Monday, November 8, 2010

බල්ලා ගොඩගත් කෙල්ල

මේක කිව්වෙ දිලූප කියලා මගේ යාලුවෙක්. එයා මෑතක් වෙන තුරුම වැඩ කලේ මීගමුවේ ටයර් සේවා ස්ථානයක. මේ එයාගෙම වචන.

දවසක් මාර කේස් එකක්නෙ උනේ බං..... අර ටයර් ෂොප් එක ඉස්සරහා හරස් පාර ගාව ලොකු වලක් තිබුණා..... අඩි දෙකක් විතර ගැඹුරුයි. සති තුනක් විතර යනකං ඒක හැදුවෙත් නෑ......

දවසක් උදේ මචං ඕකට බල්ලෙක් වැටිලා..... හෙන නාකි බල්ලෙක්.... ඔය හැමතැනම කැරකි කැරකි උන්නෙ...... ඇවිදගන්නත් පණ නෑ.... ඇඟ පුරාම හොරි.... මූට ගොඩ එන්ඩ බැරුව කෙඳිරි ගගා උන්නෙ.... කෑ ගහන්ඩවත් පණ නෑ......

ඔන්න මචං දහයට විතර ඇති. පාරෙ අනිත් පැත්තෙන් කෙල්ලෙක් ආවා. සිරා කෑල්ල මචං... සුදුයි. කෙට්ටුයි. හොඳ ෆිගර් එකකුත් තිබුනා.... මාර අහිංසක පෙනුමක්..... හිතපංකෝ.... ඔතනින් කෙල්ලෝ කොච්චර යනවද?.... ඒත් මචං මේකි....... ඇත්තටම ලස්සනයි....... දැං අපේ උනුත් වැඩ නවත්තලා කන්ඩ වගේ බලං ඉන්නවා...... මේකි මචං ඒකිගෙ පාඩුවේ යන ගමං අර වල දැක්කා..... කෙළින්ම ළඟට ගිහින් හෑන්ඩ් බෑග් එක අර බිමින් තිබ්බා.... ඒක වටින බෑග් එකක් බං.... හෙන දූවිලි ගොඩේ...... මේ කෙල්ල යකෝ අර වලට පාත්වෙලා අර පට්ට හොරිකඩ බල්ලව අත් දෙකෙන්ම අරං ගොඩින් තිබ්බෙ නැතෑ..... බල්ලා ඒකිගේ අත ලෙව කෑවා බං...... උඹට කියන්නෙ වටේම උං බලාගෙන.... මේකි පොඩ්ඩක් වෙලා බල්ලා දිහා බලං ඉඳලා බෑග් එක අරං දූවිලි පිහ දාගෙන මොකුත් නොවුනා වගේ බිම බලාගෙන යන්ඩ ගියා..... අපේ උං මූණට මූණ බලාගෙන.... එකෙක්වත් කතා නෑ......

මාර කෙල්ලෙක් ඕයි...........

ඇත්තටම දිලූප කියන කතා අපි කවුරුවත් එච්චර සීරියස් ගන්නෙ නෑ. මොකද මූ දහයක් කිව්වොත් අටක් වත් අතින් තමා දාන්නෙ. මේක නිසාම පහුගියදා මීගමු ගියපු වෙලාවක ඕක ටිකක් හොයලා බලන්න මට ඕනෙ උනා. අර වලක් තිබුනයි කියපු තැන දැං නම් වලක් නෑ. සමහරවිට වහල දාල වෙන්ඩ ඇති. හැබැයි ඊට ටිකක් මෙහායින් කාණුවේ අර කියපු බල්ලා හිටියා. දිලූපගේ කතාව බල්ලට කිව්වහම බල්ලා ඒ සිද්ධිය ගැන කිව්වෙ මෙහෙම.

ඕක කියපු එකා මං දන්නවා. අර ටයර් කඩේ වැඩ කරපු උස මහත වෙසමුණීයා වගේ එකානේ. ඕකා මාත් එක්ක තරහයි. ඔය ටයර් කඩේ ඉස්සරහින් නිකමටවත් මං යැවුනොත් ඕකා තමා ඉස්සෙල්ලාම ගලකින් දමලා ගහන්නේ.....

