Wednesday, November 24, 2010

ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)

(පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.)

ගරු කතානායකතුමියනි,
නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්‍රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.

ආදායම්
සාමාන්‍ය ක්‍රමයට පටහැණිව යමින් 2011 වසරේ අප පවුලේ අය වැය පරතරය පළමුව ඉදිරිපත් කරමි.
පවුලේ ආදායම් - සාමාන්‍ය වාතාවරණය තුල 2011 වසරේ අප පවුලේ මාසික ආදායම රු. 19500/- කට නොවැඩි විය හැකිය. එයින් නිවාස ණය වාරිකය රු. 6000/- ක්ද, මෙම වර්ෂයේ ලබාගත් පාරිභෝජන ණය වාරිකය රු. 2200/- ක්ද අඩුකල විට රු. 11300/- ක මුදලක් අතට ලැබෙනු ඇතැයි උපකල්පනය ‍කෙරේ.

වියදම් - (පවත්නා උද්ධමන අනුපාතිකය මත මාසිකව)

ආහාර පාන සඳහා (ලෙව කෑමට ප්‍රමාණවත් පරිදි) - රු. 8900/-
කිරිපිටි (පොඩි එකාට පමණි) – 820/-
සනීපාරක්ෂාව සහ රූපලාවණ්‍ය - 900/-
සෞඛ්‍ය (ඔබතුමියගේ සහ දරුවාගේ පමණි) - රු 800/-
බලශක්තිය (විදුලිය+භූමිතෙල්) - රු. 1100/-
ජලය - රු. 600/-
සන්නිවේදන (දුරකථන+අන්තර්ජාල) - රු. 1800/-
ප්‍රවාහන (පෙට්‍රල්) – 3000/-
ආරක්ෂාව (උපත් පාලන පෙති) - රු. 90/-
සේවා ස්ථානයේ ටිකට් පොත්/යාචකයින්/සමිති සමාගම් - රු. 600/-
මගුල් ගෙවල්/මළ ගෙවල්/දානෙ ගෙවල් සහ ඥාති/මිතුරන්ගේ අතුරු ආන්තරා - 2000/-
අධ්‍යාපන (දරුවාගේ පමණි) - රු. 1500/-
විනෝදාත්මක (ඩී.වී.ඩී ‍2 යි/ගල් බාගයයි/පොත් 1යි/සිරිකත පත්තර 4යි/බින්දු පත්තර 4යි) – 1320/-
ඇඳුම් - අනපේක්ෂිතයි.
වෙනත් අනපේක්ෂිත වියදම් (යතුරු පැදියේ පැච් යාම/ ඉන්ෂුවරන්ස් නැතිව පොලිසියෙන් ඇල්ලීම/ නිවසේ උපකරණ හානිවිම/ මහ මගදී දරුවා සෙල්ලම් බඩු ඉල්ලීම///... වැනි) - රු. 1500/-

අපේක්ෂිත මුළු වියදම - රු. 24930/-
එම නිසා ඉදිරි වර්ෂයේ සාමාන්‍ය මාසික අයවැය හිඟය - රු. 13630/-

ගරු කතානායකතුමියනි,
ඉදිරි වර්ෂයේ සෑම මාසයකම මෙම අයවැය හිඟය සීයට හැත්තෑවකින් හෙවත් රුපියල් 9541/- කින් අඩු කිරීමට සහ, අප පවුලේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යෝජනා කර සිටිමි.

