Sunday, October 16, 2011

'කැත' දුමින්ද විතරද?

දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කලවුන්ගේ සැබෑ අපේක්ෂාව කුමක්ද?

දුමින්ද හෝ ඔහුගේ සහචරයින් භාරතට වෙඩි තබා ඝාතනය කල බව දැනට පිළිගත් මතයයි. මෙය පොදු ජනයා තුල ඉමහත් කම්පනයක් ඇති කිරීමටත්, ජාත්‍යන්තරව රටට අපකීර්තියක් ගෙන දීමටත් හේතු විය. අවසානයේදී මියගිය භාරත හිතහොඳ චණ්ඩියෙක් විය. බාගෙට මියගියා යයි කියන දුමින්ද ජාවාරම්කාර දුෂ්ටයෙක් විය. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඔහුගේ මරණයද ප්‍රාර්ථනා කරනු ඇසිනි.

මූලිකවම මෙය හදිසි සිදුවීමකි. මෙහි 'හදිසි' යන්නේ අර්ථය මෙම සිදුවීමේ ඉතා සුළු වෙනස්කමකින් මෙයට අතිශය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබූ බවයි. ඇතැම්විට දුමින්ද මියගොස් භාරත ඉතිරිවීමට තිබුණි. (එවිට හිත හොඳ චණ්ඩියා දුමින්දයි). තවත් ආකාරයකින් දෙදෙනාම මියයාමට හෝ දෙදෙනාම ඉතිරිවී ඔවුනගේ ආධාරකරුවන් පිරිසක් මියයාමට තිබුණි. ඇතැම්විට මේ කිසිවක් නොවී රාත්‍රියේදී පක්ෂ කාර්යාල දෙක තුනකට බෝම්බ කිහිපයක් වදින්නටද තිබිණි. ඇතැම්විටෙක සුළු බහින්බස්වීමකින් පසු මේ කිසිවක්ම නොවන්නටද තිබිණි. (මා වඩාත් කැමති ඒ ගැන සිතන්නටයි). සරළව කිවහොත් "කැත" දුමින්ද පමණක් නොවේ.

සාමාන්‍ය ජනයා දුමින්ද මිය යායුතු යයි ප්‍රාර්ථනා කිරීමට තරම් ඔහු කල වරද බරපතළය. මා සිතන ලෙසට නම් ඒ භාරත ඝාතනය කිරීම ම නොවේ. (ජනගහනයේ ලොකුම පංගුව වන ග්‍රාමීය සාමාන්‍ය ජනයාගෙන් බහුතරයක් කිහිපවරක් භාරතගේ නම අසා ඇතිවා හැරෙන්නට ඔහු ජීවත්ව සිටියෙක්දැයි වත් නොදැන සිටියේයැයි සිතමි). දුමින්ද කල ලොකුම වරද ලාංකීය සමාජයේ පොදු අප්‍රකාශිත එකඟතාවයක් මහ දවල් මහපාරේදී උල්ලංඝණය කිරීමයි. එනම්,

"අපි හැමෝම කැතයි තමයි. හැබැයි පෙන්නන්ඩ එපා"

ලංකාව තුල ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකු අතින් මිනිසෙකු මියගිය පළමු වතාව මෙය නොවේ. කුඩු ජාවාරම්කරුවන් පිරිවරාගත් පළමු දේශපාලනඥයාද දුමින්ද නොවේ. පාතාල අපරාධකරුවන් රෙද්ද අස්සේ දමාගත් පළමුවැන්නාද ඔහු නොවේ. මේවා නොදන්න බබ්බුද ලංකාවේ නැත. එහෙත් මෙම සිදුවීමේ වෙනසක් ඇත. මහ දවල් රෙද්ද කඩා "කැත" සියල්ල සාක්ෂි සහිතවම පෙන්වා ඇත. කාල වරෙංකො....