එදා නන්නත්තාර දවසක් ලොක්කා..... කලින්දා රෑත් හරිහං කෑමක් නෑ.. ඒ අස්සේ වැස්සත් එක්ක... ඒ ගමන පාංදරින්ම සුබාසිනී හෝටලේ පැත්තෙ ගියේ කන්ඩ මොකුත් හොයාගන්ඩ..... කොහෙද? අර අලුතෙන් කොත්තු දාන්ඩ ආපු එකා මාව දැක්කා විතරයි ගත්තෙ නැතෑ ගලක්.... ඌ ඇත්තටම ගහනවද බලන්ඩ පස්ස හැරි හැරි දුවද්දි තමා ඔය වලට වැටුනේ.... ඔය වල කපලා එතකොටත් සුමාන දෙකකටත් වැඩියි.... ලේසියට යන්ඩ එන්ඩ හදන පාරක වලක් කපලා සුමාන ගානක් තියාගන්නෙ අහවල් එකකටද මන්දා.... අනික ඔතනිං යන හැමෝම අයිං වෙලා යනවා මිසක් එකෙක්වත් ඕක වැහැව්වෙ නෑනෙ....

මං පැය ගානක් ඕක ඇතුලේ කෙඳිරි ගගා හිටියා.... උදේ ඉඳං සිය ගානක් මං දිහා බලලා ඔහේ යන්ඩ ඇති.... අනික ඔය දිලූප කියන එකත් ටයර් කඩේ ඉඳං මේක දකින්ඩ ඇති.... ඌ වත් ආවෙ නෑ....

ඔන්න අන්තිමේදි තමා ඔය කියන ගෑණු පරානෙ ආවෙ..... සුදුමැලි සෝමාරි කෙනෙක්... ඇ‍ඟේ පතේ මසක් මාංසයක් වත් නෑ.... ඉතිං වල ගාව නැවතිලා බෑග් එක බිමින් තියද්දි මට හිනා යන්ඩත් ආවා. ඒ පාංකඩ අත් දෙකට මාව උස්සගන්ඩවත් සක්තියක් ඇතිද කියලයි මට හිතුනේ.... ඔන්න මුන්දෑ වලට අඩියක් කාරිය තියලා පාත් උනා.... හප්පා.. එයා ගාව ඔය මල් ජාති වලින් එන මාර සැර ගඳක් එන්නෙ.... උහුලං උන්නා තමා.... මාව උස්සලා ගද්දි එයාට කෙඳිරිත් ගෑවුනාද කොහෙද.... කොහොම හරි මාව අරං ගොඩින් තිබ්බා.... මොනවා උනත් මේක ලොකු උපකාරයක්නේ....තෑන්ක් යූ කිව්වත් මුන්ට තේරෙන්නැති හින්දා අත ටිකක් ලෙවකාල අනුකූලතාවෙ පලකෙරුවා... අතේ උනත් පොඩි හිණි රහක් වගේ තමා ආවේ........

ගොඩට ඇවිත් බලද්දි ඔය වෙසමුණියයි... වටේ හිටපු එවුනුයි ඇහිපිය නොගහා අර ගෑණු පරාණෙගේ පස්ස දිහා බලං ඉන්නවා.... පස්ස ගැස්සෙන තාලෙට මුංගේ ඇහේ බබා නටනවා.... වැඩේ කියන්නෙ ඕක වෙලත් සුමානෙකට පස්සෙනේ මුං ඔය වල වැහුවේ.....

ඔන්න ඕකයි මං කිව්වේ. හැබැයි මට බල්ලගේ කතාවත් එච්චර ෂුවර් නෑ. ඒක නිසාමයි මීගමුව නගරාධිපතිතුමා හම්බවෙලා මේ විස්තරේ කිව්වෙ. නගරාධිපතිතුමා නං මේ සිද්ධිය දිහා තරමක් අපක්ෂපාතීව බලයි කියලා මට විශ්වාසයක් තිබුනා.

මේකනේ ඔතන තත්වේ.... මට හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක්..... දැං බලන්ඩ... ඔය දිලූප කියන හාදයා සුදු ලස්සන කෙල්ලෙක් ගැන කිව්වා මිසක් බල්ලෙක් ගැන වත් වලක් ගැන වත් එහෙමට යමක් කියලා නෑනේ.... ඊළඟට බල්ලා උනත් කියලා තියෙන්නේ වලක් ගැනයි.. ඒකෙන් ගොඩ ආපු එක ගැනයි විතරයි නේ.... මේ සාක්ෂි පරස්පරයි....

