන්නේ මොන අවශ්‍යතාවටද? ඇයි කොහෙන් හරි කුට්ටියක් පාත් වෙනවද ? තමන්ගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න

      Delete
  28. නියමට ලියල තියනව චාමි....! සුපිරි..!

    ReplyDelete
  29. ජාතියට ළමුන් දායක කරන්න අහවල් වැඩේ නොකර "චීවරයක්" පෙරවගෙන ඉන්නෙ ඩොලර් වලට පෙරේත කමින්ද?

    සියළුම චීවරධාරීන් සිවුරු ගලවා ජාතියට ළමුන් බෝ කිරීමට එක්වව්

    ReplyDelete
  30. /හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ//

    අපේ මිනිස්සු ගොඩක් දෙනා හිතං ඉන්නෙ Quantity over Quality කියන concept එක...
    ඒ වුනාට ඉස්සර නං කිවුවෙ එක පුන්සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු කියල...
    කවුද ඒව ගණන් ගන්නෙ දැන්...

    නියම ලිපියක්... නමුත් කී දෙනෙක්ගෙ ඇස් ඇරෙයිද මේකෙන් ?

    ReplyDelete
  31. සල්ලි තියන අයට මේක සිම්පල්, ආණ්ඩුවේ ඉස්පිරිතාල වල වේලි වේලි ඉන්න ඕනේ නෑ, ගියා කරගත්තා ආවා. අර කලින් ආණ්ඩුව ටියුෂන් වලට කෙලින්ඩ ගියා වගේ තමයි.... ගුරුවරු ගෙදරටම ගෙන්නගෙන ළමයින්ට උගන්නන්න පුලුවන් එවුන් ගොඩ.... ළමයි 1000 - 1500 යන ලාබ ටියුෂන් පන්ති තහනම්....

    මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සද්ද නෑ... බුද්ධාගමට කෙළවෙලා තමන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙයි කියලා, ඒකට උත්තරේ හොයන්න යන්නේ මේ දුප්පත් මිනිස්සුන්ගේ කරවල් උඩින්. අරං වරෙල්ලකෝ කිරිපිටි, සබන්, කෑම බීම එහෙමත් අරන්ම ඔය එක්කම, අපි කන්න දෙන්නම් උඹලා ලමයි හදපල්ලා කියලා. හැමදාම බණ ඉවරවෙලා කියන්න ඕනේ.. "අමතක කරන්න එපා පින්වතුනි... අපේ සිංහල බෞද්ධ පරපුර රැකගන්න, මේ උපාසක මහත්තුරු රෑ දවල් දෙකේම හැමනෙන්න හිතාගන්න, අපේ උපාසක අම්මලා හැමනිලා බඩවෙන්න හිතට ගන්න ඕනේ,... සුවපත්වෙත්වා"

    ReplyDelete
  32. මේ ලියපු එකගෙ අම්මා මු ඉපදෙන්නට පෙර උපත් පලනයක් කර ගත්තා නම් එ ගැහනියගෙ මව් පදවියට අද කුනුහරුප අහන්න නොලබේ.

    ReplyDelete
  33. ඇයි මේ සිංහල බෞද්ධ කියල සීමාවෙලා හිතන්නේ. බුදුහාමුදුරුවෝ සිංහල නෙමේ. දෙමල බෞද්ධ, මුස්ලිම් බෞද්ධ, බර්ගර් බෞද්ධ කියන ඒවා පවතින්න බැරිද? කාවද අපි මේ රවට්ට ගන්නේ. ඔය පොඩි දේ තේරුම් අරගෙන හරි ට්‍රැක් එකට ආවානම්, මේ වගේ උපත්පාලනයට විරුද්ද වෙලා ගොන්පාර්ට් නොදා හාමුදුරුවරුන්ටත් පුළුවන් බුද්දාගම පතුරවන්න. බුදුහාමුදුරුවෝ පළමු භිකෂූ සඞ්ගයවහන්සේලට කිවුවේ චරථ භික්කවේ චාරිකං බහුජන හිතය බහුජන සුඛය කියල මිසක් වර්ගය බෝකරවන්නවත් උපත්පාලනය වලක්වන්න වත් නෙමේනේ. තමන්ගෙන් කලයුතු කාර්යන් නොකර මිනිස්සුන්ට පවුදෙන මේ වගේ ගනින්නන්සේලා නිසා තියෙන බුද්ධාගමත් නැතිවෙනවා.

    ReplyDelete
  34. උබ පැහැදිලි කරන මේ කාරණය හරියි කියල මුලින් හිතුනත් තව ටිකක් දුරට ඒ ගැන හිතල බැලුවම මම උබට විරුද්ධ වෙනවා.

    ගම දිහා ටිකක් බලපන්. අපේ සීය ළමයි පහළොවක් හැදුව. කාන්තා නිදහස ගැන දැනීමක් වත් නැති නිසා වෙන්නැති ආච්චිත්
    දරු දුක් උහුලා ගත්ත. කොහොමින් හරි දුක් මහන්සියෙන් බඩට නොකා යන්තමින් මේ දරු පවුල ජීවිත ගැට ගහ ගත්ත.අවාසනාවට පුංචි සන්දියෙම දෙන්නෙක් මැරුන. ඒ වලට හේතුව වුනේ ඒ කාලේ හැටියට තිබුන පහසුකම් නැතිකමත් , නුගත්කමත් මිසක් බඩගින්න නෙමෙයි. අපේ රටේ මිනිහෙක් කවදාවත් බඩගින්නේ මැරෙන්නේ නැහැ. බඩට බත් නැති උනාම අල බතල ටිකක් නැත්තම් නිවිති කොල ටිකක් හරි තම්බන් කාල උන් ජීවත් උනා. ඔක්කොම කරදර පොඩි එවුන්ටික ලොකුමහත් කර ගන්නකන් විතරයි. එහෙම
    හැදිච්ච පරපුරත් යන්තම් කලවයස එන්නත්
    කලින්ම කොරන්න පටන් ගත්තේ වදන එක තමයි. සීය හදපු දහතුන් දෙනා හින්ද දැන් බය නැතුව දෙපැත්ත බෙදිලා පුට්බෝල් ගහන්න පුළුවන්. නරබන්නොත් ඉතුරු වෙනවා.දෙවැනි පරම්පරාව ගැන හරියටම කියන්න බැරිඋනත් ඔක්කොම අනිවා හතළිහකට වැඩි ඇති. මුළු පරම්පරාවම ගම්මාන තුන හතරක පැතිරිලා ගිහින්. මේ තමයි අතීතයේ ඉදන්ම අපේ සිංහල ජාතිය , සිංහල සංස්කෘතියත් එක්ක නිදහසේ රටපුරා පැතිරිච්ච විදිහ. ඕනම ජාතියක වර්ධනය , බිහිකරන ප්‍රමාණය මත රඳා පවතිනවා. හරිම සරලයි. අද මුස්ලිම් මිනිස්සු අල්ලගෙන තියෙන්නේ මෙන්න මේ තියරිය. ඒ නිසා ඔවුන්ගේ ජනගහනය දෙගුණ වෙන්නට ගතවන කාලය ඉතා කෙටි වෙනවා. එක තමයි සොබාදම.

    ( මිනිස්සු විදියට අපි හැමවිටම ප්‍රශ්න ගැන හිතන්නේ අපේම හිතේ තියන යම් යම් දැනුම් පද්දතිවලට සාපේක්ෂව නේ. මේ ප්‍රශ්නයත් ඒ වගෙයි.