ආරවුල් වලදී මිනිසුන් මරා දැමීම අප සමාජයේ විරළ නොවේ. දාමරිකයන් සොරුන් සෑම ගමකම ඇත. මත් කුඩු කෙසේ වෙතත් අරක්කු හෝ කසිප්පු ජාවාරම පිළිගත් ස්වයං රැකියාවකි. ලංකාවේ පිරිමින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බේබද්දන් වෙති. (බේබද්දෝ යනු යම් වින්දනාත්මක නිමේෂයක් විකසිත කර ගැනීම උදෙසා නොව, බීම සඳහාම බොන්නන්ය). මළ ගෙවල් යනු ගංජාය. මගුල් ගෙවල්/ට්‍රිප් යනු අරක්කුය. මාධ්‍යවල දිනපතා දකින ලමා අපචාර මෙන් දහ පාලොස් ගුණයක් ග්‍රාමීයව සහ වතු ආශ්‍රිතව සිදුවේ. කවුරුන් සමග හෝ ආරවුලක් නැති මිනිසුන් විරලය. ගෙවල් විශාල ප්‍රමාණයක හූනියම් වලලා ඇතැයි විශ්වාස කෙරේ. පන්සලේ දායක සභාව යනු තමුන්ගේ පංගුව උදෙසා කේවල් කරන තැනකි. දේශපාලනය කරන්නේ ගානක් හම්බකරගන්නටය. අති බහුතරයක් ඡන්දය දෙන්නේද තමාගේ කිසියම් වාසියක් තකාය. සියළු සංවර්ධන ව්‍යාපෘති යනු හොරකම්ය. පවුල් තුලින් එලියට එන බහුතරයකට තම දරුණුම ප්‍රතිවාදියා හමුවන්නේ පවුල තුලිනි.

සමස්තයක් හැටියට ගත්විට මහපොලොව කැතය. දුෂ්ටය. සියල්ලෝම අඩු වැඩි වශයෙන් දුමින්දලා වෙති. සමාජයේ එදිනෙදා හමුවන ලමා අපචාර/සොරකම් නොකරන විශාල පිරිසක් එසේ වන්නේ අවස්ථාව නැති නිසාය. විශාල පිරිසක් කුඩු/කසිප්පු නොවිකුණන්නේ නමට කැලලක් වන නිසා සහ පොලිසියෙන් අල්ලන නිසාය. විශාල පිරිසක් බස්වල ජැක් නොගසන්නේ නෝන්ඩි වීමට ඇති බයටය.

දුමින්ද මෙන්ම චෝදනා තිබූ තවත් විශාල ජනතා නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු ආවේ හොර ඡන්ද වලින් නොවේ. මේ ඡන්ද දුන්නු මිනිසුන්ද මොවුනට ඇති චෝදනා අසාවත් නැති බබ්බු නොවෙති. මර්වින් දකුණේ කොහෙන් ඉල්ලුවත් දිනයි. දුමින්ද නැවත සුවවී කොහෙන් ඡන්දය ඉල්ලුවත් ඉහලින්ම දිනන බව සහතිකය.

"කැත" දුමින්ද විතරද?

ලංකාවේ අපි බහුතරයක් කැත බව අපේ හෘද සාක්ෂිය දනී. පිරිසක් කැත වැඩ කරන නිසාය. තවත් පිරිසක් ඔවුන්ට අනුබල දෙන නිසාය. ඉතිරි පිරිස ඒවා නිහඬව අනුමත කරන නිසාය. හැබැයි කවුරුත් එහෙම නෑ වගේ සිටිති. ඕනෙම කොස්සකදී ඇදලා ගන්නට අවුරුදු දෙදාස් පන්සීයක තෝම්බුවක් ඇත. උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත. මර්වින් වගේ තුට්ටු දෙකේ චණ්ඩියෙකුටත් අන්දන්ඩ පුළුවන් ධීර වීර ජාතියක්ද ඇත.

අප සැම කෙනෙක් තුලම අඩු වැඩි වශයෙන් දුමින්ද කෙනෙක් වෙසෙති. (පසුගිය යුද සමයේදී ඌ තොග ගණන් මිනිසුන් මැරුවේය. දිනපතා සිතින් අපචාරයන්හි නිරත වෙයි). ඌ කැතය. ධර්මයට පටහැණිය. ඒ නිසා එහෙම එකෙක් නෑ වගේ හිඳිති. ඒත් මේ දුමින්දයා වැඩේ කෑවේය. ඌ මහදවල් ලෝකෙටම ඌ පමණක් නොව අපද පෙන්නුවේය. දැන් ඉතින් ඌ ජීවත් විය යුතු නැත. දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කිරීම තුළින්, අප තුළ සිටිනා දුමින්දගේ මරණය සංකේතීයව පතමු.