අනික…. ඔය සුදු ලස්සන ගෑණු ලමයා කරපු හොඳ වැඩ විශාල ප්‍රමාණයක් ගැන මට තොරතුරු ඇවිත් තියෙනවා..... ඉතිං මට තියෙන ප්‍රශ්ණේ මීගමුවේ වැඩිපුර ඉන්න කළු කැත ගෑණු ඔය වගේ හොඳවැඩ එකක්වත් කරන්නැත්තෙ ඇයි කියන එක.... මං මේක හොයන්ඩ කොමිසමක් දාන්ඩ ඉන්නෙ... ඔයාටත් වෙලාවක් තිබුනොත්........

පුහ්.... අපිනං යයි ඕවගේ සාක්කි දෙන්ඩ..!

34 comments:

  1. නගරාධිපති සාධාරණයි ...

    බලු කතාව අවිශ්වාසයි

    කොලු කතාව බලුයි ....

    ReplyDelete
  2. හරිම අගේට ලියවිලා තියෙනවා කතාව.

    (මටත් මතකයි මේ වගේ සිදුවීමකට මටත් මුහුන දෙන්න උනා හරියටම ගාලු පාරේ ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරියෙදි. එදා නම් මට අර දිලීපාල වගේ අයගේ කන් පලන්න විතරමයි හිතුනේ...)

    ඒක නෙමෙයි මේ ඔටාරා නෝනා එක්ක තරහක් හෙම තියෙනවද උන්නැහේ?

    ReplyDelete
  3. බල්ලාට පිස්සුද කියල බලන්න මානසික වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්න වෙයි වගේ

    ReplyDelete
  4. කොලු කතාව බලුයි තමා.
    හැබැයි බලු කතාව හරි. මොකද බල්ලට ඔනෙ පුලුවං කෙනෙක් ලවා ගොඩට එන්ඩ. අනික ගෑනු ලමයින්ගෙ ලස්සන බල්ලට අදාල නෑනෙ.

    ReplyDelete
  5. වලෙන් ඇහැව්ව නං මොනව නොකියයිද?
    -කකා

    ReplyDelete
  6. බල්ලගෙයි කොල්ලගෙයි දෙන්නගෙම කතා විශ්වාස නැති එක්කෙනා ලංසගෙන් මොන එකකට අහන්න ගියාද?
    ඔය මීගමුවේ ඉන්නේ කලු කැත ගෑනුයි කියන එක ඉල්ලා අස්කරගන්න....නැත්තන් නිමල් ලංසව පත්කරපු මිනිස්සුන්ට අපහාස කරපු එක ප්‍රසිද්ද කරපු වරදට පොල් ලන්සයක් එවන්නත් බැරි නෑ.....මිනිහ හෙන අහිංසකය කියල කවුරුත් දන්නවනෙ...

    ReplyDelete
  7. අන්තිමේදී බල්ලාත් කොල්ලාත් වල දමා කෙල්ල ගොඩගෙන ඇත.....ඉතින් ඒ මදෑ.....
    හෙහ්..!!! "අපි" සාක්කි දෙයි ඕවට නම්....

    ("කොල්ලන් වලලන්, කෙල්ලන් ගොඩගන්" කියල කිව්වෙ බෝදිලිමා නේද?)

    ReplyDelete
  8. අපූරු කතාවනේ යාළු........................

    ReplyDelete
  9. දිලූප කාරයත් එකත් එකටම හිතා ගන්න ඇති ඔය වලට පැනල බලන් ඉන්න කෙල්ලෙක් ඇවිත් ගොඩගන්නකන්.

    ReplyDelete
  10. ඇත්තටම ඇයි කළු කැත ගෑණු ඔය වගෙ හොඳ වැඩ කරන්නේ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍යා ලස්සන වීමත් කැත වීමත් පුනර් කර්මයට අනුව සිදු වේ.
      ද්වේශය , ඉර්ශ්යාව , මසුරු කම ආත්මාර්ථය වැඩු , පුරුදු කල සත්වයන් කළුව කැතව උපදී
      පරාර්ථ කාමිත්වය , මෛත්‍රිය , දීම පුරුදු කල සත්වයෝ අන් සත්වයන්ගේ සිත් පදවන ආකාරයෙන් රුවෙන් යුතුව උපති.
      භාවයේ පුරුදු කල ධර්මයෝ ජාතියෙන් ජාතියට යති .
      හේතුව පැහැදිලි ඇතැයි සිතමි

      Delete
  11. කෙල්ල වලේ වැටුනනං ගොඩ ගන්න කොල්ලෝ ඔන තරං

    මාත් එක්කම..