    සිංහල ජාතියේ වර්ධනය ගැන බැලුවොත් උබේ ලිපියට මම විරුද්දයි.

    එත් ජාතියකට වහල් නොවී මානුෂිය ඇසකින් බැලුවිට මේ ලිපියට එකග වෙන්න පුළුවන්.

    "ගෙදරදි කැමති උනත් අකමැති උනත් බේබදු මිනිහෙක් ඇඟට නගිනවා. දරු පවුල කඩා ඉහිරුවාගන්ඩ බැරිකමට ඒකට මොනවහරි කරගන්ඩ ගිහාම කහ සිවුරු ඇඳගත්තු මිනිස්සු ඇඟට ගොඩවෙනවා."

    පුර්ශාධිපත්‍ය , කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරොත් අපේ මුළු ඉතිහාස කතාවම වැරදි එකක් කියල හිතෙයි..... )

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
  35. බිලියන ගානක් දරුවන් අපා දුක් විඳීමට වඩා ජාතිය ආගම රැකගැනීම වැදගත් බැවින්, මොකා මොන විදිහට ජීවත් උනත් සිවුරක්, කුරුසයක්, දැක්ක විට හා සලාත් කරන වේලාව පැමිනිවිට හරගාතේ දමා දනින් වැටී වැඳීම හා ජාතිය/ආගම ආරක්ෂා කරනවා යැයි කියන පක්ෂයකට චන්දය දීම ප්‍රස්න නොඅසා කරන රොත්ත බුරුත්තක් රටක සිටීම වැදගත් බැවින් සියලු අඩූ ආදායම් ලාභී ජාති/ආගම් ලැදි ජනතාව පුලුවන් තරම් ලම්යි හැදිය යුතුය. පවුල් සැලසුම් නොකරන ආකාරය පිලිබඳ උපදෙස් තම තමන්ට ආදාල ආගමික මධ්‍යස්තාන වලින් නොමිලේ!

    - ප.ලි. මෙම නිවේදනය ඇත්තටම් ලම්යි කීප දෙනෙක් හැදිය හැකි මධ්‍යම පන්තියට අදාල නොවේ. මධ්‍යම පාන්තිකයන්ට වෙන වැඩ ඇති නිසාත්, ඉන්න ලමයින් ටිකට හොඳින් උගන්වා ඔවුන්ද ඉහල මධ්‍ය පන්තියට හෝ සුපිරි පැලැන්තියට අනුගත කරවීම ඇවැසි නිසාත් සිය ආර්තික තත්වයට නොගැලපෙන දේවල් කිරීම ඔවුන්ට තරම් නොවෙ. දැනටත් කානු පල්ලෙ ඉන්නා එකාලාට මොන ආර්තික සැලසුම්ද. "අපි වෙනුවෙන් තොපි" සංකල්පය යටතේ ලම්යි හැදීම ඔබට බාරයි."

    ---------------------------------------------------------

    ලෝකේ කොයි රටෙත් ඉන්න conservative/අතීතකාමී ආගමික නායකයින්, කිසිම ආගමික බේදයකින් තොරව එකඟ වෙන දෙයක් තමයි තමන්ගෙ ආයතනගත ආගමට සම්බන්ද වෙලා ඉන්න අය පවුල් සැලසුම් නොකලයුතු බව. අලුතින්ම මේ ගොඩට ලංකාවෙ සමහර හාමුදුරුවරුත් එකතු වෙලා ඉන්නවා කියල දැක්ක ප්‍රවෘත්තිය නිසා තමයි උඩ කමෙන්ට් එක ලියවුනේ. ආයතනගත ආගම් (institutionalized religions) කියන්නෙ තමගෙ කඳවුරේ තියෙන හිස්ගෙඩි ගනන ගැන පමනක් වදවෙන හුදෙක් දේශපාලන ආයතන කියන එක තමයි මේකෙන් තවත් පැහැදිලි වෙන්නෙ.

    නූතන තාක්ෂනය භාවිතා කරල මිනිසුන්ගෙ ජනගහණ වර්ධන වේගය පාලනය කිරීම වැදගත් වෙන්නෙ, අපි නූතන තාක්ෂනය භාවිතා කරල මිනිසුන්ගේ ජනගහණ වර්ධන වේගය හා ස්වභාවික සම්පත් පරිබෝජනය භයානයක විධිහට වැඩි කරනගෙන තියෙන නිසා. වඩා ආරක්ෂිත ප්‍රසූතිය, විවිධ රෝග වලට එරෙහි ප්‍රතිශක්තී කරනය, දිගු ජීවත අපේක්ෂාව, වැනි දේ නිසා පසුගිය සියවස් කිහිපයේදි මේ පෘථිවියට දරන්න බැරි ආකාරයේ ජනගහන පිපිරීමක් වෙලා තියෙනවා. නූතන තාක්ෂනයේ මේ පැතිකඩවල් වලින් එන ප්‍රයෝජන විඳින ගමන් උපත් පාලනය කරන්නත් එපා කියනවා නම් ඒක මහා භයානක කතාවක්. මේ විධිහේ මත ප්‍රචාරය කරන ආගමික කල්ලි දිනකට හරිතාගාර වායූන් ටොන් ගනනක් පරිසරයට එක්කරන ෆැක්ටේරියක් තරම පරිසරයට අහිතකරයි. මේ විදිහේ මත ප්‍රචාරය කරන එකිනෙකාට විරුද්ධ ආගමික කල්ලි කරන්නෙ සිය බලය වැඩිකර ගැනීමට තමන් දන්නා එකම උපක්‍රමය වන පුලුවන් තරම් ලමයි හැදීමේ "arms race" එකක්. මේක අර ශීත යුධ සමයෙ ඇමරිකන් කඳවුර හා රුසියානු කඳවුර අතර ඇතිවුන nuclear arms race එක තරමටම භයානකයි.

    ReplyDelete
  36. චාමි, මචන් මේ වගේ පොස්ට් එකක් දානකොට මුලින්ම ඇනෝ බ්ලොක් කරපන්. මොකද මේ ලියමනෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් උදවිය ඉන්නවා. අපි නිකම් උද බලාගෙන කෙල ගහගන්න ඕනි නෑනේ.

    පොඩ්ඩක් හිතලා බලහන්, අපිට ඕනි තරම් නිදහස තියෙනවා අපේ ආගම විවේචනය කරන්න. එත් අනික් ආගම්... උන් වැරදි බව දැන දැනත් කට පියන් ඉන්නවා. නැත්නම් වැරදියි කියලා පිලිගන්නෑ.

    දැන් කාලේ ආර්ථිකයත් එක්ක ළමයි හදන එක අමාරුයි. හැබැයි හාමුදුරුවෝ කියන දේත් පොඩි ඇත්තක් තියෙනවා. එත් ඒක කරන්න තිබුනේ මේ වගේ දෙයක් හරහා නෙවෙයි. මේක නිකන් ජනප්‍රිය වෙන්න කරපු වැඩක්.

    ReplyDelete
  37. chami ඔබගේ අදහස අනුමත කරමි. ඒ එක්කම ඔය අපේ මහ ලොකු හෙළ බොදු කට්ටිය ඒ කාලෙ දරුවො දහය පහලොව හැදුව නම්, ඒ කාලෙම ජන ගහනය වර්ධනය වෙලා තියෙන්නෙ ඕනනෙ. ඒත් ඇත්තටම ලංකාවේ ජනගහනය දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ 1960 ගනන් වලින් පස්සේ.1800 1700 ගනන් වල මුස්ලිම් වරු නැති කාලෙත් ජනගහනය බොහොම සුලු පිරිසක් තමයි ඉදලා තියෙන්නේ.
    අනික ඒ කාලේ ඔය උපත් පාලනයක් තිබුනෙ නෑනෙ.දැන් උපත් පාලනය තිබිලත් ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා කියල දන්නවද දන්නෙ නෑ. ඒ නිසා යමක් කිරීමට පෙර හොඳට සොයා බලන එක වටිනවා.