ප/ලි - දුමින්දගේ මරණය... යනුවෙන් මාරයා දිගට දිගේ ලියා තිබුණි. මේ එයට දමන්නට දිගට දිගේ මසිතට ආ කමෙන්ටුවයි. මෙය එතැනට නොගැලපෙන්නක් යයි සිතුනු බැවින් මෙහි දමමි.

36 comments:

  1. දුම්න්ද කියන පුද්ගලයට බර නොදී "ඔකුන් සේරම ඔය විධියටම හැඳිගෑවෙන්න ඕන" කියල කියන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නෙ මේ සිස්ටම් එක පටන්ගන්න තැනම තියෙන අවුල් කම ගැනත්, මොනම විධියකින්වත් ඒ අවුලෙන් ගැලවෙන්න බැරිකම ගැනත් සංවේදී කොටසක් තමයි ඒ... උන්ට තියෙන එකම පැතුම උන් සේරම විනාස වුණාවෙ කියන එක. අඩු තරමෙ ඊට පස්සෙවත් අපට නිදහසේ උපරිම සුව විඳිම්න් ඉන්න පුළුවන් කියලයි එයාල හිතන්නේ.

    ReplyDelete
  2. Godak sthuthi me lipiya dammata..100% ekagai..

    ReplyDelete
  3. චාර්මි යා ද අමු කැත හොරෙකි!
    (අඩු වැඩි වශයෙන්)

    ReplyDelete
  4. දුමින්ද (අවසාන ඡේදයේ ඔබ යෙදූ අර්ථයෙනි) නොවන්නෝ ඕනැ තරම් සමාජයේ සිටිති.හෙළ බොදු සංස්කෘතියට අනවරතව පහරදුන්නා කියා (ගොබෙල්ස් න්‍යායයෙන්)එය බොරු කළ නොහැක.

    ReplyDelete
  5. @ hare :-)
    ඔබ හරි. එහෙම පිරිසක් ඉන්නවා. මම දැකල තියෙන විදිහට ඔවුන් විශ්වාසකරනවා යම් පුද්ගල යම් පුද්ගල සාධකයන් කිහිපයක් ඉවත්වීමෙන් පස්සෙ මේක යහපත් වේවි කියලා. මම හිතන්න ඒක මුලාවක්

    @ කතන්දර Kathandara,
    එකඟයි.
    //අප සැම කෙනෙක් තුලම අඩු වැඩි වශයෙන් දුමින්ද කෙනෙක් වෙසෙති.// සිතින් මිනිසෙකු නොමැරූවෙකු ඉතා දුලබ වනු ඇත.

    ReplyDelete
  6. @ ජයශ්‍රී,
    අවසන් ඡේද‍යේදී ලිපියේ සමස්ත අදහසට වෙනස් අර්ථයකින් යමක් යෙදී නැත. මමද පසුගිය යුද සමයේදී ඇතැම් ඝාතනයන් දැකීමට කැමැත්තෙන් සිටියෙමි. එකල සිදුවූ ඇතැම් අපරාධයන්හිදී හමුදාවට බැඳී ප්‍රභාකරන් මරා දැමිය යුතු යයි ක්ෂණිකව සිතුනු අවස්ථා ඕනෙ තරම් ඇත. එසේ සිතීම හරි හෝ වැරදි වේවා, ඒ මා තුල සිටි දුමින්දයි.
    හෙල බොදු සංස්කෘතියකට මා පහර ගසා නැත. බිම් මට්ටමේ සාමාන්‍ය ජනයා අතර බහුලව ගැවසෙන්නෙක් වශයෙන් මා දකින ඔවුනගේ සංස්කෘතිය විවේචනය කරමි. එය හෙල බොදු සංස්කෘතිය යයි නම් කිරීමෙන් ලොකුම අපරාධය ඔබ කරයි.