1. කිරිපිටි සීමා කෙරේ. මින්මතු ටී.වී එකේ පෙන්වන පරිදි පුරවා හැඳි දෙකක් දැමීම තහනම්ය. එමෙන්ම දැනට කරන ඉඳහිට හෝ මස් මාංශ අනුභවය නවතා දැමීමට යෝජනා කරමි.
2. ඇඳුම් සේදීම අවම කිරීම සඳහා එක ඇඳුම අමාරුවෙන් හෝ දින තුනක් ඇඳිමට යෝජනා කරමි. ගෙදර සිටින විට හැකිතාක් ඇඳුම් අඩුවෙන් සිටීම උචිතයි. අපේ වැසිකිළියට යන්නේ අප පමණක් බැවින් වැසිකිළිය පවිත්‍ර කිරීමට අළු යොදා ගත හැකිය. ෆෙයානස් ක්‍රීම් වැද්ද නොගන්නා අතර දත් මදිනු ලබන්නේ දිනකට එක් වරක් පමණි.
3. මින් මතු අසනීප වලදී ආණ්ඩුවේ ඩිස්පැන්සරියට යාමට හිත හදා ගන්නා මෙන් යෝජනා කරමි.
4. බලශක්තිය පිරිමැසීම සඳහා සියළු කාමර වලට එළිය වැටෙන පරිදි එක් බල්බයක් වහල මුදුනේ එල්වනු ඇත.
5. ජල භාවිතය අවම කෙරේ. නෑම සඳහා දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ.
6. මින් පසු එක එකාගේ මිස් කෝල් වලට කතා කිරීම තහනම්ය. අන්තර්ජාල භාවිතය සීමා කෙරේ. තෝරාගත් බ්ලොග් 10 ක් දිනපතා බැලීමට මා හට අවසර ඇති අතර මෙම බ්ලොගයට මාසිකව දාන පෝස්ට් ගණන දෙකකට සීමා කෙරේ.
7. පුෂ් බයිසිකලය නැවත භාවිතා කිරීමේ හැකියාව සොයා බැලේ.
8. ආරක්ෂක වියදම් ඉහල නැංවිමට යෝජනා කරමි. මේ තත්වයේ හැටියට වැරදිලාවත් තවත් එකෙකු බඩට ආවොත් වහකන්ඩ වෙන බැවින් පෙති අවසන්ව ඇති හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කොණ්ඩෝම සංචිතයක් පවත්වා ගැනීම පිණිස රු 100/- ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
9. නිවසේ ඉදිරි පස දොර වසා තැබීමට යෝජනා කරමි. එයින් අනවශ්‍ය යාචකයන් හා පිංපත්තර කරුවන් වාරණය කෙරේ.
10. දුරකථනය නිතර විසන්ධි කොට තබනු ලැබේ. එමගින් ඥ‍ාති මිත්‍රයන්ගේ හදිසි චාටර් වලට කර උර දීම අවම වේ. එමෙන්ම ඔවුන් අතේ දුරින් තබා ගැනීමද වැදගත්ය.
11. විනෝදාත්මක පිරිවැය සම්පූර්ණයෙන් කපා දමනු ලැබේ. මුදල් වියදම් වන ‘මත’ට තිත තබන අතර නිකන් ලැබෙන ‘මත’ සුළු පමණ අකැප නොවේ. විනෝදය පිණිස අයි.ටී.එන් නිව්ස්, ලයිව් ඇට් එයිට්, ඉරා අඳුරු පට වැනි විනෝදාත්මක වැඩසටහන් වලට හුරු විය යුතු අතර පබළු/අමන්දා වැනි ටෙලි නාට්‍ය කෙරෙහි ඇති අපුල ඉවත් කර ගැනේ. දරුවාට කුරුම්බැට්ටි වලින් කරන සෙල්ලම් ඉගැන්වීමට යෝජනා කරමි.

ගරු කතානායකතුමියනි,
ඉහත ප්‍රතිසංස්කරණ මගින් අප පවුලේ අය වැය පරතරය ඉලක්ක කල පරිදි පහත හෙළිය හැකි වනු ඇත. එහෙත් ඉදිරියේදී ඇතිවිය හැකි ආශ්චර්යමත් හදිසි උද්ධමන තත්වයන්හිදී මෙම ක්‍රියාමාර්ග සාර්ථකත්වයක් නොපෙන්වන්නේ නම් ගත හැකි හදිසි ආරක්ෂණ පියවරක් ඇති අතර, ඒ සඳහා පෙර සූදානමක් ලෙස නිකම් ඉන්නා වේලාවට ඔබගේ ශරීරයට කම්බි ඇණ, ඇල්පෙනෙති ආදීය ඇතුලත් කරගැනීමෙන් අදාල වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