    ReplyDelete
  38. මේ බ්ලොග් එකට ලියපු කෙනාගේ අදහස් "බණ්ඩාරගම අම්මගේ" නමින් කියන්නේ නැතුව කෙලින්ම කියන්න තිබ්බ....
    බ්ලොග් එකක හැංගිලා ඉන්න නැතුව මේ ලිපිය කෙලින්ම ඒ පිරිවෙනට දුන්නනම් හරි ...
    අනිත් දේ ඒ අම්මත් අපරාදේ ඒ වගේ සැත්කමක් මුලදීම කරගත්තේ නැති එක..

    ReplyDelete
  39. ලොවෙත් ඇත්ත කතාව

    ReplyDelete
  40. තොපිට පුකේ අමාරු හැදෙන්නෙම හාමුදුරැවරැ මොනව හරි විරෝධතාවයක් පැවැත්වුවෙත් විතරයි. ඇමරිකාවෙ හදපු ෆිල්ම් එකකට නැගෙනහිරයි කොළඹයි පාරවල් කඩ වහගෙන උද්ඝෝෂන කරනකොට තොපේ කටේ පයි කොට හිරවෙලා ද ? ජාතියක් ජම්මයක් නැති වේස රැඩිකල් පුත්තිගේ හුතාල....

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රිකයෝ අහිනක් කොල අතු ඇදගෙන නැටුවා කියා කවුරුවත් කලබල වෙන්නේ නැත. එහෙත් ශිෂ්ඨ සම්පන්නයයි කියන වහන්සෙලා රෑනක් කොලඅතු ඇඳන් නටන කොට වස පිලිකුලක් නොදැනෙන්නේද?

      Delete
    2. දෙවෙනි ඇනෝ - හිනා යනවා ඔබගේ සත්භාවයට . . .

      Delete
  41. සිද්ධාර්ථ කුමාරය රාහුල කුමාරය විතරක් හදල සංසාරේ කෙටිකරගන්න ගිහිපු එක කොයි තරම් වැරදිද? උන් වහන්සේට තිබුනේ ශාක්‍ය වංශය බෝ කරන්න යසොධරාව එක්ක තව තව පටව් බෝ කරන එකයි. අනික සුද්ධෝධන රජතුමා බැගපත් වෙද්දීත් එකම රාහුල කුමරයවත් ගෙනිහින් මහන කොරගනිපු එක කොච්චර වැරදිද? මුළු රජ පරම්පරාවටම කෙලවුනා උන්වහන්සේගේ වැඩේ නිසා!

    ReplyDelete
  42. අයෙකු සිංහලයෙකු වන්නේ කෙසේද? මේ මෑතකදී විදේශිකයෙක් මගෙන් ඇසු පැනයය්. පළමුවරට මා සිංහලයෙකු බවට පත්කරන්නේ කුමක්දයි මගෙන්ම විමසීමි. දෙමාපියන් සිංහල වීමත්, මම සිංහල බස කතාකිරීම, ලිවීම සහ කියවීම මගේ මව් බස ලෙස සිදුකිරීමත් හේතුවෙන්, මා සිංහලයෙකු බව මට තේරෙන කල සිට අනය කියා ඇති බැවින් මට මේ පානය කිසිදා සිතට නොනගුනි.

    එහෙත් යමෙකු සිංහලයෙක් වන්නේ කෙසේද ?

    සාමාන්‍ය පිළිතුර නම් දෙමාපියන් සිංහලයන් වීම නිසා අයෙක් සිංහලයෙක් වේ . මව සිංහල නොවන පිය පමණක් සිංහල වන අයෙක් සිංහල ක්ද? එසේනම් අන්වර් මනතුඟද සිහලයෙකි . මනතුංග යනු සිංහල වාසගමක් වන තර සිංහල වාසගම් ඇති තම මුස්ලිම් බබව කියන එකම පුද්ගලයා ඔහුනොවේ. පෙරේරා, සිල්වා, ඩයස් , වෙනි පොර්තුගීසි වාසගමැති බෞද්ධ සිංහලයන් අපමණය. එහෙනම් අයෙක් සිංහලයෙක් බවට පත්කරන්නේ කුමක්ද ?

    සිංහල භාෂාවයය් යමෙකුට කියන්නට පුළුවන . එහෙත් සිංහල කතා නොකරන සිංහල දෙමාපියන්ට දාව ඉපදුනු දරුවන් මට පිටරටවල අනෙක වාරයක් හමුවී ඇත. ඔවුන් සිංහලද? එසේනම් සිංහල කතාකරන දමිල දෙමාපියනට දාව ඉපදුනු දෙමල බස හසුරවන්නට නොහැකි අය සිංහල වේද? මා මිතුරු මුත්තුසාම් එවැන්නෙකි. එහෙත් ඔහු සිංහලයෙක් නොවේ. ඔහුම කියන පරිදි ඔහු ද්‍රවිඩයෙකි. සිංහල බස සිංහලය නොතනයි නම් සිංහල බසෙහිම වෙනත් ආරක් හසුරුවන, සිංහලයන් මුතුන් මිත්තන් වන මාලදිවයින් වැසි සියල්ලෝ සිංහලයෝ වියයුතු නොවෙත්ද ? මලයාසියාවේ වෙසෙන , සිංහලයන්ගෙන් පැවතෙන, සිංහල කතා නොකරන ය සිංහලයෝද ?

    සිංහල දෙමාපියනට දාව ඉපදී ජර්මන් දෙමාපියන් ළඟ හැදී වැඩෙන පෙටෙර් සිංහලද ? ජෙර්මන් දෙමාපියන් බෞද්ධ වන නිසා ඔහුට සිංහල බැරි වුනත් සිංහල දෙමාපියන්ට ඉපදුනු නිසා ඔහු සිංහලද? එහෙත් නිසැකවම ඔහුගේ සන්ස්ක්රුතියනම් බටහිර බව නොකියාම බැරිය .

    සිංහලයෙකුට සිංහලයෙකු ලෙස හිදිමින් ඉස්ලාම් බතිමතෙකුවිය නොහැකිද ? පළමු රාජසිංහ රජු හින්දු දහම වලධාගත් නමුත් මරණය තෙක්ම සිංහලේ රජු විය. සිංහලයේ අවසන් රජුන් නවදෙන සිංහලයෝ නොවන නමුත් ඔව්හු සිංහල රජවූ ලෙස පිළිගැනීම ලදහ. ධර්මපාල රජු කිසිදා සිංහලයෙකු නොවෙයය් කිසිවෙකු කිවේ නැත. සිංහල රජවරුන් තර ඔහුද කතෝලික රජකු ලෙස අද දක්වා පිළිගැනුම ලබය්. සපුමල් කුමාර සිංහල වීරයෙකු ලෙස සැලකුවද ඔහු දමිල යෙකු බව නොරහසකි.