    ReplyDelete
  7. කොහොමත් මැරුණ මිනිහා හොඳය. ජීවත් වෙන එකා නරකය කියන එක සාමාන්‍ය මිනිස් මනසේ ස්වභාවයයි.
    එහෙත් අප හැම කෙනෙක් තුළම දුමින්ද කෙනෙක් සිටිති කියන කාරණාවට සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැක. හැම කෙනෙක් තුළම නරක නැත්නම් සමාජ විරෝධි ගති පැවතුම් කළඑළි නොබැස හෝ තියෙන්න පුඵවන්. එහෙත් ඒ නරක හෝ සමාජ විරෝධී ස්වභාවය දුමින්දගේ මට්ටමේම එකක් කියන එක සාධාරණ නෑ. මොකද පොලිසියට බය නිසා හෝ ගුටිකන්න බය නිසා‍ නොවේ සෑහෙන මිනිසුන් ප්‍රමාණයක් ඉන්නව අවංකවම මත්ද්‍රව්‍ය, අරක්කු විකුණන්න අකැමැති. චණ්ඩිකම් මැරකම් කිරීමට අකමැති සාමකාමී චිත්ත ස්වභාවයක් තියෙන. ඒ වගේම මහජන දේපොළ වුණත් කොල්ලකෑමට, විනාශ කිරීමට හිත් නොදෙන මිනිසුන් ඉන්නව. ඉතින් දුමින්ද සහ එවැනි දේශපාඵවන්ගෙන් ඒ මිනිසුන් වෙනස්. එහෙත් අඩුවැඩි වශයෙන් යම් දුර්ගුණ තියෙන්න පුඵවන්. ඒත් අර තත්වයට ඇද වැටෙන්න ඔවුන්ට හැකියාවක් නෑ.
    ඒ වගේම මැතිරවණ වලදී ඡන්දය දීමෙන් වැලකී සිටින සහ ඡන්දය අවලංගු කරන සැලකිය යුතු ප්‍රතිශතයක්ද සිටින බව අමතක නොකල යුතුයි.

    ReplyDelete
  8. කියන්නට කියා කිසිවක් ඉතිරි කොට නැත. . .

    මාරයාගේ ලිපියේ මුල් කොටස කියවා නතර කලේ ඉතුරු ටිකත් කියවා මාරයා ගැන තියෙන හිතවත් කම අඩු කරගන්න ඇති අකමැත්ත නිසාය.

    මේ දුමින්ද ගැන සහ මම ඇතුලු අපි ගැන අපේ හර්ද සාක්ශිය පවසන අයුරු බව හර්ද සාක්ශියක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. . . .

    ReplyDelete
  9. අද මිනිස්සු අතර දුමින්දලා නොවන මිනිස්සුන්ට වඩා ,දුමින්දලා වැඩිවෙමින් පවතිනවා විනා හැම මිනිහාම දුමින්දයෙක් වෙන්නේ නෑ.(ඔය ආර් දුමින්ද වගේම වෙන්නනම් මොලේ නැත්තටම නැති බොඩි බිල්ඩර් කෙනෙක්ම වෙන්න ඕනේ.)

    ReplyDelete
  10. @ ``` Outsider```,
    ඔබ හරි. හැමෝම දුමින්දලා කියන එක අසාධාරණයි තමා. නමුත් මා කතා කලේ "රෑට මිනී මරන" එවුන්ට ඡන්දය දී, "දවල්ට මිනී මරන උන්" මියයනු දැකීමට කැමති බහුතරය ගැනයි.

    ReplyDelete
  11. අර ශේක්ෂ්පියර්ද කවුද කිව්වළු නේද "ලෝකය රඟ මඩලකි..අප එහි නළුවෝ වෙමු" කියලා.. ආන්න ඒක තමා හරි... අපේ සමාජෙත් නිකං හින්දි සිනමා පටයක් වගේ...

    වීරයා ඉන්නවා.. දුෂ්ඨයා ඉන්නවා.. ජෝකර්ලා ඉන්නවා..ගීත ගැයෙනවා..සටන් ඇති වෙනවා... අසාධාරණය රජ කරනවා.. එක් කෙනෙක් හෝ කිහිප දෙනෙක් ලොකු සටනක් දීලා මොහොතකට අසාධාරනය පරදවනවා..ආයේමත් අර හිස් වෙච්ච දුෂ්ඨයගේ භූමිකාවට කවුරු හරි ඉදිරිපත් වෙනවා..ආයේම කතාව පරණ විදියමයි.. සමහර වෙලාවට වීරයාම පසු කාලීනව දුෂ්ඨයා වෙනවා.. ඒ දුෂ්ඨයාව පරදවන්න එන එකත් කාලෙකදී දුෂ්ඨයා වෙනවා.. සත්‍ය ජය ගන්නවා..හැබැයි එතකල්ම අසත්‍යය රජ කරනවා... සුළු මොහොතක ජයකින් පසුව නැවතත් සත්‍යය වල පල්ලට යනවා.. සමහරු ආයේමත් ඒක හොයනවා..