ගරු කතානායකතුමියනි,
ඇත්ත වශයෙන්ම අපගේ සහශ්‍රක සංවර්ධන අභියෝග සහ ආශ්චර්යමත් පුංචි පවුල වැනි අනගි සංකල්ප මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අමතක කොට නැත. 2012 වසරේදී එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා, 2011 වසරේදී පණ ගැට ගසා ගැනීම පමණක් මෙම යෝජනාවලියේ අරමුණ වන්නේය.
අපිට සුබ අනාගතයක්!
ප/ලි - සෝපොත්තා වගේ ඉන්න දරුවාට ඉඳ හිට හෝ චීස් කෑල්ලක් දෙකක් දීම පිළිබඳව ඔබ මෙයට පෙරද මා සමඟ සාකච්ඡා කර ඇත. එහෙත් ඒ සඳහා ඉහත වැය ශීර්ෂයන්ගෙන් කපා දැමීමට ඉතිරිව ඇත්තේ ආරක්ෂක වියදම් පමණි. දරුවාගේ පෝෂණය ගැන සිතා ඔය කාර්යය සදහටම නවත්වා දැමීමට අපට හිත හදා ගත හැකිනම්, රජය බලාපොරොත්තු වන ආකාරයටම නිරෝගී පුෂ්ඨිමත් දරුවෙකු සමාජයට දායාද කිරීමට අප දෙදෙනාටම හැකි වනු ඇත.

43 comments:

  1. මචන් කියපන් මට මේක කියවලා අඬන්නද හිනාවෙන්නද . . ?

    මේක නේද අද අපේ රටේ බොහොමයක් (බොහොමයක් කිව්වට ජනගහනයෙන් 80% කගේ වගේ) ජීවිත් වල ඇත්ත තත්වය. . ?

    ඒත් මේ 80% ම නේද තමන් ව මේ තත්වයට පත්කර ගත්තේ . . .

    බුදු දහමට අනුව හිත හදාගනීමේ මාර්ගයක් ලෙස මේක අපේ කරුමය කියලා හිත හදා ගනිල්ලා කියනවා අර වෙන මොනා කියනන්ද කියලා හිතා ගන්න බෑ මචෝ . .

    ReplyDelete
  2. ane apoi ikkmanta mamath job katak hoya ganna one
    ape gedara awenuth oya sethama thama kiyanawa aththe

    ReplyDelete
  3. දුකා කිව්වත් වගේ ජනගහනයෙන් 80% කට මේක පොදු තත්වයක් තමයි.ඉස්සරනම් ඒ 80% ට රටේ ආදායමෙන් 20% ක් එනවා කියල න්‍යායක් තිබුන.දැන් බැලුවහම ඒ ගානත් 10% ට විතර බැහැලද මන්දා.
    මේ කතාව කිව්වහම ඔහොම ජීවත් වෙවී ඉන්න ගමන්, උන්ටම ආවඩන කෙනෙක් කියනවා,"ඔය සේරම බොරුනේ,අපේ රටේ කවුරුවත් බඩගින්නේ මැරිලා තියනවද තවම."

    ReplyDelete
  4. හපොයි.......! අපි පව්.........

    ReplyDelete
  5. බලන්න.