    සිංහල බව ඇතිකරන්නේ බුදුදහම යි යමෙක් කියය් ද , එසේනම් දේවානම් පිය තිස්ස රජු වනතුරු මෙරට හිටියේ සිංහලුන් නොවේද ? විජයරජු ඒඅනුව සිංහලයෙකු නොවන්න සේම , දෙවන පෑතිස් රජු වනතුරු සියලු රජ වරු සිංහලු නොවෙති. එසේනම් සිංහලය පවතෙනේ විජයරජුගෙන් යය කීම විහිළුවක් නොවේද ?

    එහෙත් අප පාසලේ ඉගෙන ගන්න ලෙස විජය රජු සහ දේවානම් පියතිස්ස රජු දක්වා සියලු රජවරු මෙන්ම වැසියෝද සිංහල වේ . විජය සමග පැමිණි 700 සිංහල නම් ලාට රට සිංහලද ?

    විජය රජු සමග පැමිණි 700 පිරිස සිංහ බාහුට හා සිංහ සීවලිට දාව නොඉපදුණු නිසා ඔවුන් ගෙන් පැවතෙන ජනය සින්හලුන්ද ? සියලු සිංහලුන් විජරජුට හා මෙසියට දාව ඉපදුනායය් කීම විජය රජුට මෙහෙසියන් හා සැතපීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත්, මෙහෙසියන්ට දරුවන් වැදීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත් හේතුවේ. එසේනම් විජය රජු පැමිණීමට පෙර සිටි මෙරට සෙනග සහ විජය රජු සමග පැමිණි 700 ගෙන් පැවතෙන්නෝ සිංහලු නොවෙත්ද ? බොද්ධ ශිෂ්ටාචාරය ලංකාවේ ඇරබුම මිහින්තලේ සිදුවූ බව පිළිගත යුතුය. එහෙත් ජනය සිංහල බව පවසන්නේ විජය රජුගේ සිටය. නොඑසේනම් සිංහල ඉතිහාසයෙන් පළමු වසර 250කට වැඩි ප්‍රමාණයක් සහ සිංහලයා ගේ ආරම්භක පිය ලෙස සැලකෙන විජය රජු සිංහලයට අයත් නොවේ, මන්ද ඔවුන් බොදුනුවන් නොවූ බැවිනි. එසේනම් සිංහල වීම බෞද්ධවීමෙන් පූර්ණ ලෙස ව්‍යුත්පන්න බව හොදින්ම පැහැදිලිය. බෞද්ධනොවන්න සිංහලයෙක් නොවේනම් විජය රජුද සිංහලයෙ ක් නොවේ. දමිල බෞද්ධයන්, තාය් , මියන්මාර, චීන බෞද්ධයෝ, බෙන්ගාලි බෞද්ධයෝ සිංහල නොවීම නිසා අඩු බෞද්ධයෝ හෝ සිංහල බොදුනුවනට වඩා පහත් බෞද්ධයෝ නොවෙති. බුදු දහම විශ්වීයි, එය එක ජාතියකට අයත් බූදලයක් නොවේ. බුදුදහම වළදා ගැනීම නිසා ඔවුන්ගේ බෙන්ගාලි බවට හෝ චීන බවට හෝ මින්මාර බවට එක්වූ දෙයක් ද , අඩුවූ දෙයක්ද නැත. ඔව්හු ද අනෙකුත් සිය ජාතිකයන් මෙන්ම සම වැසියෝ වෙති.

    එමෙන්ම අයෙක් දමිලයෙකු බවට පත් කරන්නේ කුමක්ද ? ඉහත සියලු ප්‍රශ්න ඔවුනටද වලංගුවේ.

    ReplyDelete
  43. සිංහළ බිලොග් අඩවියක මම මෙතෙක් කියවූ හොදම ලියමන මෙයයි

    ReplyDelete
    Replies
    1. අද නේද බ්ලොග් බලන්න ගත්තෙ.

      Delete
  44. පට්ටයි charmi.. කාලෙකින් කියෙව්ව සිරා ලිපියක්.

    ReplyDelete
  45. Most of the responders religen is not buddism but polotics Ratakata wechcha deyak! sihalaya bhangawewa! nice motto for them

    ReplyDelete
  46. මේක මම රාවයෙන් කියෙව්වා.මරු ලියවිල්ල හොඳේ.

    ReplyDelete
  47. බණ්ඩාරගම එකියට පිළිතුරු

    (උපුටාගැනීම - 2013 ජනවාරි 6 වැනිදා ‘රාවය’ පුවත්පතෙන්)

    [[ “බණ්ඩාරගම එකියක නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම” මැයෙන් දෙසැම්බර් 21 වෙනිදා ‘හිමිදිරියේ’ පළවූ ලිපියට පිළිතුරක් රොටුඹ පේමරතන හිමියන් විසින් අප වෙත එවා ඇත. බ්ලොග් අඩවියකින් උපුටාගත් (එම බ්ලොග් අඩවියේ නමද ලිපියේ අග දක්වා තිබිණි.) එම ලිපියට පිළිතුරු දෙමින් පේමරතන හිමියන් අප වෙත එවන ලද මේ ප්‍රතිචාරය ඒ හරහා ගබ්සා, වඳසැත්කම්, රටේ ආර්ථිකය සමාජ තත්වය ගැන සංවාදයකට මුල පුරනු රිසියෙනි. පාසල් ළමයින් පවා උසිගන්වමින් පන්සල්, පල්ලි රෝහල්වලට කඩාපැන නීතිය අපචාරයෙහි යොදවනවාට වඩා සෞඛ්‍යමත් සංවාදයක් තුළින් අප කරන ක්‍රියාවල හරි වැරදි මැනිය හැකි මට්ටමකට එන්නේ නම් එය යහපත් දෙයකි. කැමැත්තෝ ලියත්වා.]]

    --------------------------------------------------

    2012.11.09 වන දින බණ්ඩාරගම රෝහලෙදී කාන්තාවන් 40 දෙනෙක් එල්.ආර්.ටී. සැත්කමට ලක් කිරීමට නෝර්වේ ආධාර මත යැපෙන එන්.ජී.ඕ. සංවිධානයක් සැලසුම් කර තිබේ. එම ක්‍රියාදාමයට එරෙහිව දෑ හිතකාමී ගිහි පැවිදි විශාල පිරිසක් දැක්වූ විරෝධතාව නිසාම එන්.ජී.ඕ. සංවිධානයට අහිංසක කාන්තාවන්ට රුපියල් 500 ක් දී ලක්ෂ ගණනින් මුදල් උපයා ගැනීමේ ජාතිද්‍රෝහී ක්‍රියාකලාපය නතර කර දැමීමට සිදුවිය. ඊට අදාලව 212.12.21 වන දින රාවය පත්‍රයේ ‘බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම’ යනුවෙන් නිර්ණාමිකව පලවී තිබූ ලිපියට පිලිතුරක් වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

    උක්ත ලිපියෙන් චෝදනා කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමකටය. එහෙත් එදින රෝහල ඉදිරිපිට දැක්වූ විරෝධතාව එක් භික්ෂුවකගේ ක්‍රියාකලාපයක් නොව, ගිහි පැවිදි විශාල පිරිසක් සහිත වන ‘හෙල ජන පුබුදුව’ නම් සංවිධානයේ ක්‍රියාදාමයකි. දෑ හිතකාමී දේශප්‍රේමී බුද්ධ පුත්‍රයන් ශ්‍රී ලංකාවට කිසියම් අනතුරක් උදා වූ කල්හී ජීවිත පරදුවට තබා ඉදිරිපත්ව ක්‍රියාකල ආකාරය ඉතිහාසය ඇසුරින් මැනවින් පැහැදිලි වේ. එය භික්ෂුව සතු ජාතික වගකීමක් ලෙසද පිලිගනු ලැබේ.