    කවදාවත්ම ස්ථීරසාර පැවැත්මක් මේ ලෝක ධාතුවේ පවතින්නේ නැහැ... අපි මනුෂ්‍යයෝ හැටියට කොයි තරං සාධාරණ වෙන්න හිතුවත් අපිත් අපේ තියෙන උපන් කැත ගති හින්දා නිතරම තමාගේ වාසිය ගාවදී.. තමුන්ගේ දිනුම වෙනුවෙන් කැත පැත්ත එළීයට දානවා.. ඕකට උත්තර හොයන්න යන එක ලේසි නැහැ..මොකද එහෙම උත්තරයකුත් නැති නිසා...

    ReplyDelete
  12. ජයශ්‍රී:

    ""හෙළ බොදු සංස්කෘතියට අනවරතව පහරදුන්නා කියා (ගොබෙල්ස් න්‍යායයෙන්)එය බොරු කළ නොහැක.""

    මචන් සොරි මෙහෙම කියනවට,
    ඔයාට තියෙන්නේ ලෙඩක්. දැන්වත් ඔය ලෙඩේ හොඳ කරගන්න. ඔයාගේ හොඳට කියන්නේ :)

    ReplyDelete
  13. There is no Black or White, Only Shades of Grey.

    සුදුත් කළුත් අතර , සිටින ස්තානය වෙනස් වුනත්, සුපිරිසිදු සුදුඅය හෝ සුපිරිසිදු කළුඅය නැත.මෙයින් දේශපාලකයින් ස්ථානගත වී ඇත්තේ කළු අන්තයට ඉතාම ආසන්නයේ වෙන්න ඇති.කොහොමත් දැන් මිනිසුන් කළු අන්තයට යනවා වැඩියි වගේ.

    ReplyDelete
  14. මහින්දාගමනය -

    මහරජ, ඔබ දුමින්ද කෙනෙක්ද?

    එ‍සේය ස්වාමීනි. මම දුමින්ද කෙනෙකි.

    ඔබ දන්නා තවත් දුමින්දලා සිටීද?

    සීටී ස්වාමීනි. මා දන්නා සියල්ලෝම පාහේ දුමින්දලා වෙති.

    ඔබ නොදන්නා දුමින්දලා සිටීද මහරජ?

    මොනව අහනවද ස්වාමිනී? මා නොදන්නා සියල්ලෝමද දුමින්දලා වෙති.

    ඔබ නොදන්නා දුමින්දලාත්, දන්නා දුමින්දලාත් හැර වෙනත් දුමින්දලා සිටීද?

    හිහ් හිහ්... පිස්සුද මන්දා... ඇයි මම?

    ReplyDelete
  15. well said machan...u have a gud sense towards what going ard..keep them posted

    ReplyDelete
  16. ඇත්ත තිත්තම නො‍වේද?

    සිතුවිලි ක්‍රියාවන් බවට පත්කර නොගන්නා තාක්කල් අපි දුමින්දලා නොවෙමු. ඒත් අප එසේ කරන්නේ අවස්ථාවක් නොමැති කම නිසාද? සමාජ බිය නිසාද?

    ReplyDelete
  17. අනිවාර්යෙන් රටේ ඉන්න හැම එකාම කැතයි(මමත් ඇතුලුව).. හොඳ ලිපියක්

    ReplyDelete
  18. @ නෙලාන්/ඇනෝ/දුකා/සි.මා..
    ස්තුතියි.

    @ Meghawarna,
    ස්තුතියි.
    (මංගල කොමෙන්ටුවද?)

    ReplyDelete
  19. @ මාරයාගේ හෝරාව,
    ඒත් කොහෙන්හරි පටන් ගන්න වෙනවා මචං. අපිට ඉවර කරන්න බැරිවෙයි. නමුත් කවදාහරි හොඳ තැනකට ඒවි.
    අපේ කැත තැන් නිහතමානීව පිලිගන්න එක හොඳ ප්‍රවේශයක් නෙමේද? ඕනෑම සාර්ථක දෙයක මූලික පදනම නිවැරදි තක්සේරුව.

    @ මාලන්,
    උඹ ස්ක්‍රිප්ට් එක ලිව්වද?

    @ සොසි,
    මටත් තියෙන ප්‍රශ්නෙ ඇයි මේ කළු කැත අය කිසිම හොඳ වැඩක් කරන්නැත්තෙ කියන එක.... :D

    ReplyDelete
  20. @ nalaka,
    ඕක 'දුමින්දාගමනය' කිව්වනං මරු.