    රජයේ සේවකයින්ට දැහැටි දඬු පුක්ඛයේ ඇරීම | The Right Royal Screwing of Government Servants

    http://taboosubjects.wordpress.com/2010/11/24/207

    ReplyDelete
  6. එච්චර අවුලක් නෑ බං ජිවත් වෙන්න. මමනම් වියදම් කපා හැරිය නියමෙට.
    කිලෝමීටර් දෙකට අඩු දුර පා ගමනින් යාම.
    ත්‍රස්තවාදියෙක් වුණත් බත් කෑම අඩු කරල පාන් ගෙඩියක්‍ ගෙනල්ල උදේට භාගයයි රෑට භාගයයි කනව මාජරින් ගාල.
    ලොකුකම පැත්තකින් තියල පුඵවන් හැම විටම රබර් සෙරෙප්පු දෙකට බැසීම.
    ඇඳුම් ගණන කමිස 3 කට සහ කලිසම් දෙකකට සීමා කිරීම.
    යට ඇඳුම් දෙකක් විතරක් භාවිතයේ තබාගෙන හෝද හෝද ඇඳීම.
    කලිසම සතියේ දවස් පහම එක දිගටත් කමිසයක් දවස් දෙකකුත් නොසෝදා ඇඳීම.
    පැහර ගත් වහු පැටියන්ගෙන් අයිතියක් වන කිරි බීම නැවත්වීම.
    බෞද්ධයෙක් විදියට නිර්මාංශ ආහාර පමණක් ගැනීම.
    බස්වල යද්දි පූඵවන් හැම විටම ඉබ්බා ගැසීම.
    බඩගිනි හැදුණු පළියට කන්න නොයෑම. එයින් බඩද ටිකක් මට්ටු කරල තබාගත හැකි බව පෙනී ගියා.
    බස්වලදි කෝච්චි වලදි හිඟන්නන් කොයිතරම් බැන්නත් මාරු කාසි එකක්වත් ඔවුන්ට නොදීම.
    මැරෙන්න වැටුණ ලෙඩකදී හැර දොස්තරයන්ට ළඟට නොයෑම.
    බ්‍රහ්මචර්යාවේ යෙදීම.

    දැන් මාස ගාණක් තිස්සෙ මේ සියඵ උපක්‍රම භාවිතා කරනව. ඒත් එහෙම ජීවත් වෙලත් මාසෙ අන්තිමට රු.2000 ක් වත් කාට හරි ණයයි.

    ReplyDelete
  7. දුකා කියා ඇති ලෙසටම මෙයට හඬන්නද සිනාසෙන්නද කියා සිතාගත නොහැක. දූ දරුවන් දෙතුන් දෙනෙකු සිටින, පියා පමණක් රුපියල් දහ පහලොස්දාහක වැටුපක් ලබන පවුල් වල අය නොමැරී ජීවත්වීමම "ආසියාවේ ආශ්චර්ය" පරදන ආශ්චර්යක් නොවන්නේද?

    තත්වය එසේ තිබියදී, දිගින් දිගටම අතිශය අසාර්ථක වූ මිහින් ලංකා වැනි ආයතන සඳහාද, මිලියන ගණනින් මුදල් කබාසිනියා කරන පුහු උත්සව සඳහාද, මෙගා ඇමති මණ්ඩල නඩත්තුවටද තව තවත් ප්‍රතිපාදන සැපයීම සදාචාරයක් යාන්තමින් හෝ ගෑවී ඇති අයෙකුට අනුමත කල හැකිද?

    ReplyDelete
  8. ඒ තියා මේවට පට්ට කියල දාන්නත් බෑනේ... කොහොමත් උද්ගත වෙන තත්ත්වෙ හැටියට කතානායකතුමීටත් ඔය පෝස්ට් එකේ නැතිව ඇමතිකමක් හොයාගන්න වෙනවා...

    ReplyDelete
  9. Tikak iwasala inna. Asiyawe aschryaya langama enawa.Ethakota oya sopoththa wage inna daru petiyata onatharam cheese denna puluwan wei.Anika thamai rata sanwardhanaya wenna nam paramparawak dukwindinna onalu.Borunam mmenna meka http://kasapabbatha.blogspot.com/2010/11/blog-post_21.html balanna.Meka me Kasapabbatha kiyana kena liyala thiyenne.

    ReplyDelete
  10. නාමල් උඩලමත්තNovember 24, 2010 at 8:56 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. විපක්ශය මොකද කිව්වේ?