    හෙල ජන පුබුදුව යනු යුගයේ අවශ්‍යතාව අනුව බිහිවුනු සංවිධානයක් වන අතර ඉතා සම්භාවනීය දැන උගත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් හා ඉතා විශාල සාමාජික පිරිසකගෙන් යුක්ත වේ. එම සංවිධානයේ මූලික අරමුණ රටවැසි සියළු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමයි. අද වන විට මේ රටේ සිංහලයන් සිංහලකම නිසාම අසරණ තත්වයට පත්වී ඇත. දවසින් දවස සිංහලයන් සතු අයිතිවාසිකම්, බලතල, වරප්‍රසාද එකින් එක අභිබවමින් පවතී.
    (ඊලග කමෙන්ටුවට) ---->

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ටුවෙන්.......January 16, 2013 at 11:59 PM

      නමට පමණක් මහජාතිය වූද සිංහලයන් යනු උපන් බිමේ අනාථ තත්වයට පත් ලෝකයේ වඳවන ජාතීන් අතර තුන්වන තැනට පත්ව සිටින අවාසනාවන්ත ජන කොට්ඨාශයකි. පාලකයන් වසර තිහකට පමණ පෙර හඳුන්වා දුන් පුංචි පවුල් ක්‍රමය යනු සිංහලයාගේ මලගමට කපන ලද මාවතයි. මෙරට පාලකයන් පුංචි පවුල් සෑදීම පිළිබඳව අනුබල දුන් නමුත් මෙපමණ කාලයක් එම පිළිවෙත අනුගමනය කරන ලද්දේ සිංහලයන්ම පමණි.

      සිහලයන් දරුවෙකුට දෙදෙනෙකුට සීමා කරද්දී අන්‍ය ජාතිකයෝ තම පවුලකට දරුවන් හත් අට දෙනෙකු අවම වශයෙන් තනති. එක් මාතාවක් දරුවන් 19 දෙනෙකුද, තවත් මාතාවක් දරුවන් 23 දෙනෙකුද බිහිකර ඇත්තේ පුංචි පවුල් ක්‍රමය යටතේමයි. එක් පිය කෙනෙක් දරුවන් 43 දෙනෙකුගේ දරු සුරතල් බලනුයේද තවත් සීයා කෙනෙකු දරුවන් 81 දෙනෙකුගේ සුරතල් බලනුයේද පුංචි පවුල් ක්‍රමය යටතේමය. මෙම ක්‍රමය යටතේ දීර්ඝ ඉතිහාසයකට උරුමයක් කියන සිංහලයන්ට තව ඉතා කෙටි කාලයකදී සිදුවන්නේ ඉරානය, ඉරාකය, සෞදි අරාබිය වැනි මැද පෙරදිග රටවල ස්වදේශිකයන්ට මෙන්ම ඉන්දුනීසියාව, මැලේසියාව, ජාවා, සුමාත්‍රා, බෝර්නියො මෙන්ම මාලදිවයින වැනි රටවල භූමි පුත්‍රයන්ට සිදුවූ දෙයම බව සක්සුදක් සේ පැහැදිලිය.

      ‘හෙල ජන පුබුදුව’ සංවිධානය ක්‍රියාත්මක වනුයේ කිසිදු ජාතියකට ආගමකට එරෙහිව නොව සිංහලයාගේ සිංහලකම වෙනුවෙනි. සිංහලයන්ගෙන් ගිලිහෙන අයිතිවාසිකම් වෙනුවෙනි. අද වන විට නීති විරෝධී ගබ්සා 650-750 අතර ප්‍රමාණයේ මේ දහම් දිවයිනෙහි සිදුවේ. නිත්‍යානුකූලවද දිනකට දහස් ගණනක් පුංචි දරුපැටව් අමු අමුවේ මරා දමති. මෙසේ සිදුකෙරෙන ගබ්සා වලදී ඉන් 1/3 පමණ පුංචි දරුවන් කෑලි කෑලි වලට කඩා විනාශ කර දමා ඇති බවද වාර්තා වේ.

      නෝර්වේ රටින් ආධාර ලබන එන්.ජී.ඕ. සංවිධාන දෙකක් මෑත දිනවල සිංහල කාන්තාවන් 887071 ක් දෙනෙක් එල්.ආර්.ටී. සැත්කම ලක්කර ඇත. ඇතැම් ප්‍රදේශවල කුඩුකාරයන්ගේ ආදායම් මාර්ගය වී ඇත්තෙ සිංහල කාන්තාවන් එල්.ආර්.ටී. සැත්කම් සඳහා හදුන්වා දීමයි. පරණ රෙදි කඩකට පවා සිංහල කාන්තාවන් සැත්කමකට ලක්කිරීමෙන් ඇතැම් පිරිස් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනිති. මෙසේ සිංහල වර්ගයාට සිදුවන බලවත් අපරාධය හමුවේ අනාගත දූ දරුවන්ට උදාවිය හැකි අවාසනාවන්ත ඉරණම ගැන සලකා ‘හෙල ජන පුබුදුව’ සංවිධානය පිහිටුවාගනු ලැබිණී.

      රාවය පත්‍රයේ පල කරන ලද ලිපිය ඇසුරින් ලියුම්කරු බෞද්ධ භික්ෂුවට චෝදනා කර ඇත්තේ දරුවන් වදන එක එම කාන්තාවන්ට මහා බරක් වී ඇති බව පවසමිනි. මෙහි පුදුමය නම් ඔය කියන උපාසිකාවම අන්‍ය ජාතිකයෙකු හා විවාහ වී දරුවන් 10 ක් 15ක් බිහිකිරීමට කිසිදු රුදාවක් නැතිවීමයි.

      දරුවකු යනු නිවසට සම්පතකි. අමිල සම්පතකි. ඒ සැබෑ දෙමව්පියන්ටය. නාම මාත්‍රික දෙමාපියන්ට දරුවා මහා කරදරකාරයෙකි. මෙබඳු අම්මලා නිසා දිනකට කිරිසප්පයෝ දහස් ගණනක් මරණයට පත්වෙති.

      භික්ෂූන්ට චෝදනා කරන ලියුම්කාරිය පවසන්නේ මුදල් නැතිව දරුවන්ට කන්න දෙන්නේ මොනවාද යනුවෙනි. මුදල් නෑ කියමින් දරුවන් හැදීමෙන් වැලකී සිටින මෙම මිනීමරු අම්මලාට මහා මාලිගා ගැනීමට මුදල්වල ගැටළුවක් නැත. අධි සුඛෝපභෝගී භාණ්ඩ ගැනීමට මුදල් ගැටළුවක් නොවේ. මගුල් උත්සවයට අලුත් මාදිලියේ සාරි හැට්ට මාල වලලු ගැනීමට මුදල් හිගයක් නැත.කොටහළු මංගල්ලයකදී අත දිග හැර උත්සව කිරීමට මුදල් ගැටළුවක් නොවේ. මගුල් උත්සවයකදී සුවිශේෂි හොටෙල්, මිල අධික සංගීත කණ්ඩායම් සහිතව උත්සව ගැනීමට මුදල් ප්‍රශ්නයක් නොවේ. රටට පෙන්වීමට උජාරුවට පුහු වැඩ කිරීමට ඕනෑතරම් මුදල් ඇත. එහෙත් දරුවන්ට කෑම දීමට පමණක් මුදල් නැත.
      (ඊලග කමෙන්ටුවට) ---->