    ReplyDelete
  12. ඔය වගේ වැඩක් කලොත් ඉතින් සියුමැලි පොත්ත රත අර සෙක්සි ෆිගර් එකක් තින ලමිස්සියක්ම තමා... නිකමටවත් වලෙන් ඇහුවෙ නැද්ද ??

    ReplyDelete
  13. මේ කොල්ලයි බල්ලයි කෙල්ලයි ඔක්කොම පෙර ජාතියක හරි දේශපාලකයො වෙන්න ඇති.

    ReplyDelete
  14. පික්සු ආහ් ......................

    ReplyDelete
  15. කෙල්ලගෙන්ද සාක්ෂි විමසීම කල යුතුව තිබුණි. එසේ වූවා නම් අපට කොල්ලාගේ නියම තතුද බල්ලාගේ නියම තතුද දැන ගත හැකිව තිබුණි.

    ReplyDelete
  16. අම්මපා බල්ලෙක් උනා නම්.........! :P

    ReplyDelete
  17. මචං දිලුප කියන පොර මලක් ගහපු වෙලාවක බලපු හින්දි ෆිල්ම් එකක කෑල්ලක් වෙන්න බැරිද??
    -Vipul

    ReplyDelete
  18. බල්ලගේ කතාවේ විදිහට වෙසමුණියලාත් වලේ වැටුන බල්ලො ගානයි. ඒ නිසා කෙල්ල වෙසමුනියලගෙන් එකෙක් ගොඩ දැම්මා හා සමානයි.
    උං බල්ලව හපා කෑවේ නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
  19. "…. ඔය සුදු ලස්සන ගෑණු ලමයා කරපු හොඳ වැඩ විශාල ප්‍රමාණයක් ගැන මට තොරතුරු ඇවිත් තියෙනවා..... ඉතිං මට තියෙන ප්‍රශ්ණේ මීගමුවේ වැඩිපුර ඉන්න කළු කැත ගෑණු ඔය වගේ හොඳවැඩ එකක්වත් කරන්නැත්තෙ ඇයි කියන එක..."

    ඒ ටිකටනම් ලැජ්ජා හිතුනා.

    ReplyDelete
  20. දැන් ඔය ටයර් කඩෙ කොල්ල වලෙ වැටුන නං බල්ලයි කෙල්ලයි මක් කොරයිද?
    මරු කතාව..

    ReplyDelete
  21. කොහොමහරි හොයල කෙල්ලගෙ සාක්කියත් දාන්න

    ReplyDelete
  22. හෙහ්...හෙහ්.. උපරිමයි. රමණීගෙ හැන්දෑවට..පස්සෙ දැක්ක හොඳම එක. හැබැයි පු‍තෝ ආයෙ උඹ මීගමු ගිහින් නං හමාරයි. මීගමු ගෑණු අවුස්සා ගත්තොත් ආයෙ යක්කු අවුස්සා ගත්තා වගේ තමයි.

    අර බල්ලගෙ පාපොච්චරණය තමා නියම කෑල්ල...

    ReplyDelete
  23. සිරා සමාජ විග්‍රහක්.......මරු

    ReplyDelete
  24. නැති ශක්තියත්, පරාර්තයට ඇතැයි කියල හිතන සුලුතරය තමයි වලකට අත දාන්නේ....
    ජැක් ලන්ඩන් ඔහේගේ යාලුවෙක්ද?

    ReplyDelete
  25. harima shoook...!!!

    ReplyDelete
  26. නියම සාක්ෂි විචාරය! අන්තිම ටික කියවනකොට හිනාව නවත්තගන්න බැරි වුණා. හරිම සිත්ගන්නාසුළු ශෛලියකින් ලියලා තියෙන්නෙ.
    ජය!

    ReplyDelete
  27. machan ada thama me blog ekata palaweniyatama set une.....great story telling style....and tells the ugly truth abt this society.......

    ReplyDelete
  28. මෙන්න මම මේ සිද්ධියයි තවත් සිද්ධියකුයි ගැන හොයා බලන්න කොමිෂමක් පත් කළා. හැමෝම ඇවිත් සාක්ෂි දෙන්න

    http://status-chanaka.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  29. Maru.
    Lassana = Hoda
    Ketha = Naraka
    Sudu = Hoda
    Kalu = Naraka

    ReplyDelete