    @ DonD,
    ස්තුතියි

    @ තිසර,
    ආචාරධාර්මික පදනමක් මත අවස්ථාවාදීන් නොවන යම් පිරිසක්ද නැතුවා නොවේ. එහෙත් මේ ගොම කලයට එම කිරි බි‍‍ඳෙන් පලක් නොවේ.

    @ සාතන්,
    ස්තුතියි.

    ReplyDelete
  21. Thanks for saying the truth.

    ReplyDelete
  22. Please write on what we can do to eradicate things like this???

    ReplyDelete
  23. දම්රුවන්October 16, 2011 at 9:27 PM

    මමත් මේ ගැන සෑහෙන්න කල්පනා කළා. බලාපුවාම ඇත්ත. මගේ ඇතුලෙත් ඔය කියපු දුමින්දයෙක් ඉන්නවා නේන්නං. මගේ විතරක් නෙමෙයි අපේ හැමෝගෙම......

    තිත්ත වුනත් ඇත්ත ඒක තමයි.
    කාලෙකින් කියවපු හොඳ ලිපියක්....

    ReplyDelete
  24. යකෝ ඔහොම ගහන්ඩ එපා. අපිට රිදිලා උඹටත් දුමින්ද කියල තියෙන හැටි පේනව නේද? :D

    ඔන්න ඔහෙ උඹත් කියපන් දුමින්ද මැරියන් කියල.

    ReplyDelete
  25. අඩේ, මම සිහින මවාගෙන හිටියෙ උඹේ පෝස්ට් එකකට පළවෙනි කමෙන්ට් එක දාන්ඩ...
    යකෝ දැන් මං අන්තිමයද එතකොට?
    හරි කමක් නෑ, කමෙන්ට් එක දාලම කියවල බලමු

    ReplyDelete
  26. සමාවෙන්න,"ඔක්කොමල්ල දුමින්දලා-මමත් දුමින්ද කෙනෙක්" යන ප්‍රකාශය මම දකින්නේ තමන් තුල ඇති හීනමානය ප්‍රකාශ කිරීමක් ලෙස.(අතීතයේ රටවැසියා රජතුමා ඉදිරියට ගොස්,"මේ බලුගැත්තාට සමාවෙලා .........." යනුවෙන් කීම සහ "මමත් දුමින්ද කෙනෙක්" යයි කීම අතර වෙනසක් තියෙනවද?)

    හැමෝම දුමින්දලා නම් දුමින්දල දෙන්නෙක් වෙඩිතියාගන්න එක ගැනවත්,දුමින්දලා මත්කුඩු/ගංජා විකුණන එක ගැනවත්,තවත් දුමින්දලා කොමිස් ගන්න එක ගැනවත් (දුමින්දලා ම වන)අපි දුක්වෙන්න තබා හිතන්නවත් අවශ්‍ය නෑනේ. ඒත් අපි ඇත්තටම ඒ ගැන හිතනව.දුක්වෙනවා.පොඩියට හරි ඊට එරෙහිව කරන්න පුලුවන් දෙයක් කරනවා.

    ලෝකය Digital නෑ.අපිත් Digital නෑ.1 සහ 0 පමණක් නොවේ තියෙන්නේ.අපි 1 සහ 0 අතර යම් අගයක ඉන්නවා.ඇත්ත, වරින් වර එහා මෙහාට දෝලනය වෙනවා.සොඳුරු සිත කියන්නෙත් ඒ කාරණයම තමයි.

    ReplyDelete
  27. හ්ම්...
    "අපි හැමෝම කැතයි තමයි. හැබැයි පෙන්නන්ඩ එපා"

    ReplyDelete
  28. මේක මානව ස්වභාවය ගැන වූ පොදු කතාවක්. අප හැමෝගෙම ආත්මාර්ථකාමී ජීවියෙක් ඉන්නවා. ඒකා අපිව පරිනාමිකව මෙච්චර දුර ගෙනා ඒකා. එහෙත් දුමින්ද ගානට අපි හැමෝම වැටිලා නැහැ. ගුණ දහම් පිරිහීම ගැන දවස් ගණන කතා කරන්න පුළුවන්. එහෙත් මේ වෙනුවෙන් අපි කට්ටියම මෛත්‍රී භාවනා පුරුදු කිරීම නොවේ මේ කතාවේ අත්‍යාවශ්‍ය සාධකය.