    This is one of the best posts I have ever read in Sinhala blogs. While understanding the situation, I am applauding for your creativity and your ability to be humorous under the circumstances.

    ReplyDelete
  12. කිව්වත් වගේ සිංහල බ්ලොග්අවකාශය තුළ දැක්ක හොදම ලිපියකි.ඒත් ඉතිං කියවලා අඩන්න තමයි වෙන්නෙ

    ReplyDelete
  13. චාමි, මම අද කිව්වා කියලා හිතාගන්ට.... ඔය විදිහට ගියොත්නම් කොට්ඨාශයේ ආශ්චර්යමත් පවුල කරා යන ගමන මේ කපේදි කරගන්ට ලැබෙන්නේ නෑ ඕං... තව පහලොස්දාහකවත් ණයක් අරන් අයවැය පරතරේ පියවල දාන්ට තිබුනනේ... ඉඩමක් උගස්කරල හරි... දැන් කරගෙන යන වැඩපිළිවෙල තවත් ඉදිරියට නොගෙන චාමිත් කරන්ට හදන වැඩ... ඔහොමනම් හරියන්නේ නෑ ගොයියෝ....
    අනිත් එක විනෝදාත්මක පිරිවැය කපාදැමීම... එහෙම කොහොමද ආශ්චර්යමත් පවුල වෙන්නේ... අඩු ගානේ මාසෙකට සැරයක්වත් ගෙදර පාටියක් තියන්ට පටන් ගන්ට වෙයි ඕං ආශ්චර්ය උදා වෙන්ට... ණය වෙලා හරි ඒකනම් කරන්ටම වෙනවා....
    ආ... පබළු, අමන්දා වගෙ එව්වා බලන්ට හිත හදාගත්තු එකනම් හොඳ ප්‍රවණතාවයක් කියන්ට පුළුවන් ඕං..

    ReplyDelete
  14. කම්මලේ බල්ලට හෙන ගැහුවට ගානක් නැහැ වහේ ලංකාවේ 80%( මම හිතන්නෙ දැන් 85%විතර ඇති ) දුප්පත් මිනිස්සුන්ට මොනව උන්ත දැන් ගානක් නැහැ. ඔහොම යං!ඔහොම යං!

    ReplyDelete
  15. තාම තනිකඩයි.ඒ නිසා සමහර වියදම් අදාල නෑ. ඒත් යුතුකම් වලට ඊට වඩා වැය වෙනවා.කොහොමත් මං කාලෙකින් කියවපු හොදම නිර්මාණය.

    ReplyDelete
  16. ඉතාම රසවත් නිර්මාණයක්... දුකා කියපු කාරණා වලට මාත් එකඟයි.. ඒත් 80% ක් ම නෙවෙයි.. 60% කට විතර මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ... අපි හැමෝම ආකල්පමය වශයෙන් තව බොහෝ දුරක් යන්න තියෙනවා කියලයි මට හිතෙන්නේ... රටේ පාලක පක්ෂය විතරක් නෙවෙයි විපක්ෂය තුලත් මේවාට විසඳුම් නැති බව මට නම් විශ්වාසයි... බොදු බහුතරයක් ඉන්න රටක බහුතරයක් හොරු කියලා කියන්න ලැජ්ජයි තමයි. ඒත් ඒ යථාර්ථය පිළි අරගෙන තමයි අපි රට හදන්න ලෑස්ති වෙන්න ඕනි.....

    වෙනදා අයවැය වලට වඩා මෙදා අයවැය හොඳයි කියන එක තමයි මගේ පුද්ගලික අදහස...

    ReplyDelete
  17. Why did you remove NAmal's comment?

    ReplyDelete
  18. එළ post එකක්...... ඒ වුනාට හිනාවෙවී රස විදින්න ද නැත්නම් අඩන්න ද කියල නම් හිතා ගන්න බෑ.......
    අද සමජයේ වැඩි දෙනෙකුගේ කත්න්දරය මේක තමයි සහෝ .... .....