      Delete
    2. කලින් කමෙන්ටුවෙන්.......January 17, 2013 at 12:00 AM

      හෙළ ජන පුබුදුව සංවිධානයෙන් පවසනුයේ සිංහලයන් වශයෙන් ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමට නම් අප සතු ජාතික දුබලතා සකසා ගත යුතු බවයි. සිංහලයන් වශයෙන් තවත් සිංහලයෙකුගේ දියුණුවට අත නොදෙති. කෙණෙහිලිකම් කරති. උදව් නොකරති. රටට පෙනෙන ආකාරයට පිංකම් උත්සව කරති. හෝබන වැඩවලට විශාල වශයෙන් මුදල් වැය කරති. මලගෙදරක මගුල් ගෙදරක සිදුකෙරෙන අනවශ්‍ය වියදම් අඩු කල යුතුය. මගුල් උත්සවය ගමේ පන්සලේ ධර්මශාලාවේ යොදාගන්නේනම් ලක්ෂ ගණනක් ශාලාවල් සඳහා යන මුදල ඉතිරිය. ගමේ පාසල තිබියදී ඈත පාසලකට ළමයා ඇතුලත් කර ගැනීම පිණිස නොගන්නා උත්සාහයක් නැත. අප්‍රමාණ වූ මුදලක් වැය කිරීමටද පසුබට නොවෙති. ගෙවත්තේ ඉඩකඩ තිබියදී නිවසට අවශ්‍ය එළවළු සඳහා විශාල මුදලක් වැයකරති. විශ මිශ්‍ර එලවළු ගෙන ලෙඩ හදා ගනිති. අලුතින් නිවසක් තැනීමේදී වත්ත පුරා අත්තිවාරම් දමා ඉතිරි වැඩ කළ නොහැකිව සුසුම් ලමින් ළතැවෙති.

      මළ ගෙයක්, මගුල් ගෙයක් ආදී සෑම තැනකම රටට පෙන්වීමට උත්සව කිරීමට ගොස් වර්ෂ ගණනාවක් හිඟානොකා හිඟාකති. ‘හෙළ ජන පුබුදුව’ සවිධානයේ අරමුණ සිංහලයන් අණුවනකමින් කරන එබඳු ගොං වැඩ නතර කරවීමය. කාලයට, ප්‍රදේශයට ආර්ථිකයට ගැලපෙන අයුරින් ජීවත්වීමට මග පෙන්වීමයි.

      ලිපියක් ලියමින් භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන උපාසිකාව වැනි නාම මාත්‍රික නරක බෞද්ධයන් අද ඉතා අසරණ තත්වයට පත්වී ඇති බව නොරහසකි. එබඳු කාන්තාවන් විවිධ සංවිධානවල පදයට අනුව නටන නැටුම ඉතාම අගෝචර බව පැහැදිලිය.

      'හෙළ ජන පුබුදුව' යටතේ තුන්වන දරුවා හෝ ඊට වැඩි දරුවන් වෙනුවෙන් ළදරුවාට අවශ්‍ය බේසම ඇතුළු ද්‍රව්‍ය පිරිනමනු ලබයි. ආර්ථික අපහසුතා ඇති මෑණිවරුන්ට මාසිකව මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරයි. දරුවන් පෝෂණය කල නොහැකි ළදරුවන් මරානොදමන ලෙසද එබදු දරුවන් අප සංවිධානයට භාර ගැනීමට පෙළඹෙන බවද දන්වා සිටිමු. අධ්‍යාපනය ලබාදීමට නොහැකි දෙමව්පියන්ගේ දරුවන්ට නොමිලේ අවශ්‍ය පහසුකම් ලබාදී අධ්‍යාපනය ලබා දීමටද හෙළ ජන පුබුදුව ක්‍රියාකරනු ඇත. දරුවන් මරා මිනීමරු පව්කාර මව්වරු බවට පත්වන කාන්තාවන්ට සුමග යාමට මග පෙන්වන නවතම සංවධානයක් බිහිවී ඇති බව ලියුම ලියූ බණ්ඩාරගම එකීට හෝ එකාට කරුණාවෙන් දන්වා සිටිමු.

      - රොටුඹ පේමරතන හිමි,
      වික්‍රමශිලා පරිවෙණාධිපති.

      Delete
  48. බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුමේ පිළිතුරට පිළිතුරක්.

    වරුණ රත්නභාරතී,පානදුර
    __________________

    රොටුඹ පේමරතන හිමියන්ට පිළිතුරක්

    දෙසැම්බර් 21 දින රාවය පුවත්පතේ පළවූ 'බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලියුම'ට කදිම පිළිතුරක් රොටුඹ පේමරතන හිමියන් විසින් සපයා තිබේ. එම ලිපියෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන ආගම් බේදයකින් තොරව අප සියළු දෙනා පෙළන බෞද්ධ ත්‍රස්තවාදය කුමක්ද යන්නත්, එය හමුවේ බණ්ඩාරගම එකිය තඹ දොයිතුවක් තරම්වත් නොවටිනා බවත් මනාව පැහැදිලි කරදී තිබේ.

    එමෙන්ම මෙහිදී මුලින්ම කිව යුත්තේ ඔබවහන්සේ විසින් බණ්ඩාරගම එකියව අල්ප මාත්‍රයක් තරම්වත් ගණන් ගෙන නැති බවයි. ඇය ඔය කියන ආකාරයේ මහා මාලිගා තනන, විලාසිතා සඳහා අතදිගහැර වියදම් කරන, උත්සව ගන්නා, ඔබ වහන්සේලාට මහා දාන මාන දෙන ඉහල මධ්‍යම පාන්තික උපාසිකාව නොවේ. ඔබේ විහාරස්ථානයට පවා කලාතුරකින් පැමිණෙන අවපැහැ ගැණුනු වතින් සැරසුණු ඇයට ඔය කියන කිසිවක් කිරීමට වත්කමක් නොමැත. ඔබ ඔවුන් නොහඳුනන මුත් ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත්මකව වැඩිම සිංහල බෞද්ධයන් අයිති වන්නේ ඔවුන්ටය.

    යුද්ධයෙන් පසු අප අතරට පැමිණි දරුණු ගණයේ පිළිකා අතුරින් බෞද්ධ ත්‍රස්තවාදය ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙහිදී බහුතර භික්ෂූන් වහන්සේලාද නියම බෞද්ධ දර්ශනය අමතක කර ජාතිවාදය පෙරටු කොටගත් පටු මාවතක යමින් දේශපාලකයන්ගේ පටු අරමුණු කරා ගමන්කරන අයුරු අප ඉතා කම්පාවෙන් බලා සිටිමු. ඔය කියන 'දෑ හිතකාමී දේශප්‍රේමී බුද්ධ පුත්‍රයන්' දැනටම සබුද්ධික ජනතාවට විහිළුවක් වී සිටී. එම විහිළුවෙන් එහාට ගොස් මෙම 'බුද්ධ පුත්‍රයන්' විසින් මුදාහරින දැවැන්ත බෞද්ධ ප්‍රචණ්ඩත්වය විසින් ප්‍රධාන වශයෙන්ම විනාශ කරමින් සිටින්නේ සැබෑ බෞද්ධ දර්ශණයයි.වැඩිදුර නොගොස් රාවය පත්‍රයේම පලවන වල්පොල රාහුල හිමියන්ගේ සංවාදයන් කියවූ විට 'බුද්ධ පුත්‍රයන්' කෙබඳු පිරිසක්දැයි යන්නත් ගිහියන්ට නොමැති තරම් තෘෂ්ණාවකින්, වෛරයකින්, ක්‍රෝධයකින් පෙලෙන්නේදැයි අපට පසක්වේ.ඔබ ලිපියේ කිහිප තැනකදීම සඳහන් කොට ඇති 'එවුන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනී' යන ප්‍රකාශයම ඉමහත් තෘෂ්ණාවක්ම ජනිත කරවයි.