    කිසිම සදාචාරයකින් තොරව දේශපාලනය කල ප්‍රසිද්ධියේ කුඩු විකිණු බව කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මැරයෙක්, තවත් දේශපාලකයෙකු මරා දැමීම, එම මැරයා පෝෂණය කල දේශපාලන නායකත්වය, එම මැරයා රක ගන්න දඟලන බලවත් රාජ්‍ය නිලධාරියා ඇතුළු රාජ්‍ය නායකත්වය, හා එ වෙනුවෙන් ඕනෑම කනහිලි වැඩක් කරන්න ඉන්න ආයතන පද්ධතිය. එමෙන්ම මෙහෙම කරන්න හේතුව.

    කැත දුමින්ද විතරක් නොවේ එහෙත් පොදු මිනිස් ස්වභාවයකට ඌනනය කිරිමෙන් මේ කතාවේ ෆෝකස් ඒක හා ලයිම් ලයිට් එක නැති කරට ගන්න එකට මං කැමති නැහැ. මෙහි සඳහන් පොදු මිනිසුන්ගේ "කැත" වැඩ ඉතාම සාමාන්‍ය ඒවා. එහෙත් සුවිශේෂ කතාවේ චරිත රඟ දැක්වූ භූමිකා එසේ නොවේ.

    තවත් එක පරමාදර්ශී ෆැන්ටසි රචනයක්.

    ReplyDelete
  29. ම໮໶න් ව‍ෙ‍ග් තු຀ටු ‍ෙද‍ෙ‍ක් චණ්ຌ‍ෙයකුටත් අන්දන්ඩ පු໸වන් ໚ර ໷ර ජාතියක්ද ඇත

    meka thamay langakadi ahapu hondama prakashaya...

    hamoma duminda la nemey kiyala samahara aya kiyala thibba adahasata mama ekangay...

    dumindala deka deka ehema aya nihandawa inna gathiya, thawath duminda kenek da? ehema nathnam bahutharayak wu dumindala wenas karannata shakthiyak nathi kamada? anunwa wenas karanna mata behe, mama wenas wenawa kiyana adahasada?

    kohoma unath kaudo kiyana thibba... maa duk wanne mage sathurange goshaawen nowa... mithurange nihandiyaawen kiyala...

    ReplyDelete
  30. Mama me kalin post eka damma Ano ma thamay. Langadi apa atharin wen wechcha kalaa karayo gena mathak una.. Joe, Wijerathna Ranathungam K jayathilake, ethakota dan Titus Thotawatta.. kisima sinhala blog ekaka thaama me aya gena article ekak dakke nehe.

    ReplyDelete
  31. හැම පුද්ගලයකු තුලම හොඳ සහ නරක තියෙනවා. හැබැයි දුමින්දලා නරක වැඩි, කැත පැත්තට හුඟක් කිට්ටුවෙන් ඉන්න කෙනෙක්. මේ ලිපිය මටනම් පෙනෙන්නේ කොටින්ට විරුද්ධව කරපු යුද්ධය වැරදියි කියලා කියන්න කල ළදරු කැත උත්සාහයක්.

    ReplyDelete
  32. I feel something fishy in this article.Kotinta kade yanna epa yako

    ReplyDelete
  33. Anonymous (අවසානයාට පෙර කෙනා)ඔබ ඇත්තටම සිංහල බ්ලොග් කියනවවාද?මා ඇතුලු රචකයින් බොහෝ දෙනෙක් ටයි මාමා ගැන ලියුවා.පිවිසී බලන්න.

    ReplyDelete
  34. “සියළු දෙනාම දුමින්දලාය” කීමෙන් දුමින්දලාගේ බර අඩු‍ වේ.
    මිනිසුන් අතින වැරදි සිදු වේ. ඒත් මිනිසුන් වැරදි නොකළ යුතුය. දුමින්දලා තදින්ම වැරදි කරති.
    අඩුවෙන් වැරදි කරන අයත්, වැරදීම් සිදුවන අයත්, තදින්ම වැරදි කරන අයත් එක මල්ලේ දැමීමට නොහැකිය.
    ඒත්, “දවල්” කළත් “රෑ” කළත් වරද වරද මය. රෑට වැරදි කරන උන්ට ඡන්දය දී දවල්ට වැරදි කරන උන් හෙළා දැකීමනම් කැතම කැත වැඩකි.

    ReplyDelete