    ReplyDelete
  19. 60% කට වඩා නම් දුක් විඳිනවා සහෝ...හොඳ නිර්මානයක්.ඒත් ඔයා ඔය කියන රු 1900/= ට වඩා අඩුවෙන් ගන්න අය කොච්චර ඉන්නවද? සමහර මිනිස්සු ඉන්නවා දවසට වේල් 2ක් කෑම කාලා ඉතුරු වේල වතුර විතරක් බීලා ඉන්න.ඒ මිනිස්සුන්ට මේ ඉහල යන බඩු වියදමත් එක්ක ලොකු පහරක් වදින්නෙ.මොනා වුනත් සහෝ 80% කතාවට මමත් එකඟයි.රජය කරන ක්‍රියාවලිය අනාගතයට හොඳයි.ඒත් ඒ අනාගතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.වැඩියෙන්ම නිර්ධන කරන පන්තියෙ මිනිස්සුන්ට.මොකද තාමත කෝටි ගනන් චංචා කරපු මිනිස්සු නිදැල්ලෙ නිසා...

    ReplyDelete
  20. මට නම් පවුලක් නෑ. තාම තනියෙන්. මෙහෙම යනකොට ඉස්සරහට පවුල් වෙලා කොහොමද? සොච්චම් පඩියෙන් පවුලක් නඩත්තු කරන්නේ කොහොමද ?

    ReplyDelete
  21. අනේ මන්දා මේ ඉන්න විදිය හොදයි ද කොහෙදෝ...... අපේ අම්මලාට කියන්න ඕනි දත කාගෙන මනමාලයෝ හොයන එක නවත්තන්න කියලා.......!!!! අපේ සමහරු කියන්නෙ බී ළුෑණු ගෙඩිය දවස් 2ක් ලිපට උඩින් එල්ලලා තියාගෙන තමා ළුෑණු දාන්නේ කියලා.......... ඇත්ත තමා.... තනි පඩියක් ගන්න උදවිය කොහොමද ජීවත් වෙන්නෙ?

    ReplyDelete
  22. මචෝ මේක මම අපේ බිත්ති පුවත්පතකට ගත්තා.. උඹ ගෙඩිපිටින් රයිට්ස් දීල තියෙන නිසා අවුලක් නෑනේ... උඹේ සයිට් යූආර්එල් එකත් යටින් දැම්මා... ඔන්න ලබන සඳුදා ට්‍රැෆික් වැඩි වෙලා පිස්සු කෙලියොත් මම නෑ.... :P

    ReplyDelete
  23. @ Anonymous (NAmal's comment?)
    එය නාමල් උඩලමත්ත නමින් එයට ඉහතින් ඇති Anonymous කමෙන්ට්කරුට පුද්ගලික අපහාස වන පරිදි පළකරන ලද්දකි. එය ඉවත් කරන ලද්දේ අශ්ලීල වදන් පිළිබඳ කරුණකට නොවන අතර, මෙම සංවාදයට දායක වූවෙකුට අපහාසාත්මක සිත් රිදවීමකට තුඩුදිය හැකි යමක් මෙම අඩවියේ ඇතුලත්වීම නුසුදුසු යයි සිතූ හෙයිනි.

    @ h,
    කිසි අවුලක් නෑ. ස්තුතියි මේක බෙදාගන්නවට.
    (ට්‍රැෆික් එන හින්දා ඉන්ෂූවරන්ස් එක හදාගන්න වෙයිද? :D)

    ReplyDelete
  24. හික් හික්... ඔක්කොම දමල ගහල බලය සහ ධනය තියන පවුලකට සැට් වුනා නම් හරිනෙ.. ඔය කවුරු කවුරුත් කොරන්නෙ...

    ReplyDelete
  25. The fate of this little island...

    ReplyDelete
  26. නියම පොස්ට් එක... මරු... ඔලුව අතගාල ටොක්කක් ඇනල තියෙනව......