    ලෝක ධර්මයට අනුව හෝ පරිනාමවාදයට අනුව දුර්වල ජාතීන් වඳවීමේ තර්ජනයකට හෝ සම්පූර්ණයෙන් වඳවි යෑමකට ලක්වීම අතිශයින් ස්වභාවිකය. එහිදී කලයුත්ත නම් එම ජාතියේ හෝ සත්ව කොට්ඨාශයේ ඇති දුර්වලතා ප්‍රකෘති මනසින් හඳුනාගෙන ඒවා මගහරවාගැනීමට පිළියම් යෙදීමයි. එසේ නොකොට දුර්වලතාවන් අඩු ජාතීන්ට වෛර කිරීම හෝ බලය යොදවා පහර දීමෙන් වඳවීමේ තර්ජනයට පිටුබලයක් නොලැබේ. එහිදී සිදුවන්නේ තර්ජනයට ලක්වී ඇති ජාතියම වඳවී යෑමයි. අනෙක් අතට සංඛ්‍යාත්මකව අඩුවූ පමණට ජාතියක හෝ සත්ව විශේෂයක ඇති ශක්තිය, ඥානය,වලංගුභාවය අඩුවීයැ'යි සිතීමද බලවත් මුලාවකි.ඉන්දුනීසියාව,මැලේසියාව,ජාවා,සුමාත්‍රාවල වනාන්තර ආශ්‍රිතව ජීවත්වන්නේ වෙනස්වන පරිසරය සමග වෙනස්වීමට අකමැති වූ හෝ නොහැකි වූ එහි ස්වදේශික ජනතාව බව අපි දනිමු.එම දාහරණය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ට කෙසේ අදාල වනු ඇද්ද යන්න තේරුම් ගැනීම උගහටය.
    (ඊළඟ කමෙන්ටුවට)--->

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ටුවෙන්.......January 17, 2013 at 1:21 AM

      සීමිත ආර්ථික ශක්තියක් තුල පවුලක‍ට දැරිය හැකි දරුවන් ප්‍රමාණයක් බිහිකිරීම උදෙසා වූ පුංචි පවුල් ක්‍රමය සිංහලයාගේ මලගම ලෙස දකින්නේද ඔලුගෙඩි ගණනින් ජාතියක ඇති ශක්තිය තීරණය කිරීමේ පටු මානසිකත්වයයි. පොදුවේ බොහෝ ස්වාමීන් වහන්සේලා කුඩා කලම මහණ දිවියට එළැඹ ඇති බැවින් කුටුම්භයක් තුල ඇති දහසකුත් එකක් ගැහැට හා අභියෝග ගැන කිසිදු අවබෝධයක් නොමැති බව පෙනේ. දරුවන් 19ක් 23ක් වැදූ මව්වරුන්ගේ දරු සුරතල් පමණක් ඔවුන් දකින්නේ එබැවිනි. උපතට පෙර කුස තුලදීම අඩු පෝෂණයෙන් මියැදෙන දරුවන්, දරුවන් වැඩිම නිසාම අවධානය අඩුවී විවිධ රෝගාබාධ  වැළඳී මියයන්නන්, මන්ද පෝෂණය, මව්වරුන් පෙළෙන විවිධ ඌනතා රෝග, අවම අධ්‍යාපනය, පියවරුන් උසුලන දැරිය නොහැකි ඉපයීමේ වෙහෙස, කුඩා ඉඩක අවම අවශ්‍යතාවයන්ගෙන් ජීවත්වීම ආදී කිසිවක් ඔබ වහන්සේලාට නොපෙනේ. සිනහමුසු මුහුණින් දානය පිළිගන්වන ශ්‍රද්ධාබර උපාසිකාවන්ගෙන් මේ දුක්ඛ දෝමනස්සයන් ගම්‍ය වේදැයි සැකසහිතය. ඔබවහන්සේලා නොදන්නා බොහෝ දේවල් ගිහි ජීවිතයේ ඇත. එම දහසක් ගැටළු අභියෝග දුෂ්කරතා මෙන්ම ගබ්සා හෝ එල්.ආර්.ටී. සැත්කම් ගැන කතා කිරීමටවත් ළමා හෝ තාරුණ්‍යයෙන් මහණ දිවියට ඇතුළු වූ භික්ෂූන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මාගේ අදහසයි. අනෙක් අතට මෙම ගබ්සා හෝ එල්.ආර්.ටී. පසෙක තිබියදී ඔබ ඔබේ වැඩ කොටස් බලවත් ලෙස පැහැර හැර තිබේ.එය මෙම ලිපියේ පහතින් යෝජනා තුනක් ලෙස ඔබට ඉදිරිපත් කරමි.

      1. විෂමාචාර වංචා දූෂණ සිදුකරන කිසිදු දේශපාලකයෙකුගේ උත්සවයකට සහභාගි නොවන්න. ඔවුන් අල්ලසින් දූෂණයෙන් උපයාගත් දෙයින් පිරිනමන දානයෙන් නිවන් දකින බව පවසා ඔවුන් මුලා කිරීමෙන්ද වලකින්න. ඔවුනට නැවත තම ජීවිතය දෙස හැරී බැලීමට හැකි යමක් කියාදෙන්න.

      2. එක් වසරක් තුල සියළුම පන්සල්වල ඉදිකිරීම් සඳහා සහ උත්සව සඳහා ලැබෙන මුදල් එකතුකර මහා අරමුදලක් පිහිටුවන්න. එය අනිවාර්යයෙන්ම බිලියන ගණනක් වනු ඇත. එමගින් දරුවන්ට දීර්ඝ කාලීන සැලැස්මක් අනුව අධ්‍යාපනය, පෝෂනයට හා දිළිඳු පවුල් නගා සිටුවීමට උදව කරන්න.

      3. බෞද්ධ දර්ශනය හරි ආකාරව තේරුම් අරන් අපිට උගන්වන්න. පන්සලට දානයදීම, මල් පූජා කිරීම හා හන්දිගානේ බුදුපිළිම ඇටවීම බුදු දහම යයි වරදවා වටහාගත් විශාල පිරිසක් අප අතර සිටි. ඔවුන් දැනුවත්කර බුදුරජාණන් වහන්සේ දේශනා කල චක්‍රවර්ති සිහනාද සූත්‍රය, කාලාම සූත්‍රය වැනි වටිනා දේ සරල බසින් කියාදෙන්න.

      අඩුතරමේ ඉහත කාරණා තුනවත් ඔබවහන්සේලා ක්‍රියාත්මක කලහොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් ඔයතරම් මොරදීමට අවශ්‍ය නොවනු ඇත.

      (උපුටාගැනීම -2013 ජනවාරි 13 දින රාවය පුවත්පතෙන්)

      Delete
  49. අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්නව. මේ ගෙරි බල්ලො මේ වගේ මුල්ලක ඉඳෙගන බුරනව. තොපි බුරපිය. අපිට ෙමාකද... අපි අෙප් වැඩ ෙකාරනව..පුළුවන්නම් නතර ෙකාරපන්....