    ඒ වුනාට අයවැය පරතරය අඩුකරගන්න එකතු වෙන්න ඕන කියල මම හිතන ප්‍රධානම ක්‍රමය ඇතුලත් වෙලා නැති එක ගැන පොඩ්ඩක් අස්පට්..

    නරකද අමතර ආදායමක් හො‍යාගන්න පුලුවන් ක්‍රමයක් ගැන යෝජනාවක් ඇතුළත් කලොත්... 100% ක් පරතරය අඩුකරන්න බැරිවුනත් ටිකක් ෂේප් කරගන්න පුලුවන් වෙයි...

    සාතන්ට පැන්ෂන් එකක්වත් නැති හින්ද කොහොම හරි ට්‍රයි කරන්නෙ කරන රස්සාවට අමතරව කීයක් හරි හොයාගන්න.. මොකද අන්ඩුවක් ඇවිත් මැජික් පෙන්නල අපිට සුරවිමනක් හදනව කියන එක විහිලුවක්....

    ReplyDelete
  27. @ සාතන්,
    ඒක හරි තමයි.

    (දැං එතකොට සාතන්ටත් 'රස්සාව' විතරක් කරලා ජීවත් වෙන්ඩ බෑ....? :D)

    ReplyDelete
  28. මේක අහල හිනා වෙනවට වඩා අඬන්නයි වෙන්නෙ. අපිට මෙහෙම වෙච්ච එකට එක අතකින් වගකියන්නත් ඕනෙ අපිම නේද?

    ReplyDelete
  29. සහෝ දෙන්න එපා යථාර්තයට උඩින් කපුටෙකුටවත් යන්න........

    ReplyDelete
  30. මසුරන් ලියමන. ලියාපු කටේ පාන් දාන්න වටිනවා.

    ReplyDelete
  31. this is really a good post..!!

    ReplyDelete
  32. oya vidihata aya waya paratharaya adu karata kawadawath ascharya yak karanna wenne na. wenne labana aurudde mewata amatharawa thawa monawa hari kapala aya waya paratharaya piyawanna. (andum wage deyak. samaharu nam danatamath ehemai wage kiyalath hithenawa.

    ReplyDelete
  33. Great
    another one please

    ReplyDelete
  34. ගරු කතානායකතුමියනි,
    මෙම යෝජනා මම අනුමත කරන අතර ආදායම වැඩි කර ගරැුැනීම සඳහා වෙනත යෝජනා කීපයක්ද එක් කරමි.
    ඒවා නම්,
    පවුල් තුළ සුළු පරිමාණයේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිම - ශරීරය විකිණීම වැනි
    අපට ණය ආධාර දුන් ආයතවලට පවුලේ ඔවුන් කැමැති අංශවල ආයෝජන කිරිමට අවස්ථාව ලබා දිම මගින් යම් කොමිස් මුදලක් ලබාගැනීම

    ReplyDelete
  35. kiya kiya indala wadak naha me kramaya wenas karanna sanwidanaya wemu

    ReplyDelete
  36. ගරු කතානායකතුමියනි,
    2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව අනුව අයවැය පරතරය පියවීම අප පවුලේ සොරකම්,අල්ලස් ලබාගැනීම සහ හිඟා කෑම නීතිගත කිරීමට යෝජනා කරමි.........
    ගරු කතානායකතුමියනි:- 2/3 යි.අනුමතයි........

    ReplyDelete
  37. උපරිමයි....
    නියම post 1ක්..
    මොකක් උනත් නියමෙට තියනවා..
    ඇත්තට හිනා වෙන්න ඕන උනත් දුක හිතෙනවා..අඩන්න ඕන උනත් හිනා යනවා..
    හරිම පටැලිලි සහගතයි

    ReplyDelete
  38. 2500 කාල ඇදල පව්ලකට ජිවත්වෙන්ඩ පුළුවන් මෙයා ............

    ReplyDelete