    ReplyDelete
    Replies
    1. 1. විෂමාචාර වංචා දූෂණ සිදුකරන කිසිදු දේශපාලකයෙකුගේ උත්සවයකට සහභාගි නොවන්න. ඔවුන් අල්ලසින් දූෂණයෙන් උපයාගත් දෙයින් පිරිනමන දානයෙන් නිවන් දකින බව පවසා ඔවුන් මුලා කිරීමෙන්ද වලකින්න. ඔවුනට නැවත තම ජීවිතය දෙස හැරී බැලීමට හැකි යමක් කියාදෙන්න.

      2. එක් වසරක් තුල සියළුම පන්සල්වල ඉදිකිරීම් සඳහා සහ උත්සව සඳහා ලැබෙන මුදල් එකතුකර මහා අරමුදලක් පිහිටුවන්න. එය අනිවාර්යයෙන්ම බිලියන ගණනක් වනු ඇත. එමගින් දරුවන්ට දීර්ඝ කාලීන සැලැස්මක් අනුව අධ්‍යාපනය, පෝෂනයට හා දිළිඳු පවුල් නගා සිටුවීමට උදව කරන්න.

      3. බෞද්ධ දර්ශනය හරි ආකාරව තේරුම් අරන් අපිට උගන්වන්න. පන්සලට දානයදීම, මල් පූජා කිරීම හා හන්දිගානේ බුදුපිළිම ඇටවීම බුදු දහම යයි වරදවා වටහාගත් විශාල පිරිසක් අප අතර සිටි. ඔවුන් දැනුවත්කර බුදුරජාණන් වහන්සේ දේශනා කල චක්‍රවර්ති සිහනාද සූත්‍රය, කාලාම සූත්‍රය වැනි වටිනා දේ සරල බසින් කියාදෙන්න.

      අඩුතරමේ ඉහත කාරණා තුනවත් ඔබවහන්සේලා ක්‍රියාත්මක කලහොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් ඔයතරම් මොරදීමට අවශ්‍ය නොවනු ඇත.

      Delete
  50. අපේ හාමුදුරුවරු මේ රට ගොඩ ගන්න අපරිමිත වෙහෙසක් ගන්නව. මේ ගෙරි බල්ලො මේ වගේ මුල්ලක ඉඳෙගන බුරනව. තොපි බුරපිය. අපිට ෙමාකද... අපි අෙප් වැඩ ෙකාරනව..පුළුවන්නම් නතර ෙකාරපන්....

    ReplyDelete
  51. (mama hithanne me letter eka liyapu kena non educated family ekaka wenna ona.mama danna widiyata sinhala kaanthawa kiyanne honda sanwara aya)

    meyata me deyata me tharam tharaha yanne ai kiyala mata prashnayak.me haamuduruwan meyata children la godak hadanna kiyalada me udgoshanaya karala thiyenne.meyaata beri nam oya paaduwe inna ne thibune .puluwan aya karawi.

    ReplyDelete
    Replies
    1. Mama nam hithanne me lipiya liyapu ganu kena ithama buddimath kenek.
      Oyata thamayi mole kalandakwath nathi bawa penne.

      Delete
    2. Mama nam hithanne me lipiya liyapu ganu kena ithama buddimath kenek.
      Oyata thamayi mole kalandakwath nathi bawa penne.

      Delete
  52. මෙය සිංහල බෞද්ධ විරෝධී ලිපියකි.මේ බ්ලොග් එකේ වෙනත් ලිපි කියවීමේදී සිංහල බෞද්ධ විරෝධයක් දැක ගත හැකි විය.හෙළ උරුමය වැනි බලවේග බිහිවන්නේ මෙවැනි අන්තවාද නිසයි.බ්ලොග් කරු කතෝලික ආගම විවේචනය නොකිරීමේ හේතුව ලෙස ප්‍රසිද්ධියේ එය කිරීම වැරදි නිසා බව කියයි.එසේනම් බුදු දහමට අපහාස කිරීම හරිද?

    මෙසේ කතා කරන විට අපටද අන්තවාදී ලේබල් ඇලවීමට ඉඩ ඇත.එහෙත් බුදුදහමට අපහාස කිරීම නූතනවාදය ලෙසත් එසේ අපහාස නොකිරීම ගෝත්‍රිකත්වය ලෙසත් ඔබ සිතන්නේනම් හෙළ උරුමයට හා බොදු අබ්ල සේනාවට වඩා දරුණු බලවේග බිහි වේ.ඔබ වැනි අන්‍යාගමික බ්ලොග් කරුවන් අද අප දකින විගඩම් නිර්මානය කළ අයයි.2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී විය.ඊට හේතුව ඔබ වැන්නන්ගේ හිරිහැරයි.පුනරුත්පත්ති ලිපියට ඔබට සහායට මම කොමෙන්ට් එකක් දැම්මේ ඔබට මෙවනි දුෂ්ට ඇජෙන්ඩා එකක් ඇති බව නොදැනයි.කතෝලික පූජකතුමෙකුට කවුරු හෝ අපහාස කලා නම් මම ඊටද එරෙහි වෙමි.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියවෙන්නේ හෙළ උරුම අන්තවාදයට පිළිතුරක් විදිහට. එනිසා අන්තවාදය ආරම්භ කලේ කවුද කියා සෙවීම පළක් නැහැ සහෝදරයා.
      2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී වූයේ බෞද්ධ විරෝධී කවුරුවත් නිසා නොවෙයි. එය බෞද්ධ බලවේග ජනඝාතක යුද්ධය වෙනුවෙන් ආශීර්වාද කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක්.
      මූලික ප්‍රශ්නය මෙයයි. පේමරතන හාමුදුරුවන් කාන්තා වෛද්‍ය සායනයකට කඩාපැන යකා නැටීම ඔබ අනුමත කරනවාද?

      Delete
    2. චමී ?
      "2004 න් පසු බෞද්ධ ව්‍යාපාර සටන්කාමී වූයේ බෞද්ධ විරෝධී කවුරුවත් නිසා නොවෙයි. එය බෞද්ධ බලවේග ජනඝාතක යුද්ධය වෙනුවෙන් ආශීර්වාද කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක්."

      ඔබට ජීවත් වෙන්න යුද්ධය නතර කල එක වැරදිද ? නැත්නම් විදේශ බලවේග වලට එම අවස්ථාවෙ ප්‍රභාකරන් බේරගන්න නොදුන්න එක වැරදිද ?

      Delete
  53. ado keri wesa jathi drohi pakaya thopi wage unwa maralath madi

    ReplyDelete
  54. ඒක මරු ලිපියක්...ලෝයර් කෙනෙක් වෙලත් මගේ එකා හදන්ඩ උෘට උගන්නන්ඩ මං කන කට්ට දන්නේ මායි ගෑනියි විතරයි..මේ නාකි ගනයින්ට ජාතිය පලල් කර ගන්ඩ ඕනෑමනං හොරෙන් හොරෙන් කොටු පනින එක නවත්තලා..සිවුර කනු මද්දකට පොරවලා පවුලක් පන්සලක් කොරං හිටියම ඉවරයි නේ..අපේ ගෑනුංගේ රෙදි අස්සේ රිංගන් නැතුව..(මම ඔයාගේ බ්ලොග් එක හොයා ගන්න සෑහෙන ට්‍රයි කලා...රවීෂ සවසක් නමක් කීවා..හක්ක පයින්ඩ වැදිලා උන්න වෙලාවක..)

    ReplyDelete